මචන් ටිකක් දිග උත්තරයක් සාරාංශ කරල කියන්නන්.
ලංකාවේ රාජ්‍ය සම්ප්රදායේ මූලික දේ තමා ලෝ සසුන් බැබලවීම.
99% රජවරු ඔය සම්ප්රදාය වෙනස් කරේ නෑ. ලෝකය වෙනුවෙන් කරන්න තියෙන උපරිමය කරා. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස්සුන්ට ගෙවල් හදල දීල ඉඩම් බෙදල ඔප්පු දීල රට දියුණු කරා කියන එකෙ නෙවෙයි. දස දහස් ගාණක් වැව් හදල දීල තමා එහෙම කරේ.
ලංකාවටම තිබ්බ න්‍යාය පත්‍රයක් ඒක මොන රජතුමා රජකම් කරත් ඒක වෙනසක් කරේ නෑ. දුටුගැමුණු රජතුමාගේ පටන් අවසාන සිංහල රජු වෙනකන් ඔය සම්ප්‍රදායන් කැඩුනෙ නෑ. මහා සම්මත මනු ඔක්කාක රජ පරම්පරාවෙන් ආපු මහාවංශය සහ සුළු වංශය වරින් වර රට පාලනය කරා වරින් වර ඔය කියන සම්ප්රදාය යටතේ.
යුරෝපයේ හිටපු රජවරු සහ ලංකාවෙ රජවරු අතර වෙනස්කම් ගොඩක් තියෙනව අපේ ඇහට පේන එක වෙනසක් තමා මාළිගා. යුරෝපයේ රජවරු තමන්ට ඉන්න මාළිගා හදනකොට අපේ රජවරු දළදාවහන්සේට වැඩ ඉන්න කල්පවතින මාළිගා නිර්මාණය කරා. ලංකාවේ ඕනිම ඉතිහාස යුගයකින් නටඹුන් කියල හම්බ වෙන්නෙ ශාසනික සේවාවන්.
සිව්මහල් ප්‍රාසාද සනීපාරක්ෂක පද්ධති තිබෙන දියුණුම හොදම ක්‍රම වේදයට පාවිච්චි කරල හදල දුන්නෙ සසුන ආරක්ෂා වෙන්න. ඒකයි රෝමය චීනය වහල්ලු පාවිච්චි කරල නිර්මාණ කරද්දි දුටුගැමුණු රජතුමා කහවණු බෙදල දිල රුවන්මැලි මහ සෑය ලෝවමහා පාය නිර්මාණය කරන්නෙ.
නියගකාලෙට දුර්භික්ෂ කාලෙට පාන් නැත්තන් කේක් කාපල්ල නොකිය මම යටවෙනකන් වැහැල මේ දුර්භික්ෂය අවසාන වෙනකන් නොනැගිටමි කියල රට වැසියන් වෙනුවෙන් රජතුමා රුවන්වැලි සෑ මලුවෙ සත්‍යක්‍රියා කරා. හැම වෙලාවෙම රජවරු කල්පනා කරේ ඉරහද පවතින තුරු පවතින මාළිගා හදන්න නෙවෙයි ලෝකය සාසනය ආරක්ෂා කරන්න.
එතකොට රටවැසිය තුලත් තිබ්බෙ ඔය කියන අදහස්වලින් සමන්විත චින්තනයක් ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරේ සාසනයත් සාසනය රකින ජාතියත් ජාතිය රකින රටත් ආරක්ෂා කරන්න.ඕනිම ගෙදරක හැම වෙලාවෙම කැවුම් මල්ලත් මුවහත් කරපු කඩුවත් සූදානම්. රජතුමා ශාසනය ආරක්ෂා කරනව නන් ඔවුන් රජතුමා රැක්ක නැත්තන් රට රැක්ක. එහෙම උදාහරණ ඕනි තරම් තියෙනව. ලංකාවෙ තිබ්බ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් කියල නොදන්න අය කිව්වට ඒක එහෙම නෙවෙයි තිබ්බෙ හැම මනුස්සයම බුද්ධ නීතියෙන් හදපු රාජ සම්ප්‍රදායට ගරු කිරීමක්. ලංකාවට තිබ්බ ඇජෙන්ඩ එකක් ඒක තමා සම්ප්රදායක් විදියට ආරක්ෂා කරේ. 2500 එක දිගට එහෙම නොතිබ්බ නන් රට පාලනය කරන්න බෑ. ඔය කියන සම්ප්‍රදායෙන් පිට පැන්න හැම වෙලාවෙම ලංකාව විනාශ උනා. ඉතිහාසයෙත් යම් යම් රජවරු එහෙම නොකල අවස්තාවල රටේ අවුල් වියවුල් ඇති උනා.
ඔය ටික ම්ම කිව්වෙ දළ අදහසක් ගන්න කොහොමද සහ මොන විදියක් යටතෙද රට පුරා වෙහෙර විහාර ඇති උනේ රාජ මාළිගා වෙනුවට දළදාමාලිගා වැව් ඉතිරු උනේ කියන්න.
අහල ඇති නේද කතාවක් මගුල් ඇතා ගිහින් රජතුමා තෝරගන්නව කියල හරි උරුමක්කාරයෙක් ඉදියෙ නැත්තන්. ඒ සම්ප්‍රදායට විරුද්ධව කැරලිගහපු එක තැනක් හරි අහල නැත්තෙ මෙන්න මේ තෝරගන්න හෝ කිසියම් ක්‍රමයකට පත්වන රජතුමා මොන බල අරගල කරත් වග කියන්නෙ දළදා හාමුදුරුවන්ට ජයසිරිමහා බෝධියට දිවුරුම් දෙන්නෙ මේ පුජාවස්තූන් වලට. රටේ රජතුමා වගකියන්නෙ දළදාවට නන් රට වැසියට එතනින් එහාට ආයෙ රජතුමාගෙ වරිගෙ වැඩක් නෑ. එහෙම නොවුනොත් රටවැසිය කැරලි ගහනව මහාවංශයේ ඕනි තරම් එහෙම අවස්තාවලට උදාහරණ තියෙනව.
වර්තමානය වෙනකොට ඔය කියන සම්ප්රදාය තියෙන්නෙ පොත්වල සහ අපිව පාලනය කරන්නෙ දළදාවහන්සේට වග කියන පාලකයන් නෙවෙයි. නමුත් යම් තාක් දුරකට රටවැසියන් තාම පෙර සම්ප්‍රදායෙන් මිදිල නෑ. ඒක ඔවුන්ට උරුම වෙලා තියෙනව. මෙන්න මේ කාරනාව නිසා වර්තමාන පාලකයන්න රට වැසියන් ඉදිරියේ රගපෑමක් කරන්න වෙලා තියෙනව මම සිංහල බෞද්ධ කියල. 1815න් පස්සෙ රට පාලනය කරපු සියලුම නායකයන් විටින් විට මම සිංහල බෞද්ධ සම්ප්‍රදායට උදව්කරනව කියල පෙන්නන ගමන් ඒ සම්ප්‍රදායන් විනාශ කරන්න තමා කටයුතු කරන්නෙ. මොකද ඒ සම්ප්රදාය පවතිනකන් මේ රටේ මිනිස්සුන්ව බටහිර ක්‍රමයට හරවන්න අමාරුයි. විජේවීරලගෙ විප්ලවය නොදිනන්න ප්‍රදාන වශයෙන්ම බල්පෑවෙ ඔය ඉතුරු වෙලා තිබ්බ සම්ප්රදාය ගමක මිනිස්සුන්ට අගහිග නෑ ඒ කාලෙ හාල් ටික පොල්ටික වත්තෙන් ලැබුන ඒව මොකවත් නැත්තන් කොස් ගහ තිබ්බ චින්තන නිදහස උපරිමයෙන් තිබ්බ ගමේ පන්සලේ මූලිකත්වයෙන් හැම පොදු වැඩක්ම අඩුපාඩුවක් නැතුව කෙරුන ඒකාලෙ වෙනකොටත්.
ඔන්න ඔය කියන කරුණු කාරණාත් එක්ක බලනකොට දේශපලකයන්ට ලංකාව පාලනය කරන්න නන් විදි දෙකයි තියෙන්නෙ එකක් දළදාවට වග කියනවද නැත්තන් එහෙම කරනව කියල රගපානවද.දේශපාලකයන් තෝරාගන්නෙ දෙවනි එක. ඒක නිසා මහින්ද රජපක්ෂ, ප්‍රේමදාස වගේ මොන ජනනායකයත් කරේ ආත්ම වංචාව. සදගිරි සෑයවත් මහවැලි සෑයවත් පිරිසිදු අරමුණකින් කරපුව නොවෙන්න තියෙන ඉඩ 99%යි, මේ කියන තත්වයන් යටතේ. එහෙම නොවී කරන වැඩ වල කල්පැවැත්ම තමා දැන් අපේ ඇස්පනා පිට පෙන්න තියෙන්නෙ.
ටිකක් ඉදල ඇයි ගඩොල්වලින් ගෙවල් නොහද මහසෑයවල් බැන්දෙ කියල කියන්නන්.