මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
යාළුවනේ,

යාළුවනේ, මේ විග්‍රහයයන් අන්ථවාදී විදියට තමන්ගේ ආගමත් (දර්ශණයත්) එක්ක සම්බන්ධ කර ගන්න එපා.
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මිනිස්සු බුද්ධියෙන් හිතනවා නම් කවදාවත් වෑරදි වෑඩ කරන්නේ නෑ. ආගමකින් නීති රීති පන්වන්න අවශ්‍ය වෙන්නේ බුද්ධියක් නෑති මිනිස්සුන්ටයි.
මගේ මතය බුද්ධිමත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ කියන එකයි.

මට ආගමක් නෑ. මම සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, හොර ගෑණු පස්සේ යන්නේ නෑ, බොරු කියන්නේ නෑ, අරක්කු සිගරට් බොන්නේ නෑ.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඔබේ මතයට මම අපහාස කරන්නේ නෑ, ඒත් යලුවේ ටිකක් බුද්ධියෙන් හිතන්න කියලා මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා.

හරි කව්රු හරි කොච්චර බුද්දිය පාවිච්චි කලත් තමාට අවේනික චින්තනයක හෝ දර්ශනයක් ගොඩනග ගන්න බැරි උනොත් ( හරි අපි කියමු එයා බුද්දියෙන් අඩු අනුවන තැනෙත්තෙක් කියලා).. එතොකොට කව්රු හරි කෙනෙක් උගන්නපු ආගමක් අදහන්න අව්ලක් නැහැ නේ?
 
  • Like
Reactions: DragonD

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
කොටින්ම කිව්වොත් සමාජයට මගෙන් හානියක් නෑ, ඔබත් හිතන්න ඔබ ගෑනම.
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ඔබ හරි, බුද්ධියක් නෑති අයට ආගමේ පිහිට තමයි.
මම කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ කියන එකයි.
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0

හරි කව්රු හරි කොච්චර බුද්දිය පාවිච්චි කලත් තමාට අවේනික චින්තනයක හෝ දර්ශනයක් ගොඩනග ගන්න බැරි උනොත් ( හරි අපි කියමු එයා බුද්දියෙන් අඩු අනුවන තැනෙත්තෙක් කියලා).. එතොකොට කව්රු හරි කෙනෙක් උගන්නපු ආගමක් අදහන්න අව්ලක් නැහැ නේ?

ඔබ හරි, බුද්ධියක් නෑති අයට ආගමේ පිහිට තමයි.
මම කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ කියන එකයි.
 
  • Like
Reactions: ela_eluwa120
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඔබ හරි, බුද්ධියක් නෑති අයට ආගමේ පිහිට තමයි.
මම කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ කියන එකයි.

11.gif
11.gif
11.gif
11.gif


so it works for me...
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
දෑනට මේ ත්‍රෙඩ් එක 165 දෙනෙක් බලලා තියෙනවා, ඒත් රිප්ලයි කරලා තියෙන්නේ කිහිප දෙනයි. කම්මෑලි වෙන්න එපා යාළුවනේ, ඔයාලගේ අදහස් දෑන ගන්න මම කෑමතියි.
 
Last edited:

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හැම මනුස්සයාම එක ව‍ගේ නෑනේ යාලුවා. ඔයා ඔයාගේ මතය ඉදිරිපත් කලා. සමහරු ඔයාට පක්ෂව ඉඳීවි. සමහරු විරැද්ධව ඉඳීවි.
    උදාහරණයක් විදිහට ඔයාගේ සමහර කරුණුවලට මට විරුද්ධ වෙන්න සිදු වෙනවා මොකද මම බුද්ධ දර්ශනය විශ්වාස කරන නිසා.

    ඒ වගේම එක දෙයක් කියන්නත් ඕනේ. දැන් අපිට දකින්න තියෙන ආගම් සුළු වශයෙන් හරි නියම දේශනා(‍මේ වචනේ මෙතනට හරිද දන්නේ නැහැ) වලින් වෙලයි තියෙන්නේ. ඒකට හේතුව සෑහෙන කාලයක් තිස්සේ වෙනස් නොවී පවතින්න කිසිම දෙයකට බැහැනේ. මොනවා වුනත් හැම තැනින්ම හොඳ දේවල් හිතට ඇරගෙන නරක දේවල් ඉවත් කරලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න එකයි කරන්න ඕනේ.

    ඔබට ජය!
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මේ ලෝකේ ජනගහණයෙන් 55% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නේ නෑ.(මමත් පුනරුප්පත්ථිය / පුනර්භවය විශ්වාස කරන්නේ නෑ.) 25% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නවා. 20% මේ දෙකටම නෑති ස්ථාවරයක ඉන්නවා.

    මේ කාරණා කෙසේ වුනත් මෑරුණට පස්සේ අපි හෑමෝටම වෙන්නේ එක දෙයක් විතරයි.
    බුද්ධියෙන් හිතන්න.


    මචන් උබ මේ thread එක පටන් ගන්න ඇත්තෙ හොද අදහසකින් වෙන්න පුලුවන්,,,,ඒ උනාට මට ඔයා කියන දේවල් ගැන එකග වෙන්න බෑ,,කවදාවත් එකග වෙන්නෙත් නෑ,,,,මම බුද්දාගම තදින් විශ්වාස කරන කෙනෙක්,,,අනිවාර්ය්න්ම නැවත ඉපදීමක් තියෙන්වා,,,,ඔයා විතරක් නෙමෙයි,,ඔයාට වඩා ලොකු දැනුමක් තියෙන මහාචාර්ය වරු පවා ඔය ඔයා කියන මතයෙ හිටියා,,ඒ උනට එයාලට අවසනෙදි එයාලගෙ මතය වැරදි කියල පිලිගන්න සිදු උනා,,ඔයා පොඩ්ඩක් ඒ ගෙන හොයල බැලුවොත් ඔයාට ඒ ගෙන තොරතුරු හමුවේවි,,,ඔයා ඔහොම හිතලා නිකම්ම නිකන් මනුස්සයෙක් වෙන්නෙපා,,මගෙන් කාටවටත් කරදරයක් නෑ කියල නිකම්ම ඉන්න එපා,,,හොද දේවල් කරන්න,,,ඒ ඔයා කරපු දේවල් තමයි කවදාහරි ඔයාට උපකාරි වෙන්නෙ මේ ආත්මෙදි හෝ වෙනත් ආත්මෙකදි,,,,,,,,,මිනිස්සු බුද්දිමත් වෙනකොට එයාලාගෙ ආගම පවා අමතක වෙන්වා කියන්නෙ මේකට තමයි,,,,,ඒ උනාට කවදා හරි එයාලට ආගමක් කියන්නෙ මොකද්ද,ඒකෙන් ඇති ප්‍රයෝජනේ මොක්ද්ද කියල තේරෙනවා,,,,මම වැඩිය මත ගැටුම් වලට යන කෙනෙක් නෙමෙයි,,ඒ උනාට මට මේ commnt එක දැක්කට පස්සෙ එකට පිලිතුරක් දෙන්න හිතුනා,එකයි මට තේරෙන ව්දියට මේක දැම්මෙ,,,,,කොහොම උනත් මේ thread එක අවසානයට ආගම් පටලගෙන කුනුහරුප කියවගන්න තත්වයකට පත් නොවේවා කියා මම ප්‍රාර්තනා කරනවා,,,,,,,,,,,,,,බුදු සරනයි :) :) :)
     
    • Like
    Reactions: heshi32

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මම ඒකදේවවාදය හෝ බහුදේවවාදය විශ්වාස කරන්නේ නෑ. ඒත් මුළුමහත් විශ්වයම පාලනය වන්නා වු අසමසම ශක්තියක් ඈති බව පිළිගන්නවා. එම අසමසම ශක්තිය මහා බ්‍රහ්මයා හෝ ඊශ්වර හෝ යොහෝවා හෝ අල්ලාහ් ලෙස පුද්ගලාරෝපිත කිරිමට මම කෑමති නෑ.

    ඔයාලාගේ මතයත් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් නම් මම ගොඩාක් ගරු කරනවා.


    ,

    කොහොමද ඔයා එකපාරටම ටියුන් වෙනස් කරල එහෙම කියන්නෙ. විශ්වය පාලනය වෙන්න ශක්තියක් තියෙනවා? කෝ? කොහෙද?
    එහෙම අමුතු ශක්තියක් මට නම් පේන්න නැහැ. හෙට අපේ සූර්යා මැරුනොත් අපි ඔක්කොම ඉවරයි, හෙට කොහෙන් හරි යෝද උල්කාවක් ඇවිල්ල අපේ ලෝකේ හැප්පුනොත් අපි ඉවරයි. මොන ශක්තියක්වත්මොන කෙහෙල්මලක්වත් පාලනය කරනව මට නම් පේන්නෙ නැහැ. මම හිතුව ඔයා නිර්-ආගමිකයෙක් කියල. බැලුවම ඔයා අලුත්තාලෙකට පටන් අරං පරණ බයිල එකක් ගහන්නයි යන්නෙ!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ආගම් හැදුනේ ඒක තවත් එක් මීම් එකක් නිසා. මීම් කියන එක ගැන දැනගන්න මේක බලන්න. එතකොට තේරෙයි ආගම් නිසා අපි ඇන්දෙන ඇන්දිල්ල!

    MEME
     

    jerome11

    Junior member
  • Oct 13, 2008
    129
    8
    18
    Colombo
    මම සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, හොර ගෑණු පස්සේ යන්නේ නෑ, බොරු කියන්නේ නෑ, අරක්කු සිගරට් බොන්නේ නෑ.


    Brother this is called Pansil in buddism.
     
    • Like
    Reactions: heshi32
    Jul 3, 2010
    50
    4
    0
    මචන් උබ මේ thread එක පටන් ගන්න ඇත්තෙ හොද අදහසකින් වෙන්න පුලුවන්,,,,ඒ උනාට මට ඔයා කියන දේවල් ගැන එකග වෙන්න බෑ,,කවදාවත් එකග වෙන්නෙත් නෑ,,,,මම බුද්දාගම තදින් විශ්වාස කරන කෙනෙක්,,,අනිවාර්ය්න්ම නැවත ඉපදීමක් තියෙන්වා,,,,ඔයා විතරක් නෙමෙයි,,ඔයාට වඩා ලොකු දැනුමක් තියෙන මහාචාර්ය වරු පවා ඔය ඔයා කියන මතයෙ හිටියා,,ඒ උනට එයාලට අවසනෙදි එයාලගෙ මතය වැරදි කියල පිලිගන්න සිදු උනා,,ඔයා පොඩ්ඩක් ඒ ගෙන හොයල බැලුවොත් ඔයාට ඒ ගෙන තොරතුරු හමුවේවි,,,ඔයා ඔහොම හිතලා නිකම්ම නිකන් මනුස්සයෙක් වෙන්නෙපා,,මගෙන් කාටවටත් කරදරයක් නෑ කියල නිකම්ම ඉන්න එපා,,,හොද දේවල් කරන්න,,,ඒ ඔයා කරපු දේවල් තමයි කවදාහරි ඔයාට උපකාරි වෙන්නෙ මේ ආත්මෙදි හෝ වෙනත් ආත්මෙකදි,,,,,,,,,මිනිස්සු බුද්දිමත් වෙනකොට එයාලාගෙ ආගම පවා අමතක වෙන්වා කියන්නෙ මේකට තමයි,,,,,ඒ උනාට කවදා හරි එයාලට ආගමක් කියන්නෙ මොකද්ද,ඒකෙන් ඇති ප්‍රයෝජනේ මොක්ද්ද කියල තේරෙනවා,,,,මම වැඩිය මත ගැටුම් වලට යන කෙනෙක් නෙමෙයි,,ඒ උනාට මට මේ commnt එක දැක්කට පස්සෙ එකට පිලිතුරක් දෙන්න හිතුනා,එකයි මට තේරෙන ව්දියට මේක දැම්මෙ,,,,,කොහොම උනත් මේ thread එක අවසානයට ආගම් පටලගෙන කුනුහරුප කියවගන්න තත්වයකට පත් නොවේවා කියා මම ප්‍රාර්තනා කරනවා,,,,,,,,,,,,,,බුදු සරනයි :) :) :)

    මචන් මම දන්නෙ නැති හින්ද අහන්නෙ.. පුනුරුප්පත්තිය පිලිබද සාක්ශි මොනවද තියෙන්නෙ?? මමත් පත්තර වල එහෙම දැකල තියනවා පෙර භවයන් ගැන කියපු අය ගැන.. ඒත් මට හෝ මට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්ට එහෙම දෙයක් ගැන අත්දැකීම් නෑ..ඔයා පුනුරුත්පත්තියක් ගැන විශ්වාස කරන හේතුව මොකක්ද කියල කිව්වොත් ඒක වැදගත් වෙයි..
     

    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    THANKS FOR LINKING MY BLOG..

    ex-Muslim Ahmed


    ස්තුතියි ඔබේ අදහසට.. ඇත්තෙන්ම ඒ බ්ලොග් පෝස්ට් එක ලිවුවේ මම.. "මීමය" යනු ජානය මෙන් තමුන්වම බෝ කරගනිමින් ප්‍රචාරය වන දෙයක්.. ජානය තමුන් බෝ කරගනිමින් අපේ ඊළඟ පරපුරු වලට ගොස් අපේ සිරුරු හැඩගස්වන්නාක් මෙන් "මීමය" ද අතින් අත කියාදීම, කටකතා, මුද්‍රිත මාධ්‍ය, පරිගනක, ආදී නොයෙක් විදිහෙන් මනසින් මනසට ගමන් කරමින් බෝ වෙන අදහසකට කියන නමක්.. එබඳු "මීම" අති විශාල ගණනක් මිනිස් සමාජයෙ තියෙනව.. ආගම් කියන්නෙ ඉන් කිහිපයක් පමණයි.. සියළුම ආකාරයේ කලා ශිල්ප, ගීත, ග්‍රන්ථ, විශේෂ කුසලතා (උදා, රිය පැදවීම, ටයිප් කිරීම ) ආදිය "මීම" ලෙස සැලකිය හැකියි.. මෙම අදහස මුල් වරට ගෙන ආවේ රිචර්ඩ් ඩෝකින්ස් විසින් "සෙල්ෆිශ් ජීන්" කියන පොතෙන්.. "ජානය" මෙන්ම "මීමය" ද ස්වභාවික වරණයට හසුවෙවී පරිණාමය වෙන බව තමයි ඔහු කියන්නේ.. ඇත්තටම මම උත්සහ කළේ ඒ අදහස මට වැටහෙන හැටියට සරල සිංහල බාසාවෙන් විස්තර කරන්ඩයි.. මගේ බ්ලොග් එක වෙත සාදරයෙන් පිළිගන්නවා.. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html


    sampathapg

    අර විශ්වය පාලනය කරන අසමසම බලවේගය හැරුණාම ඉතුරු ටිකට මාත් එකඟයි.. කිසිඳු ආගමක් මා අදහන්නේ නෑ.. පුනරුත්පත්තියක්වත්, මැවුම්කාර දෙවියෙක්වත් මම විශ්වාස කරන්නේ නෑ.. ඒ විතරක් නෙමෙයි මනුස්සය්කුට හොඳ පුද්ගලයෙක් වෙන්ඩ සහ හොඳ ක්‍රියා කරන්ඩ එහෙම විශ්වාසයක් අවශ්‍යයි කියල මම හිතන්නෙත් නෑ.. මා දන්න සියළුම නිර්-ආගමිකයන්ම වාගේ ඉතා හොඳ මනුෂ්‍යයන් බව මා කියන්නේ එක්තරා අභිමානයකින්.. කොහොම වෙතත් සම්පත්, ආගම සහ සදාචාරය එකිනෙකින් වෙනස් කරන්ඩ බැරි තරමට මිනිස්සුන්ගෙ ඔළුගෙඩි තුළ බද්ධ වෙලා තියෙනව.. මේ ත්‍රෙඩ් එක දාන එක පවා මෝඩකමක් හැටියට හඳුන්වන මිනිස්සු උඩ ඔය ලස්සනට කමෙන්ට් දාල තියෙන්නෙ.. "සියළු ආගම් වලට ගරු කරන්ඩ" කියල උඩ දාගෙන කියන සමහරු "කිසිම ආගමක් නැති තත්ත්වයට" ගරු කරන්ඩ තරම් පරිණත වෙලා නෑ.. මම හිතන්නෙ ඒකට හේතුව "නිර්-ආගමිකත්වයට" ඉස්සර ඉඳන් හම ආගමික කණ්ඩායමකම තිබුණු බිය.. මිනිස් ඉතිහාසයේ දරුණුම ලේ වැගිරීම් සිදු වුණේ ආගම නිසා (අහවල් ආගම නිසා එහෙම වුණේ නෑ කියල කාටවත් කියන්ඩ බෑ ).. ඒ කාලයේ එක් ආගමක් හෝ ගෝත්‍රික කණ්ඩායමක් ගත්තොත් වෙනත් ආගමික කණ්ඩායමකින් ඔවුන්ට වෙන බලපෑම එළිපිට එකක්.. කඩු හෙළි ගත්තු වෙනත් ආගමිකයො ඇවිත් ඔවුන්ව මරන්ඩ ඉඩක් තිබුණ.. නමුත් නිර්-ආගමිකත්වය ගෲප් එක ඇතුළෙන්ම ආපු එකක්.. අපේ දේශපාලකයින් සතුරන්ට වඩා රට ඇතුළෙ ඉන්න අයට බය වෙනව වගේ, අර ගෝත්‍රික කණ්ඩායම ඇතුළතින් කඩා දාන්ඩ පුළුවන් "නිර්-ආගමිකත්වය" ගැන ඉස්සර ඉඳලම බයක් තියෙන්ඩ ඇති..

    කොහොම වුණත් සම්පත්, කරුණු කීමෙන් මිනිසුන් "ආගමින් මුදවන එක" නම් හිතන තරම් පහසු දෙයක් නෙමෙයි.. හැම ආගමක්ම කාලයක් තිස්සෙ පරිණාමය වෙලා මේ වෙනකොට ඒව අදහන මිනිස්සුන්ට "පුදුම ආකර්ශනයක්" තියෙන ඇදහීම් බවට පත් වෙලා තියෙන්නෙ.. එහෙම වෙන්ඩ හේතුව තමයි ඇත්තටම ඩෝකින්ස් ඔය "මීම තියරියෙන්" පෙන්නල දීල තියෙන්නෙ.. මම ආරාධනා කරනව ඒක කියවන්ඩ.. ලෝකයේ දැනට ඉන්න ප්‍රමුඛ නිර්-ආගමිකයෙක් තමයි ඩෝකින්ස්.. මම පුද්ගලිකව හිතන්නෙ නෑ මිනිසුන් "ආගමින් මුදවන" ඉවැන්ජලික නිර්-ආගමිකත්වයක් අවශ්‍යයි කියල.. තිබුණත් ඒකෙන් සමාජෙට විශේෂ හොඳක් වෙයි කියල මම හිතන්නෙ නෑ.. නමුත් යම් ප්‍රමාණෙකට හරි ඒක කරන්ඩ නම් ආගමින් ස්වාධීන සදාචාරයක් පවතින්ඩ පුළුවන් (සහ ඒක ආගමික සදාචාරෙකට වඩා ඉහළ බව ) පෙන්නල දෙන්ඩ උත්සහ කරන්ඩ වෙනව.. ඒ වගේම විද්‍යාවෙන් සහ විචාරයෙන් විශ්වයේ අසිරිමත් බව දකින කෙනාට ඒක ආගම් වලින් පෙන්නනවට වඩා හොඳට පේනව කියන එකත් පෙන්නල දෙන්ඩ වෙයි.. එය එසේ කළත් නැතත්, ආගම් වලින් මිනිසුන්ට ඇති වෙන අනිසි බලපෑම වළක්වන තත්වයට සමාජය හැඩගස්වන එක නම් යුගයේ අවශ්‍යතාවයක්.. එහෙම තත්ත්වයක් යටතෙ කාටවත් කරදරයක් නැතුව මිනිස්සු ආගම අදහන එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ..
     
    Last edited: