උදේ 10 යි ඔෆිස් එකට යද්දී ?
10 ඉදන් 11 වෙනකම් sprint plan එක. Task 2 ක් assign කරලා තිබ්බා. මොනවද කියලා බැලුවේ නැ. කරන්න පුලුවන්ද ඇහුවම මම හා කිව්වා.
මුන්ම ගන්නේ මගේ tasks ටික. ඊට පස්සේ ඉතුරු 55 min tiktok බැලුව meeting room එකේ ඉදන්.
11 ට seat එකට ඇවිත් වතුර පුරවාගෙන ලක ලෑස්ති වෙනකොට. 11.20 යි.
ඊට පස්සේ තේ එකක් ගහන්න ගියා.
12.15 යි jira board එක බලද්දී යකෝ sprint එක start කරලා නැ. ඉතින් වැඩ කරන එක හරි නැනේ. delivery manager ට කිව්වා start කරන්න කියලා.
වෙලාව බලද්දී 12.30 එකෙක් ඇවිත් කන්න යමු කිව්වා.
කාලා එද්දී 1.30 යි. ඊට පස්සේ කළා එක තැන ඉන්න හොද නැති නිසා ඇවිදින්න ගියා. 2.30 වෙද්දී ආවා.
task 2 කරන්න පටන් ගත්තා.
Java AWS SDK version 1.12.486 ඉදන් 1.12.730 ට update කරන්න තිබ්බා repository දෙකක. කෝඩ් ලයින් දෙකයි වෙනස් කරන්න තියෙන්නේ මේ sprint එකටම.

. අකුරු 6 යි වෙනස් කරන්න තියෙන්නේ.
ඉතින් අද දවසේ වැඩ වලට මම master branch එකෙන් feature branch එක හැදුවා. code change එක හෙට කරනවා එක repo එකක.
වෙලාව බලද්දී 2.45 යි. ඊට පස්සේ ලංකාවේ එකෙක් එක්ක කතා නායක ගැන සාකච්චාවක් දැම්ම.
බලද්දී 3.30 යි වෙලාව. ආයේ තේ බොන වෙලාව. තේ බොන්න යද්දී ඔෆිස් එකෙන් free ice cream and fruits දෙනවා.පෝලිමේ ඉදලා එකත් කළා. තේ එකත් ගහලා එද්දී 5.30 යි.
ගෙදර යන වෙලාව. ඔක්කොම පැක් කරලා 5.45 ට ගෙදර ආවා.
හෙට උදේ status එක :
I started analyzing sdk changes. will continue on that today as well.
උඩ කියපු activities ඔක්කොටම මගේ ලීඩ් කාරයත් ආවා. උ මට වඩා අඩුවෙන් වැඩ කරන්නේ.
ලොකු ලොකු software company වල තත්වේ ඕක තමයි. මම ඉන්න කොම්පැනි එකේ 13000 employees ලා ඉන්නවා.
කලින් startup එකේ සතියට API 5 ක් විතර ඉවර කරා.