freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.