[FONT=Malithi_Web]ගාල්ල - අහංගම - නාකන්ද ප්රදේශයට කඩා වැටුණු ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා සැහැල්ලූ යානයේ හිමිකරු හඳුනාගෙන තිබෙනවා. අහංගම පොලීසිය සදහන් කළේ එම පුද්ගලයා අද (04) උදෑසන පොලීසිය වෙත පැමිණ යානය තමාගේ බවට පිළිගෙන ඇති බවයි. මෙම සැහැල්ලූ යානය විදේශ රටකින් ගෙන්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.[/FONT]
[FONT=Malithi_Web]ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් අහංගම නාකන්ද ප්රදේශයේ පෞද්ගලික ඉඩමකට කඩා වැටුණේ ඊයේ පස්වරුවේයි. අදාළ සැහැල්ලූ යානයෙන් ලබා ගත් දර්ශන පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා එම යානය කොළඹ පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා. [/FONT]