මැටි ගුලියක් තියනව නම් පෙන්නේ මැටි ගුලියක් .
මේකට තමයි සසර කියන්නේ. එතනින් එහා ටිකයි, ඇහෙන, දැනෙන ඒවායි අමතක කරලා ඇහෙන් පේනවා.. කියන POV එක විතරක් ගන්න දැන්. (දැනීම් පැත්තකට දාන්න කිව්වහම ඇහැක් තියෙනවා කියලා දැනෙන්නෙත් නැ)
මැටි කියන්නේ ඔයා දාගත්ත නමක්නේ. පේන දේකට දාගත්ත නමක්. 'මැටි' කියන්නේ පෙනිමේ ඇතුලේ *එකකට* දාපු නමක්.
ඔයා ඉපදිච්ච දවසේ ඉදන් පේන්නේ *සුදු* විතරයිනම් ඔයාට *සුදු* කියලා දෙයක් දැනගන්න හදුනගන්න පුලුවන්ද?
බැහැ. හැමතිස්සෙම *වෙනසක්* තමයි දැනගන්න පුලුවන්.
දැන් ඔයාට සුදුයි, කලුයි දෙකම පේනවා. දැන් සුදු ට සාපේක්ෂව කලු දැනගන්නයි, කලුට සාපේක්ෂව සුදු දැනගන්නයි පුලුවන්.
'කලු' 'සුදු' කියන්නේ වෙනසට දාපු නමක්.
'සුදු' දැනගන්න පුලුවන් වෙන්නෙම සුදු නොවන බවකට සාපේක්ෂව. ඒවගේමයි කලුත්.
ඔයා ඉපදිච්ච දවසේ ඉදන් දාගත්ත නම් ඔක්කොම අමතක කරන්න දැන්. හැම දැනුමක්ම..
ඔයාට පෙනීම ඇතුලේ මොහොතෙන් මොහොත *වෙනස්වීම* ඇරෙන්න වෙන දෙයක් දැනගන්න පුලුවන් පෙනීම, ඇසීම, දැනීම තුල?
දැන් පෙනීම කියන වචනෙත් අමතක කරන්න..
*මැටි* *තියෙනවද* දැන්? නැත්තම් මැටි කියලා, ඊට ප්‍රතිවිරුද්ධ බව කට සාපේක්ෂව දැනගන්න පුලුවන් බව ක් (වෙනසක්) සන්සන්දනයක් ඇතුලේ දැනගත්තද?
දැන් මේක තියෙන දෙයක් හරි, නැති දෙයක් හරි, ඇත්තට තියෙන දෙයක් හරි, ඇත්තට නැති දෙයක් හරි, මායාවක් හරි, මායාවක් නොවන දෙයක් හරි.. අඩුම තරමේ *මොකක්හරි* කියලා කියන්න පුලුවන්ද?