මෙහෙම වුනොත් ඔයාල මොනවද කරන්නෙ? (moral dilemmas)
මිනිස්සුන්ට ජීවිතේ ඇත්තටම සිද්ධ වුනොත් තීරණයක් ගන්න අමාරු වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට කරන දේ කෙනාගෙන් කෙනාට වෙනස්. මෙහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියල කට්ටියගෙ අදහස් දැනගන්න poll එකක් දාන්න හිතුවා.
ඔයාලා මේ ප්‍රශ්නෙ අහලත් ඇති මීට කලින්. මේක ප්‍රසිද්ධ moral dilemma එකක්. ඒ කියන්නෙ හරි වැරැද්ද නිගමනය කරන්න අමාරු situation එකක්.
The trolley problem
මේ ප්‍රශ්නෙ හැටියට අහන්නෙ අපි මෙහෙම වෙලාවක මොකද කරන්නෙ කියලා. මේකෙ versions කීපයක්ම තියෙනවා. මම මේ දාන්නෙ එකක්.
කන්දක් දිගේ පහලට වේගයෙන් විශාල ට්‍රොලියක් එනවා. කන්ද පාමුල මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. මොකක්හරි හේතුවක් නිසා එයාලට ඒ පාරෙන් අයින් වෙන්නත් බෑ. (එක්කො එයාල ට්‍රොලිය එනවා දකින්නෙ නෑ. එහෙම නැත්තන් එයාල හිර වෙලා ඉන්නෙ.) ට්‍රොලියට යටවුනොත් ඒ පස් දෙනාම මැරෙනවා.
අපිට පුලුවන් මේක නවත්තන්න. ට්‍රොලිය වෙන පාරකට හරවන්න පුලුවන් ස්විච් එකක් තියෙනවා. ඒකෙන් අපිට අර මිනිස්සුන්ව බේරන්න පුලුවන්. ලේසියි වගේ නේද?
ඒත් එහෙම ලේසි නෑ. දෙවැනි පාරෙත් එක මනුස්සයෙක් ඉන්නවා. අපි ට්‍රොලිය ඒ පාරට හැරෙව්වොත් ඒකට යටවෙලා එයා මැරෙනවා. අපිට ස්විච් එක දාල 5 දෙනෙක් බේරන්න පුලුවන්. හැබැයි එතකොට අපි අර අනික් පාරෙ හිටි මනුස්සයාව මැරුවා වෙනවා. අපි ඒක හැරෙව්වෙ නැත්තන් අපි මිනීමරුවෙක් වෙන්නෙ නෑ. ඒත් අපිට බේරගන්න පුලුවන්කම තිබුන 5 දෙනෙක්ම මැරෙනවා.
ඉතින් මෙහෙම වෙලාවකදි ඔයාල ගන්න තීරනේ මොකක්ද? ට්‍රොලිය අනික් පාරට හරවනවාද නැද්ද? එක මනුස්සයෙකුට වඩා 5 දෙනෙක් වටිනවද? අපිට කෙනෙක් බේරගන්න තවත් කිසිම වැරැද්දක් නැති කෙනෙක් මරන්න පුලුවන්ද?
ආ.. තව දෙයක්. මේ ප්‍රශ්නෙට අදාල කිසි කෙනෙක් අපි කලින් අඳුරන අය නෙවෙයි. ඒ වගේම අපි ට්‍රොලිය හරවලා අර මනුස්සයා මැරුනත් අපිට නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. වගකීම තියෙන්නෙ අපේම හෘද සාක්ෂියෙන් විතරයි.
What will be your decision? ඔයාලගෙ තීරණයට හේතු වුනේ මොනවද කියලත් මෙතන පොස්ට් කරන්න.