මෙහෙම වුනොත් ඔයාල මොනවද කරන්නෙ? (moral dilemmas)

මෙහෙම වුනොත් ඔයා

  • ස්විච් එක දාල ට්‍රොලිය දෙවෙනි පාරට හරවනවා.

    Votes: 28 63.6%
  • ස්විච් එක දාන්නෙ නෑ.

    Votes: 16 36.4%

  • Total voters
    44

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මෙහෙම වුනොත් ඔයාල මොනවද කරන්නෙ? (moral dilemmas)

මිනිස්සුන්ට ජීවිතේ ඇත්තටම සිද්ධ වුනොත් තීරණයක් ගන්න අමාරු වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට කරන දේ කෙනාගෙන් කෙනාට වෙනස්. මෙහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියල කට්ටියගෙ අදහස් දැනගන්න poll එකක් දාන්න හිතුවා.

ඔයාලා මේ ප්‍රශ්නෙ අහලත් ඇති මීට කලින්. මේක ප්‍රසිද්ධ moral dilemma එකක්. ඒ කියන්නෙ හරි වැරැද්ද නිගමනය කරන්න අමාරු situation එකක්.



The trolley problem

මේ ප්‍රශ්නෙ හැටියට අහන්නෙ අපි මෙහෙම වෙලාවක මොකද කරන්නෙ කියලා. මේකෙ versions කීපයක්ම තියෙනවා. මම මේ දාන්නෙ එකක්.

කන්දක් දිගේ පහලට වේගයෙන් විශාල ට්‍රොලියක් එනවා. කන්ද පාමුල මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. මොකක්හරි හේතුවක් නිසා එයාලට ඒ පාරෙන් අයින් වෙන්නත් බෑ. (එක්කො එයාල ට්‍රොලිය එනවා දකින්නෙ නෑ. එහෙම නැත්තන් එයාල හිර වෙලා ඉන්නෙ.) ට්‍රොලියට යටවුනොත් ඒ පස් දෙනාම මැරෙනවා.

අපිට පුලුවන් මේක නවත්තන්න. ට්‍රොලිය වෙන පාරකට හරවන්න පුලුවන් ස්විච් එකක් තියෙනවා. ඒකෙන් අපිට අර මිනිස්සුන්ව බේරන්න පුලුවන්. ලේසියි වගේ නේද?

ඒත් එහෙම ලේසි නෑ. දෙවැනි පාරෙත් එක මනුස්සයෙක් ඉන්නවා. අපි ට්‍රොලිය ඒ පාරට හැරෙව්වොත් ඒකට යටවෙලා එයා මැරෙනවා. අපිට ස්විච් එක දාල 5 දෙනෙක් බේරන්න පුලුවන්. හැබැයි එතකොට අපි අර අනික් පාරෙ හිටි මනුස්සයාව මැරුවා වෙනවා. අපි ඒක හැරෙව්වෙ නැත්තන් අපි මිනීමරුවෙක් වෙන්නෙ නෑ. ඒත් අපිට බේරගන්න පුලුවන්කම තිබුන 5 දෙනෙක්ම මැරෙනවා.

ඉතින් මෙහෙම වෙලාවකදි ඔයාල ගන්න තීරනේ මොකක්ද? ට්‍රොලිය අනික් පාරට හරවනවාද නැද්ද? එක මනුස්සයෙකුට වඩා 5 දෙනෙක් වටිනවද? අපිට කෙනෙක් බේරගන්න තවත් කිසිම වැරැද්දක් නැති කෙනෙක් මරන්න පුලුවන්ද?

ආ.. තව දෙයක්. මේ ප්‍රශ්නෙට අදාල කිසි කෙනෙක් අපි කලින් අඳුරන අය නෙවෙයි. ඒ වගේම අපි ට්‍රොලිය හරවලා අර මනුස්සයා මැරුනත් අපිට නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. වගකීම තියෙන්නෙ අපේම හෘද සාක්ෂියෙන් විතරයි.

What will be your decision? ඔයාලගෙ තීරණයට හේතු වුනේ මොනවද කියලත් මෙතන පොස්ට් කරන්න.
:):):)
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ට්‍රොලියට වඩා හයියෙන් දුවලා ගිහින් මම පැනලා ට්‍රොලිය නවත්තනවා.
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    lankawe hatiyatanam ona deyak wenna kiyala dakke naha wage maru wena eka thama hoda.
    accident ekakata mata sakshi denna gihin dawas ganak usawiye rasthiyadu una.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ට්‍රොලියට වඩා හයියෙන් දුවලා ගිහින් මම පැනලා ට්‍රොලිය නවත්තනවා.

    සිරාවට? ට්‍රොලියක් එහෙම නවත්තන්න බැහැ මචන්..
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එකෙන්ම ස්විච් එක දාල ට්‍රොලිය දෙවෙනි පාරට හරවනවා.
    මැරෙන එකා - කොලාටරල් ඩැමේජ්
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ට්‍රොලියෙ වෙගය අඩපණ කරන්න බාධකයක් යොදන්න පුලුවන් .
    5 දෙනෙක් හින්දා 1 නැතිවෙන්න දෙන්න බැ , 1 කෙනෙක් හින්දා 5 දෙනෙක්ට නැතිවෙන්න දෙන්නත් බැ ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙතන මොනා උනත් මනුස්ස ජීවිත දෙකක්. අපිට කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතය විනාස කරන්න අයිතියක් නැහැ. නමුත් අපිට මනුස්ස ජීවිත පහක් බේරගන්න අවස්ථාව තියෙද්දි එක මනුස්ස ජීවිතයක් හින්ද මනුස්ස ජීවිත 5ක් බිල්ලට දීල මුකුත් උන් නැහැ වගෙ බලාගෙන ඉන්න බැහැ. අපිට තියන එකම අවස්තා දෙක ඕකනම් මම තෝර ගන්නෙ ම්,අනුස්ස ජීවිත පහ බේර ගන්න ස්විච් එක. දැන් මගෙන් අහන්න එපා ඒ මනුස්සය මගෙ අම්ම උනොත් කියල...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ට්‍රොලිය නවත්වන්න කිසිම ක්‍රමයක් නැත්නම් ස්විච් එක දාන්නා වෙනවා
    1<5
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lankawe hatiyatanam ona deyak wenna kiyala dakke naha wage maru wena eka thama hoda.
    accident ekakata mata sakshi denna gihin dawas ganak usawiye rasthiyadu una.

    ඒකත් එහෙම තමයි. අපේ රටේ වෙන්නෙ පාරෙ මැරෙන්නෙ යන මිනිහෙක් ඉස්පිරිතාලෙ ගෙනියන මිනිහත් අමාරුවෙ වැටෙන වැඩ නෙ. :yes::yes:

    ට්‍රොලියට වඩා හයියෙන් දුවලා ගිහින් මම පැනලා ට්‍රොලිය නවත්තනවා.

    ඒව එකක්වත් කරන්න බෑ. ඔය කියපු option දෙක විතරයි තියෙන්නෙ. ඒව වලින් මොකක්ද කරන්නෙ කියල තීරනය කරන්න ඕන.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ට්‍රොලියෙ වෙගය අඩපණ කරන්න බාධකයක් යොදන්න පුලුවන් .
    5 දෙනෙක් හින්දා 1 නැතිවෙන්න දෙන්න බැ , 1 කෙනෙක් හින්දා 5 දෙනෙක්ට නැතිවෙන්න දෙන්නත් බැ ..

    වෙන කිසිම දෙයක් කරන්න බෑ. :no::no::no: එක්කො ස්විච් එක දානවා. නැත්තන් වෙන දෙයක් කියල ඉන්නවා. දෙකෙන් එකයි. ඒකනෙ මේක dilemma එකක් වෙන්නෙ.

    එකෙන්ම ස්විච් එක දාල ට්‍රොලිය දෙවෙනි පාරට හරවනවා.
    මැරෙන එකා - කොලාටරල් ඩැමේජ්

    මෙතන මොනා උනත් මනුස්ස ජීවිත දෙකක්. අපිට කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතය විනාස කරන්න අයිතියක් නැහැ. නමුත් අපිට මනුස්ස ජීවිත පහක් බේරගන්න අවස්ථාව තියෙද්දි එක මනුස්ස ජීවිතයක් හින්ද මනුස්ස ජීවිත 5ක් බිල්ලට දීල මුකුත් උන් නැහැ වගෙ බලාගෙන ඉන්න බැහැ. අපිට තියන එකම අවස්තා දෙක ඕකනම් මම තෝර ගන්නෙ ම්,අනුස්ස ජීවිත පහ බේර ගන්න ස්විච් එක. දැන් මගෙන් අහන්න එපා ඒ මනුස්සය මගෙ අම්ම උනොත් කියල...

    ට්‍රොලිය නවත්වන්න කිසිම ක්‍රමයක් නැත්නම් ස්විච් එක දාන්නා වෙනවා
    1<5

    ගොඩ දෙනෙක්ගෙ තීරණය මේක තමයි මං හිතන්නෙ. :yes::yes::yes: ඒත් ඇත්තටම එහෙම එකක් වුනොත් ඒක කරන්න තරම් හිතේ හයියක් මට තියෙයිද දන්නෙ නෑ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකනේ..මිනිස්සු පස් දෙනෙක් නිකන් මැරෙන්න යනව බලන් ඉන්නත් බෑ..එක මිනිහෙක් නිරපරාදේ මරන්නත් බෑ..මං ඔතන හිටියනම් එක මිනිහෙක් ඉන්න පැත්තට ඉක්මනටම ස්විච් එක දාල ඒක නවත්ත ගන්න අනිත් මිනිස්සු පස් දෙනාවත් එක්කාසු කරගෙන උත්සාහයක් ගන්නව ට්‍රොලිය නවත්තන්න..මිස් උනොත් එක මිනිහයි, හරි ගියොත් ජීවිත 6 යි..උත්තරයක්‌ නැති ප්‍රශ්නයක් නෑනෙ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ස්විච් එක දාල ට්‍රොලිය දෙවෙනි පාරට හරවනවා. ..............

    මේ ස්විච් එක තියෙන්නෙ ට්‍රොලියෙ වෙන්න ඕන.එහෙනම් මම ඉන්නෙත් ට්‍රොලියෙනෙ....
    මම ස්විච් එක දාලා අර තනි මිනිහට කෑ ගහලා කියනව අයින් වෙන්න කියලා.
    කොහොමත් පස් දෙනෙක් මරනයෙන් බේරා ගන්න එක වැඩිය වටිනවා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒ වෙලාවට මම මොන තීරණයක් ගනීද දන්නෙ නෑ.
    ඒත් මෙහෙම දෙයක් ගැන කලින් තීරනය කරන්න අමාරුයි.හිතන්නත් මම කැමති නෑ :dull::dull:
    සමහරවිට මොකුත් නොකර ඉඳියි
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මැරෙන්න ඉන්න 5 දෙනාට මැරෙන්න දෙනවා.. අහක යන එකෙක් මරලා වැඩක් නැහැ නෙ