දැන් බැංකු වලින් චෙක් කරනවා. උන්ඩියෙල් කරොත් අහු වෙනවා.
ලක්ෂ කීපයක් ට්රාන්ස්ෆර් වෙච්ච ගමන් උන් කෝල් කරලා හේතුව අහනවා.
සති 2 කට වගේ කලින් රෑ 8 ගානට මගේ යාලුවෙක්ට කෝල් එකක් ආව මන් ඉද්දීම. උගේ මාම UK. උන්ට මෙහෙන් ඉඩමක් ගන්න ඕන වෙලා ඔය විදියට කොටස් කොටස් සල්ලි එවල. (එහේ එකෙක්ට දීල, මෙහේ ඉන්න එකා කොටස් කොටස් නාදැයෝන්ට දානවා)
උන්දියෙල් කරන LKR බැංකුවට ආව ගමන් (ලක්ෂ 4 ගානක් වගේ පොඩ්ඩක්) සම්පත් එකෙන් කෝල් කරා, ඇයි ලංකාවේම කෙනෙක් මෙහෙම ගානක් දැම්මේ මොකක්ද හේතුව කියල.
අඩියක් ගහන ගමන් නේ හිටියේ

මූට වචන ටපළුන. මාලයක් හදන්න සල්ලි දාපුවා කියල කිව්වේ. අරුන් කිව්වා අමවුන්ට් එක හෝල්ඩ් කරනවා සැක සහිත නිසා, ඊළඟ දවසේ බැංකුවට එන්න කියල.
ඊට පස්සේ ගිහිං කතා කරලා බේරන් තිබ්බා. උන් කියල තිබ්බ මහා බැංකුවෙන් කියලලු ලංකාව ඇතුලෙන් වෙන ඒවා ඔක්කොම චෙක් කරන්න කියල ඔය උණ්ඩියේල් සීන් එක නිසා.