මේ අහපල්ලකෝ..........

Jul 5, 2012
1,773
265
0
ඉදිරියේ රාළ;20131892 said:

ඔතන හුදෙක්ම පිනට එහා ගිය කතන්දරයක් තියෙනවා. අටමස්ථානය කියන්නෙ මහ රහතන් වහන්සේලා සීමා කරලා අධිෂ්ඨාන බල පිහිටවපු තැනක්. ඒ සීමාවට පිටින් ඕන දෙයක් කළාට කමක් නෑ පින් ලැබෙයි. ඒත් රහත් අධිෂ්ඨානයට අභියෝග වෙන දෙවල් වලට අත ගැසීම පිනක්ද මන්දා ?

අනෙ මූ වගේ මෝඩ් මූසල හෝ හපුටුවෙක්. මූ බුද්ධාගමේ නමට ඉපදෙච්ච හරක් රජෙක්. මුං තමයි බුද්ධාගමේ පරිහාණිය වෙගවත් කරන්නෙ.
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,042
    113
    මේ සංවාදය ආයෙම පටන්ගත්තොත් හොදයි වගේ..කතාව වෙනම පැත්තකට ඇදුන වගේ බං.මෙක අයෙත් කියවල වෙනම පොටකින් පටංගමුද?
    "

    අනුරාධපුර අලුතෙන් හදන සඳහිරු සෑය ගැන උබලගෙ අදහස් දැනගන්න කැමතියි. මට හිතෙන විදියට මේ වෙනකොට ලංකවෙ අලුතෙන් හදපු ගොඩක් පිලිම වහන්සේලා සහ තවත් ඒ වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන ආකර්ශනයට වඩා අපේ අනුරාධපුරේ තියන රුවන්වැලි සෑය වගේ දේවල් වලට තියන පූජනීයත්වය ගොඩක් ඉහලයි වගේම ඒවා අසමසමයි. මට නිකමට හිතෙනවා ඒ ගඩොල් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න තිබුන නේද කියල. අනිත් එක ඒ සෑය හදන අරමුණ විදියට පැහැදිලි කරන්නෙ යුද්ධය හෝ රණවිරුවන් සිහිපත් කිරීම වගේ එකක්. ඒකද මේ පූජනීය දේකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන කියන ප්‍රශ්නෙ තමයි මට තියෙන්නෙ. සංවාදයට විවෘත්තයි......දේශපාලනේ ගාවගත්තෙ නැත්තන් ගොඩක් වටිනව මං හිතන්නෙ.
    මචන් ටිකක් දිග උත්තරයක් සාරාංශ කරල කියන්නන්.

    ලංකාවේ රාජ්‍ය සම්ප්‍රදායේ මූලික දේ තමා ලෝ සසුන් බැබලවීම.
    99% රජවරු ඔය සම්ප්‍රදාය වෙනස් කරේ නෑ. ලෝකය වෙනුවෙන් කරන්න තියෙන උපරිමය කරා. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස්සුන්ට ගෙවල් හදල දීල ඉඩම් බෙදල ඔප්පු දීල රට දියුණු කරා කියන එකෙ නෙවෙයි. දස දහස් ගාණක් වැව් හදල දීල තමා එහෙම කරේ.

    ලංකාවටම තිබ්බ න්‍යාය පත්‍රයක් ඒක මොන රජතුමා රජකම් කරත් ඒක වෙනසක් කරේ නෑ. දුටුගැමුණු රජතුමාගේ පටන් අවසාන සිංහල රජු වෙනකන් ඔය සම්ප්‍රදායන් කැඩුනෙ නෑ. මහා සම්මත මනු ඔක්කාක රජ පරම්පරාවෙන් ආපු මහාවංශය සහ සුළු වංශය වරින් වර රට පාලනය කරා වරින් වර ඔය කියන සම්ප්‍රදාය යටතේ.

    යුරෝපයේ හිටපු රජවරු සහ ලංකාවෙ රජවරු අතර වෙනස්කම් ගොඩක් තියෙනව අපේ ඇහට පේන එක වෙනසක් තමා මාළිගා. යුරෝපයේ රජවරු තමන්ට ඉන්න මාළිගා හදනකොට අපේ රජවරු දළදාවහන්සේට වැඩ ඉන්න කල්පවතින මාළිගා නිර්මාණය කරා. ලංකාවේ ඕනිම ඉතිහාස යුගයකින් නටඹුන් කියල හම්බ වෙන්නෙ ශාසනික සේවාවන්.
    සිව්මහල් ප්‍රාසාද සනීපාරක්ෂක පද්ධති තිබෙන දියුණුම හොදම ක්‍රම වේදයට පාවිච්චි කරල හදල දුන්නෙ සසුන ආරක්ෂා වෙන්න. ඒකයි රෝමය චීනය වහල්ලු පාවිච්චි කරල නිර්මාණ කරද්දි දුටුගැමුණු රජතුමා කහවණු බෙදල දිල රුවන්මැලි මහ සෑය ලෝවමහා පාය නිර්මාණය කරන්නෙ.
    නියගකාලෙට දුර්භික්ෂ කාලෙට පාන් නැත්තන් කේක් කාපල්ල නොකිය මම යටවෙනකන් වැහැල මේ දුර්භික්ෂය අවසාන වෙනකන් නොනැගිටමි කියල රට වැසියන් වෙනුවෙන් රජතුමා රුවන්වැලි සෑ මලුවෙ සත්‍යක්‍රියා කරා. හැම වෙලාවෙම රජවරු කල්පනා කරේ ඉරහද පවතින තුරු පවතින මාළිගා හදන්න නෙවෙයි ලෝකය සාසනය ආරක්ෂා කරන්න.
    එතකොට රටවැසිය තුලත් තිබ්බෙ ඔය කියන අදහස්වලින් සමන්විත චින්තනයක් ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරේ සාසනයත් සාසනය රකින ජාතියත් ජාතිය රකින රටත් ආරක්ෂා කරන්න.ඕනිම ගෙදරක හැම වෙලාවෙම කැවුම් මල්ලත් මුවහත් කරපු කඩුවත් සූදානම්. රජතුමා ශාසනය ආරක්ෂා කරනව නන් ඔවුන් රජතුමා රැක්ක නැත්තන් රට රැක්ක. එහෙම උදාහරණ ඕනි තරම් තියෙනව. ලංකාවෙ තිබ්බ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් කියල නොදන්න අය කිව්වට ඒක එහෙම නෙවෙයි තිබ්බෙ හැම මනුස්සයම බුද්ධ නීතියෙන් හදපු රාජ සම්ප්‍රදායට ගරු කිරීමක්. ලංකාවට තිබ්බ ඇජෙන්ඩ එකක් ඒක තමා සම්ප්‍රදායක් විදියට ආරක්ෂා කරේ. 2500 එක දිගට එහෙම නොතිබ්බ නන් රට පාලනය කරන්න බෑ. ඔය කියන සම්ප්‍රදායෙන් පිට පැන්න හැම වෙලාවෙම ලංකාව විනාශ උනා. ඉතිහාසයෙත් යම් යම් රජවරු එහෙම නොකල අවස්තාවල රටේ අවුල් වියවුල් ඇති උනා.

    ඔය ටික ම්ම කිව්වෙ දළ අදහසක් ගන්න කොහොමද සහ මොන විදියක් යටතෙද රට පුරා වෙහෙර විහාර ඇති උනේ රාජ මාළිගා වෙනුවට දළදාමාලිගා වැව් ඉතිරු උනේ කියන්න.

    අහල ඇති නේද කතාවක් මගුල් ඇතා ගිහින් රජතුමා තෝරගන්නව කියල හරි උරුමක්කාරයෙක් ඉදියෙ නැත්තන්. ඒ සම්ප්‍රදායට විරුද්ධව කැරලිගහපු එක තැනක් හරි අහල නැත්තෙ මෙන්න මේ තෝරගන්න හෝ කිසියම් ක්‍රමයකට පත්වන රජතුමා මොන බල අරගල කරත් වග කියන්නෙ දළදා හාමුදුරුවන්ට ජයසිරිමහා බෝධියට දිවුරුම් දෙන්නෙ මේ පුජාවස්තූන් වලට. රටේ රජතුමා වගකියන්නෙ දළදාවට නන් රට වැසියට එතනින් එහාට ආයෙ රජතුමාගෙ වරිගෙ වැඩක් නෑ. එහෙම නොවුනොත් රටවැසිය කැරලි ගහනව මහාවංශයේ ඕනි තරම් එහෙම අවස්තාවලට උදාහරණ තියෙනව.

    වර්තමානය වෙනකොට ඔය කියන සම්ප්‍රදාය තියෙන්නෙ පොත්වල සහ අපිව පාලනය කරන්නෙ දළදාවහන්සේට වග කියන පාලකයන් නෙවෙයි. නමුත් යම් තාක් දුරකට රටවැසියන් තාම පෙර සම්ප්‍රදායෙන් මිදිල නෑ. ඒක ඔවුන්ට උරුම වෙලා තියෙනව. මෙන්න මේ කාරනාව නිසා වර්තමාන පාලකයන්න රට වැසියන් ඉදිරියේ රගපෑමක් කරන්න වෙලා තියෙනව මම සිංහල බෞද්ධ කියල. 1815න් පස්සෙ රට පාලනය කරපු සියලුම නායකයන් විටින් විට මම සිංහල බෞද්ධ සම්ප්‍රදායට උදව්කරනව කියල පෙන්නන ගමන් ඒ සම්ප්‍රදායන් විනාශ කරන්න තමා කටයුතු කරන්නෙ. මොකද ඒ සම්ප්‍රදාය පවතිනකන් මේ රටේ මිනිස්සුන්ව බටහිර ක්‍රමයට හරවන්න අමාරුයි. විජේවීරලගෙ විප්ලවය නොදිනන්න ප්‍රදාන වශයෙන්ම බල්පෑවෙ ඔය ඉතුරු වෙලා තිබ්බ සම්ප්‍රදාය ගමක මිනිස්සුන්ට අගහිග නෑ ඒ කාලෙ හාල් ටික පොල්ටික වත්තෙන් ලැබුන ඒව මොකවත් නැත්තන් කොස් ගහ තිබ්බ චින්තන නිදහස උපරිමයෙන් තිබ්බ ගමේ පන්සලේ මූලිකත්වයෙන් හැම පොදු වැඩක්ම අඩුපාඩුවක් නැතුව කෙරුන ඒකාලෙ වෙනකොටත්.

    ඔන්න ඔය කියන කරුණු කාරණාත් එක්ක බලනකොට දේශපලකයන්ට ලංකාව පාලනය කරන්න නන් විදි දෙකයි තියෙන්නෙ එකක් දළදාවට වග කියනවද නැත්තන් එහෙම කරනව කියල රගපානවද.දේශපාලකයන් තෝරාගන්නෙ දෙවනි එක. ඒක නිසා මහින්ද රජපක්ෂ, ප්‍රේමදාස වගේ මොන ජනනායකයත් කරේ ආත්ම වංචාව. සදගිරි සෑයවත් මහවැලි සෑයවත් පිරිසිදු අරමුණකින් කරපුව නොවෙන්න තියෙන ඉඩ 99%
    යි, මේ කියන තත්වයන් යටතේ. එහෙම නොවී කරන වැඩ වල කල්පැවැත්ම තමා දැන් අපේ ඇස්පනා පිට පෙන්න තියෙන්නෙ.

    ටිකක් ඉදල ඇයි ගඩොල්වලින් ගෙවල් නොහද මහසෑයවල් බැන්දෙ කියල කියන්නන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙළයෙක්;20134779 said:
    මචන් ටිකක් දිග උත්තරයක් සාරාංශ කරල කියන්නන්.

    මචං මේ ත්‍රඩ් එකේ දාපු හොඳම රිප්ලයි එක.
    අද කලේ ඉන්න බට්ටෝ බැට්ටියෝ මේවා දන්නේ නැ.
    ඉතින් විකාර හිතේ තියාගෙන නං දොඩවනවා
    උඹට ගොඩක් ස්තුතියි පැහැදිලි කරාට.
    තොප්පි චමින්දගෙන් රේප්+++++++++
     
    සිරාවටම , ඌ කියන්න ඕන ඔක්කොම ටික ටක්කෙටම කියල තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;20134779 said:
    වී කරන වැඩ වල කල්පැවැත්ම තමා දැන් අපේ .දේශපාලකයන් තෝරාගන්නෙ දෙවනි එක. ඒක නිසා මහින්ද රජපක්ෂ, ප්‍රේමදාස වගේ මොන ජනනායකයත් කරේ ආත්ම වංචාව. සදගිරි සෑයවත් මහවැලි සෑයවත් පිරිසිදු අරමුණකින් කරපුව නොවෙන්න තියෙන ඉඩ 99%යි, මේ කියන තත්වයන් යටතේ. එහෙම නොඇස්පනා පිට පෙන්න තියෙන්නෙ.
    මේවනම් අමු කුහක කතා, මහනුවර රාජධානියෙන් කාලෙවත් මහ සෑයක් හැදුවද??? ප්‍රේමදාස සහ ගාමිනි දිසානායක මහවැලිමහ සෑය හදන්න පටන් ගන්න කම් මෑත ඉතිහාසයේ කොහෙද එහෙම එකක් හදල තිබ්බෙ???? ඉට පස්සෙ කාලෙක මහින්ද සදහිරු සෑය හදන්ඩ පටන් ගත්ත. වැඩක් කරන්ඩ පටන් ගත්ත මිනිස්සු කරේ ආත්ම වoචාව මෙලොකෙ වැඩක් පටන් ගත්ත නැති අනිත් පාලකයො ඔක්කොම හරිම හොද මිනිස්සු, කුහක වෙන්ඩ එපා බන්. වැඩක් කරපු මිනිස්සුන්ට ගරු කරන්ඩ පුරුදු වෙයන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ ඉතිං දෙපැත්තක් තියෙනව බන්. ඔය ගඩොල් ටිකෙන් ගෙවල් ටිකක් හදල දුන්නනං කියලත් හිතෙනවා. හැබැයි ඉස්සර හිටපු රජවරුත් එහෙම කරා නං අපිට සුද්දෙක්ටවත් පෙන්නන්න කිසි දෙයක් නැති වෙනව අපේ කියල. දෙකම බැලන්ස් කරගෙන කරා නං හරි. මෑතකාලේ ඔහොම දෙයක් කරේ නැති නිසා අවුලකුත් නෑ. අනික වෙන වැඩත් කරන ගමන් නෙ ඕක කරේ. ඔන්න අර ඊජිප්තුවේ වගේ රටේ තියෙන ඔක්කොම සල්ලි වියදන් කරල ආගම රකින්න කියල මේවා හද හද හිටියනං වැරදි :yes:
     
    මේවනම් අමු කුහක කතා, මහනුවර රාජධානියෙන් කාලෙවත් මහ සෑයක් හැදුවද??? ප්‍රේමදාස සහ ගාමිනි දිසානායක මහවැලිමහ සෑය හදන්න පටන් ගන්න කම් මෑත ඉතිහාසයේ කොහෙද එහෙම එකක් හදල තිබ්බෙ???? ඉට පස්සෙ කාලෙක මහින්ද සදහිරු සෑය හදන්ඩ පටන් ගත්ත. වැඩක් කරන්ඩ පටන් ගත්ත මිනිස්සු කරේ ආත්ම වoචාව මෙලොකෙ වැඩක් පටන් ගත්ත නැති අනිත් පාලකයො ඔක්කොම හරිම හොද මිනිස්සු, කුහක වෙන්ඩ එපා බන්. වැඩක් කරපු මිනිස්සුන්ට ගරු කරන්ඩ පුරුදු වෙයන්.

    සෑයක් අංගසම්පූර්ණ වෙලා ඒ උතුම් වස්තුව තුන්ලොවක් වන්දනා කරන චෛත්‍යයක් බවට පත් වෙනව නම්, ඒකෙන් ශාසනයට චිරාත්කාලීන ගෞරවයක් අත්වෙනව නම්, අන්න ඒකයි බෞද්ධයෙක්ට වටිනාම දේ.

    නැතුව හදන්නන් වාලේ කට වචනය හෝ නමට හෝ තැන-නොතැන බලා සෑයවල් ගොඩ නගල ඉවර කරගන්න බැරුව තියෙන අසම්පූර්ණ සෑයවල් දැකීම නෙවෙයි.

    මෙන්න මේ දෙකේ වෙනස මනාව තේරුම් ගන්න තියෙන නොහැකියාව මත තමා යමක කුහකත්වය තීරණය වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20136751 said:

    උබල වගේ මුහුද හත්ගවිවක් තියාගෙන අබුඩ ගහන මිනිස්සු ඉන්නකම් තමයි බන් මෙලොකෙ දෙයක් කරගන්ඩ බැරි.මහවැලි මහ සෑය ලගදිම විවෘත කරනව ,කවද හරි සදහිරි සෑයත් හදනව.

    උබලගෙ ඔය තරක පුස් කතා, රජ කාලෙ රාජ නියොගයට අනුව ම්නිස්සු නොකා නොබි හරි වැඩ කරා අද එහෙම නැනෙ, රජතුමා ඔනෙ නම් ගම් වරයක් දෙයි නැත්තම් නොදෙයි ඒත් පවරපු රාජකාරිය කරන්ඩම ඔනෙ අද එහෙම එකක් තියෙනවද???? ඒකාලෙ වැඩ කෙරෙන්ඩ අද මන්ද ගාම් වෙන්ඩ ඒව හේතු,ඒකාලෙ වෙහෙරක් බදිනවනම් රජතුමාට තිබ්බෙ වැඩේ ඒක විතරයි අද පාලකයන්ට තියෙන්නෙත් ඒක විතරද?????? ඇයි මෙච්චර මොඩ???

    දැන කතා කරමු දෙයක් කරන මිනිහෙට බනින්ඩ නෙමේ ගල් කැටයකින් හරි උදවු වෙයන් කුහක කම පැත්තකින් තියල.
     
    මම වැරදි නම් නිවැරදි කරන්න, අටමස්ථාන පුදබිම නිර්මාණය සඳහා සැලසුම් සකස් කළේ එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලා, ඒ එක්කම වැඩබිමේ සියළු කටයුතු සම්බන්ධීකරණය කරල සංවිධානය කරල තියෙන්නෙත් තරුණ මහ රහතන් වහන්සේ නමක්. එතකොට අටමස්ථාන පුදබිම රජ්ජුරුවන්ට ඕනා විදියට නෙවෙයි හැදිලා තියෙන්නේ, මහා සංඝරත්නයේ අවවාද උපදෙස් මතයි. රජතුමා කළේ සියළු කටයුතු වලට අනුග්‍රහය දැක්වීම පමණයි.

    සඳහිරු සෑයේ වුණෙත් මේ විදියෙ දෙයක් මද ?

    වැඩක් කරන මිනිහා බලලා නෙවෙයි නේ වැඩේට උදව් වෙන්නේ, කරන වැඩේන් අන්තිමට තියෙන ප්‍රතිපලේ මතනේ.
     
    waligamaya

    Well-known member
  • මේවනම් අමු කුහක කතා, මහනුවර රාජධානියෙන් කාලෙවත් මහ සෑයක් හැදුවද??? ප්‍රේමදාස සහ ගාමිනි දිසානායක මහවැලිමහ සෑය හදන්න පටන් ගන්න කම් මෑත ඉතිහාසයේ කොහෙද එහෙම එකක් හදල තිබ්බෙ???? ඉට පස්සෙ කාලෙක මහින්ද සදහිරු සෑය හදන්ඩ පටන් ගත්ත. වැඩක් කරන්ඩ පටන් ගත්ත මිනිස්සු කරේ ආත්ම වoචාව මෙලොකෙ වැඩක් පටන් ගත්ත නැති අනිත් පාලකයො ඔක්කොම හරිම හොද මිනිස්සු, කුහක වෙන්ඩ එපා බන්. වැඩක් කරපු මිනිස්සුන්ට ගරු කරන්ඩ පුරුදු වෙයන්.

    Kalutara-680x360.jpg

    අයි මේක, මම හිතන්නේ මේක තමයි ලංකාවේ එතෙක් මෙතෙක් හදපු වෙහෙරවලින් දියුණුම තාක්ෂණික නිර්මාණය
     
    ඔය චෛත්‍යය හදල තියෙන්නෙ අටමස්ථාන පුදබිම තුළද ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හෙළයෙක්;20134779 said:

    මචන් ටිකක් දිග උත්තරයක් සාරාංශ කරල කියන්නන්.

    ලංකාවේ රාජ්‍ය සම්ප්‍රදායේ මූලික දේ තමා ලෝ සසුන් බැබලවීම.
    99% රජවරු ඔය සම්ප්‍රදාය වෙනස් කරේ නෑ. ලෝකය වෙනුවෙන් කරන්න තියෙන උපරිමය කරා. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස්සුන්ට ගෙවල් හදල දීල ඉඩම් බෙදල ඔප්පු දීල රට දියුණු කරා කියන එකෙ නෙවෙයි. දස දහස් ගාණක් වැව් හදල දීල තමා එහෙම කරේ.

    ලංකාවටම තිබ්බ න්‍යාය පත්‍රයක් ඒක මොන රජතුමා රජකම් කරත් ඒක වෙනසක් කරේ නෑ. දුටුගැමුණු රජතුමාගේ පටන් අවසාන සිංහල රජු වෙනකන් ඔය සම්ප්‍රදායන් කැඩුනෙ නෑ. මහා සම්මත මනු ඔක්කාක රජ පරම්පරාවෙන් ආපු මහාවංශය සහ සුළු වංශය වරින් වර රට පාලනය කරා වරින් වර ඔය කියන සම්ප්‍රදාය යටතේ.

    යුරෝපයේ හිටපු රජවරු සහ ලංකාවෙ රජවරු අතර වෙනස්කම් ගොඩක් තියෙනව අපේ ඇහට පේන එක වෙනසක් තමා මාළිගා. යුරෝපයේ රජවරු තමන්ට ඉන්න මාළිගා හදනකොට අපේ රජවරු දළදාවහන්සේට වැඩ ඉන්න කල්පවතින මාළිගා නිර්මාණය කරා. ලංකාවේ ඕනිම ඉතිහාස යුගයකින් නටඹුන් කියල හම්බ වෙන්නෙ ශාසනික සේවාවන්.
    සිව්මහල් ප්‍රාසාද සනීපාරක්ෂක පද්ධති තිබෙන දියුණුම හොදම ක්‍රම වේදයට පාවිච්චි කරල හදල දුන්නෙ සසුන ආරක්ෂා වෙන්න. ඒකයි රෝමය චීනය වහල්ලු පාවිච්චි කරල නිර්මාණ කරද්දි දුටුගැමුණු රජතුමා කහවණු බෙදල දිල රුවන්මැලි මහ සෑය ලෝවමහා පාය නිර්මාණය කරන්නෙ.
    නියගකාලෙට දුර්භික්ෂ කාලෙට පාන් නැත්තන් කේක් කාපල්ල නොකිය මම යටවෙනකන් වැහැල මේ දුර්භික්ෂය අවසාන වෙනකන් නොනැගිටමි කියල රට වැසියන් වෙනුවෙන් රජතුමා රුවන්වැලි සෑ මලුවෙ සත්‍යක්‍රියා කරා. හැම වෙලාවෙම රජවරු කල්පනා කරේ ඉරහද පවතින තුරු පවතින මාළිගා හදන්න නෙවෙයි ලෝකය සාසනය ආරක්ෂා කරන්න.
    එතකොට රටවැසිය තුලත් තිබ්බෙ ඔය කියන අදහස්වලින් සමන්විත චින්තනයක් ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරේ සාසනයත් සාසනය රකින ජාතියත් ජාතිය රකින රටත් ආරක්ෂා කරන්න.ඕනිම ගෙදරක හැම වෙලාවෙම කැවුම් මල්ලත් මුවහත් කරපු කඩුවත් සූදානම්. රජතුමා ශාසනය ආරක්ෂා කරනව නන් ඔවුන් රජතුමා රැක්ක නැත්තන් රට රැක්ක. එහෙම උදාහරණ ඕනි තරම් තියෙනව. ලංකාවෙ තිබ්බ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් කියල නොදන්න අය කිව්වට ඒක එහෙම නෙවෙයි තිබ්බෙ හැම මනුස්සයම බුද්ධ නීතියෙන් හදපු රාජ සම්ප්‍රදායට ගරු කිරීමක්. ලංකාවට තිබ්බ ඇජෙන්ඩ එකක් ඒක තමා සම්ප්‍රදායක් විදියට ආරක්ෂා කරේ. 2500 එක දිගට එහෙම නොතිබ්බ නන් රට පාලනය කරන්න බෑ. ඔය කියන සම්ප්‍රදායෙන් පිට පැන්න හැම වෙලාවෙම ලංකාව විනාශ උනා. ඉතිහාසයෙත් යම් යම් රජවරු එහෙම නොකල අවස්තාවල රටේ අවුල් වියවුල් ඇති උනා.

    ඔය ටික ම්ම කිව්වෙ දළ අදහසක් ගන්න කොහොමද සහ මොන විදියක් යටතෙද රට පුරා වෙහෙර විහාර ඇති උනේ රාජ මාළිගා වෙනුවට දළදාමාලිගා වැව් ඉතිරු උනේ කියන්න.

    අහල ඇති නේද කතාවක් මගුල් ඇතා ගිහින් රජතුමා තෝරගන්නව කියල හරි උරුමක්කාරයෙක් ඉදියෙ නැත්තන්. ඒ සම්ප්‍රදායට විරුද්ධව කැරලිගහපු එක තැනක් හරි අහල නැත්තෙ මෙන්න මේ තෝරගන්න හෝ කිසියම් ක්‍රමයකට පත්වන රජතුමා මොන බල අරගල කරත් වග කියන්නෙ දළදා හාමුදුරුවන්ට ජයසිරිමහා බෝධියට දිවුරුම් දෙන්නෙ මේ පුජාවස්තූන් වලට. රටේ රජතුමා වගකියන්නෙ දළදාවට නන් රට වැසියට එතනින් එහාට ආයෙ රජතුමාගෙ වරිගෙ වැඩක් නෑ. එහෙම නොවුනොත් රටවැසිය කැරලි ගහනව මහාවංශයේ ඕනි තරම් එහෙම අවස්තාවලට උදාහරණ තියෙනව.

    වර්තමානය වෙනකොට ඔය කියන සම්ප්‍රදාය තියෙන්නෙ පොත්වල සහ අපිව පාලනය කරන්නෙ දළදාවහන්සේට වග කියන පාලකයන් නෙවෙයි. නමුත් යම් තාක් දුරකට රටවැසියන් තාම පෙර සම්ප්‍රදායෙන් මිදිල නෑ. ඒක ඔවුන්ට උරුම වෙලා තියෙනව. මෙන්න මේ කාරනාව නිසා වර්තමාන පාලකයන්න රට වැසියන් ඉදිරියේ රගපෑමක් කරන්න වෙලා තියෙනව මම සිංහල බෞද්ධ කියල. 1815න් පස්සෙ රට පාලනය කරපු සියලුම නායකයන් විටින් විට මම සිංහල බෞද්ධ සම්ප්‍රදායට උදව්කරනව කියල පෙන්නන ගමන් ඒ සම්ප්‍රදායන් විනාශ කරන්න තමා කටයුතු කරන්නෙ. මොකද ඒ සම්ප්‍රදාය පවතිනකන් මේ රටේ මිනිස්සුන්ව බටහිර ක්‍රමයට හරවන්න අමාරුයි. විජේවීරලගෙ විප්ලවය නොදිනන්න ප්‍රදාන වශයෙන්ම බල්පෑවෙ ඔය ඉතුරු වෙලා තිබ්බ සම්ප්‍රදාය ගමක මිනිස්සුන්ට අගහිග නෑ ඒ කාලෙ හාල් ටික පොල්ටික වත්තෙන් ලැබුන ඒව මොකවත් නැත්තන් කොස් ගහ තිබ්බ චින්තන නිදහස උපරිමයෙන් තිබ්බ ගමේ පන්සලේ මූලිකත්වයෙන් හැම පොදු වැඩක්ම අඩුපාඩුවක් නැතුව කෙරුන ඒකාලෙ වෙනකොටත්.

    ඔන්න ඔය කියන කරුණු කාරණාත් එක්ක බලනකොට දේශපලකයන්ට ලංකාව පාලනය කරන්න නන් විදි දෙකයි තියෙන්නෙ එකක් දළදාවට වග කියනවද නැත්තන් එහෙම කරනව කියල රගපානවද.දේශපාලකයන් තෝරාගන්නෙ දෙවනි එක. ඒක නිසා මහින්ද රජපක්ෂ, ප්‍රේමදාස වගේ මොන ජනනායකයත් කරේ ආත්ම වංචාව. සදගිරි සෑයවත් මහවැලි සෑයවත් පිරිසිදු අරමුණකින් කරපුව නොවෙන්න තියෙන ඉඩ 99%
    යි, මේ කියන තත්වයන් යටතේ. එහෙම නොවී කරන වැඩ වල කල්පැවැත්ම තමා දැන් අපේ ඇස්පනා පිට පෙන්න තියෙන්නෙ.

    ටිකක් ඉදල ඇයි ගඩොල්වලින් ගෙවල් නොහද මහසෑයවල් බැන්දෙ කියල කියන්නන්.

    thread එකේ දැක්ක සර්ව සම්පුර්නම උත්තරය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20136910 said:
    මම වැරදි නම් නිවැරදි කරන්න, අටමස්ථාන පුදබිම නිර්මාණය සඳහා සැලසුම් සකස් කළේ එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලා, ඒ එක්කම වැඩබිමේ සියළු කටයුතු සම්බන්ධීකරණය කරල සංවිධානය කරල තියෙන්නෙත් තරුණ මහ රහතන් වහන්සේ නමක්. එතකොට අටමස්ථාන පුදබිම රජ්ජුරුවන්ට ඕනා විදියට නෙවෙයි හැදිලා තියෙන්නේ, මහා සංඝරත්නයේ අවවාද උපදෙස් මතයි. රජතුමා කළේ සියළු කටයුතු වලට අනුග්‍රහය දැක්වීම පමණයි.

    සඳහිරු සෑයේ වුණෙත් මේ විදියෙ දෙයක් මද ?
    තනිකර වැරදියි අටමස්තානය කියන්නෙ මොකක්ද කියලවත් ඔයා දන්නවද???? ඔයා හිතාගෙන ඉන්නෙ අටමස්තානෙ හැදුවෙ එක රජ කෙනෙක්ගෙ කාලෙ කියල :lol: අනේ නැ. මිහිදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉදන් අටමස්තානෙ ගැන කතා වෙනව, ශ්‍රි මහා බොධිය පිහිටුවන්නෙ දුටු ගැමුනු රජතුමාගෙ කාලෙද ???? රුවන්වැලිසෑය මෙත්න හදන්ඩ ඔනෙ කියල සෙල්ලිපිය ලියල තිබ්බෙ මිහිදු හාමුදුරුවො දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙ . තරුන රහතන් වහන්සේගෙ කතාව කුවුද ඔයාට කියුවෙ???? ඇයි මේ ගල් පැලෙන පච වපුරන්නෙ ඉතිහාසය දන්නෙ නැත්තන් කියවල වරෙන් දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්,පච කියන්ඩ එපා රහතන් වහන්සේලා අල්ලල.

    උබ ඉතිහාසය දන්නෙත් නැ බුද්ධාගම දන්නෙත් නැ,ඇයි මෙහෙම නොදන්න දේවල් කියවන්නෙ ????? ගල් පැලෙන පච දෙසල බලා පොරොත්තු වෙන්නෙ මොකක්ද??? සදහිරු සෑයට ඇයි මෙච්චර කුහක ඇයි පව් පුරො ගන්නෙ ???? ඒක මහින්ද පටන් ගත්ත නිසාද??? ඔච්චර නම් පහත් වෙන්ඩ එපා හොද දේට හොදයි කියපන් මම ප්‍රේමදාට කොච්චර බැන්නත් මහවැලි මහා සෑය හැදුවට බනින්නෙ නැ ඒක හරි වැඩක් කරපු හොද වැඩක්,.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kalutara-680x360.jpg

    අයි මේක, මම හිතන්නේ මේක තමයි ලංකාවේ එතෙක් මෙතෙක් හදපු වෙහෙරවලින් දියුණුම තාක්ෂණික නිර්මාණය
    :yes::yes::yes::yes: ඔව් මහවෑලිමහා සෑය හදන්ඩ කලින් පුරුදු වෙන්ඩ කලුතර වෙහෙර සහ කොලබ වරායෙ තියෙන චෙයිත්යය හැදුවෙ. හොද දේට හොදයි කියන්ඩ ඔනෙ.