මේක නීති විරෝධී ඇයි???

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් බැංකු වලින් චෙක් කරනවා. උන්ඩියෙල් කරොත් අහු වෙනවා.
    ලක්ෂ කීපයක් ට්‍රාන්ස්ෆර් වෙච්ච ගමන් උන් කෝල් කරලා හේතුව අහනවා.

    සති 2 කට වගේ කලින් රෑ 8 ගානට මගේ යාලුවෙක්ට කෝල් එකක් ආව මන් ඉද්දීම. උගේ මාම UK. උන්ට මෙහෙන් ඉඩමක් ගන්න ඕන වෙලා ඔය විදියට කොටස් කොටස් සල්ලි එවල. (එහේ එකෙක්ට දීල, මෙහේ ඉන්න එකා කොටස් කොටස් නාදැයෝන්ට දානවා)

    උන්දියෙල් කරන LKR බැංකුවට ආව ගමන් (ලක්ෂ 4 ගානක් වගේ පොඩ්ඩක්) සම්පත් එකෙන් කෝල් කරා, ඇයි ලංකාවේම කෙනෙක් මෙහෙම ගානක් දැම්මේ මොකක්ද හේතුව කියල.
    අඩියක් ගහන ගමන් නේ හිටියේ 😬 මූට වචන ටපළුන. මාලයක් හදන්න සල්ලි දාපුවා කියල කිව්වේ. අරුන් කිව්වා අමවුන්ට් එක හෝල්ඩ් කරනවා සැක සහිත නිසා, ඊළඟ දවසේ බැංකුවට එන්න කියල.

    ඊට පස්සේ ගිහිං කතා කරලා බේරන් තිබ්බා. උන් කියල තිබ්බ මහා බැංකුවෙන් කියලලු ලංකාව ඇතුලෙන් වෙන ඒවා ඔක්කොම චෙක් කරන්න කියල ඔය උණ්ඩියේල් සීන් එක නිසා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තැබෑරුමකින් බොන්න හොදයි වෙන තැනකින් බොන්න නරකයි.

    මනි ලොන්ඩරින් කියන්නේ වෙන සීන් එකක් නේ බං.
    money laundering කරන්න පුලුවන් හින්ද බන් ... කොහෙන් හරි $ හොයාගන්නවා illegal විදිකින් .... ඒ කරලා LKR හරි වෙන එකකට හරි මාරු කරනවා bank වලින් නැතුව වෙන තැනකින් ... එතකොට record මුකුත් නැනේ ... $ illegal සල්ලි කියල හොයාගෙන ආවත් LKR වලට මාරු උනාට පස්සේ හොයන බැනේ ....
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේකේ කිසි අවුළක් නෑ, බලපත්‍ර ලාභී මුදල් මාරු කරන ආයතන මගින් මුදල් මාරු කරගන්න. විදේශ මුදල් ලංකාවේ එකෙක් ගේ ලෝකල් අකවුන්ට් එකකට හරි ලංකාවේදී අතට ලැබෙනවා නම් උන්ඩියල් නෙවෙයි. උන්ඩියල් කියන්නේ මොකෙක් හරි ලංකාවට මුදල් එවත්දී ඒ මුදල් විදේශ රටක එකෙක්ට දීල ඌගේ ඒජන්ට් මගින් ලංකාවේ මුදල් ලැබිය යුත්තාට දේශීය මුදලෙන් ගෙවීම, එතකොට සතයක්වත් ලංකාවට ලැබෙන්නේ නෑ.මේක අනෙත් පසටත් සිදුවෙනවා. විදේශීය නියෝජිතයා අදාළ රටේ ලියාපදිංචි නැත්නම් එකතුවෙන මුදල් කළු සල්ලි සහ ත්‍රස්තවාදය වෙනුවෙන් වැය කරන්න පුළුවන්, ඒ වගේම කප්පම් ගෙවීම් වගේ දේ වුවත් සිදුවෙන්න පුළුවන්. නීතිවිරෝධී ආනයන කෙරෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වෙළඳාම බහුල වශයෙන් උන්ඩියල් මගින් මුදල් සම්ප්‍රේෂණය කරනවා. උන්ඩියල් රටක ආර්ථිකයට සහභාගීවීමක් නැහැ, කලින් නීත්‍යානුකූලව එවූ මුදල් උන්ඩියල් මගින් ලැබීම නිසා ආර්ථික වර්ධනය අඩු වෙනවා. ලංකාවේ විදේශ සංචිතය අඩුවෙලා තියෙන නිසා මේ සල්ලි ඉතා වටිනවා. ඒ නිසයි රජය මගින් උන්ඩියල් සඳහා තදින් නීතියෙන් කටයුතු කරන්නේ.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    දැන් බැංකු වලින් චෙක් කරනවා. උන්ඩියෙල් කරොත් අහු වෙනවා.
    ලක්ෂ කීපයක් ට්‍රාන්ස්ෆර් වෙච්ච ගමන් උන් කෝල් කරලා හේතුව අහනවා.

    සති 2 කට වගේ කලින් රෑ 8 ගානට මගේ යාලුවෙක්ට කෝල් එකක් ආව මන් ඉද්දීම. උගේ මාම UK. උන්ට මෙහෙන් ඉඩමක් ගන්න ඕන වෙලා ඔය විදියට කොටස් කොටස් සල්ලි එවල. (එහේ එකෙක්ට දීල, මෙහේ ඉන්න එකා කොටස් කොටස් නාදැයෝන්ට දානවා)

    උන්දියෙල් කරන LKR බැංකුවට ආව ගමන් (ලක්ෂ 4 ගානක් වගේ පොඩ්ඩක්) සම්පත් එකෙන් කෝල් කරා, ඇයි ලංකාවේම කෙනෙක් මෙහෙම ගානක් දැම්මේ මොකක්ද හේතුව කියල.
    අඩියක් ගහන ගමන් නේ හිටියේ 😬 මූට වචන ටපළුන. මාලයක් හදන්න සල්ලි දාපුවා කියල කිව්වේ. අරුන් කිව්වා අමවුන්ට් එක හෝල්ඩ් කරනවා සැක සහිත නිසා, ඊළඟ දවසේ බැංකුවට එන්න කියල.

    ඊට පස්සේ ගිහිං කතා කරලා බේරන් තිබ්බා. උන් කියල තිබ්බ මහා බැංකුවෙන් කියලලු ලංකාව ඇතුලෙන් වෙන ඒවා ඔක්කොම චෙක් කරන්න කියල ඔය උණ්ඩියේල් සීන් එක නිසා.
    ඒකයි සමහරු අතටම ගිහින් දෙන්නේ. ගොඩක් උන් මාසේ පඩිය එවන්නේ ගෙදර මාසේ වියදමට. ඉතින් මෙහෙ උන්ඩියල් මෑන් ගෙදරටම ගිහින් දෙනවා. බැංකු ගෑවෙන්නේ නෑ