මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ex-Muslim Ahmed

    ස්තුතියි ඔබේ අදහසට.. ඇත්තෙන්ම ඒ බ්ලොග් පෝස්ට් එක ලිවුවේ මම.. "මීමය" යනු ජානය මෙන් තමුන්වම බෝ කරගනිමින් ප්‍රචාරය වන දෙයක්.. ජානය තමුන් බෝ කරගනිමින් අපේ ඊළඟ පරපුරු වලට ගොස් අපේ සිරුරු හැඩගස්වන්නාක් මෙන් "මීමය" ද අතින් අත කියාදීම, කටකතා, මුද්‍රිත මාධ්‍ය, පරිගනක, ආදී නොයෙක් විදිහෙන් මනසින් මනසට ගමන් කරමින් බෝ වෙන අදහසකට කියන නමක්.. එබඳු "මීම" අති විශාල ගණනක් මිනිස් සමාජයෙ තියෙනව.. ආගම් කියන්නෙ ඉන් කිහිපයක් පමණයි.. සියළුම ආකාරයේ කලා ශිල්ප, ගීත, ග්‍රන්ථ, විශේෂ කුසලතා (උදා, රිය පැදවීම, ටයිප් කිරීම ) ආදිය "මීම" ලෙස සැලකිය හැකියි.. මෙම අදහස මුල් වරට ගෙන ආවේ රිචර්ඩ් ඩෝකින්ස් විසින් "සෙල්ෆිශ් ජීන්" කියන පොතෙන්.. "ජානය" මෙන්ම "මීමය" ද ස්වභාවික වරණයට හසුවෙවී පරිණාමය වෙන බව තමයි ඔහු කියන්නේ.. ඇත්තටම මම උත්සහ කළේ ඒ අදහස මට වැටහෙන හැටියට සරල සිංහල බාසාවෙන් විස්තර කරන්ඩයි.. මගේ බ්ලොග් එක වෙත සාදරයෙන් පිළිගන්නවා..

    Keep up the good work,

    best wishes:D
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    welcome brother, mama hithagena hitiye elakiri eke agamwadaya prathikeshepa karana ekama kena mama kiyala,

    santhosai thawath ekkenek inna eka gena. i totaly agree with ur comment


    and also iwant to add something,

    mul dawsawala minissunwa paalnaya karana yodha gaththa deyak thama oyaaagam kiyana dewal, mokada minihekwa adrushyamana deyakata yomu karan a eka lesi ekale minissunge thibba budhdiyath ekka,

    anith ekka ekale gas gal walata wedapu minissunta devviyo kiyanne maha loku deyak, ithin e wage deyak e gollo piligaththa hinda tama me okkoma,

    minisssu minissu widihata salakawwanam oya kisima aagamak one nehe,
    hariweredda therum ganna puluwannam eeta eha aagamak one nehe,

    anika api inne 21 century eke, ithin thawamath samahara adrushyamana deyak adahanawa kiyana eka moda wedak, anika deyyongen kannalaw karala kaale nasthi karanawta wediya hondai keeyakhari mahansiwela hoyaganna eka,
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උබට මේකෙ ඉන්න එවුන් හොදට බනියි, උබ පිස්සෙක් කියයි.. හැබැයි උබ කියන කතාව ඇත්ත.. ප්‍රසිදියේ මේක කියන්න තරන් හයියක් තිබ්බ එක ගැන සතුටු වෙනවා.. දවසක හුගක් එවුන් උබ කියන දෙය තේරුම් ගනියි

    I like your words:cool::cool::cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0

    මට ආගමක් නෑ. මම සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, හොර ගෑණු පස්සේ යන්නේ නෑ, බොරු කියන්නේ නෑ, අරක්කු සිගරට් බොන්නේ නෑ.

    බොහොමත් ම හොඳයි!!! හැබැයි මතක තියාගන්න. මිනිසා කියන්නේ රාග, ද්වේශ සහ මෝහ යන තුනකින් සමන්විත වුන කෙනෙක්. එම නිසා මොන වෙලාවේ හරි ඔය සිල්වත් සිත වෙනස් වෙන්න පුළුවන්.
     
    Sep 12, 2011
    884
    120
    0
    මචන් උබ මේ thread එක පටන් ගන්න ඇත්තෙ හොද අදහසකින් වෙන්න පුලුවන්,,,,ඒ උනාට මට ඔයා කියන දේවල් ගැන එකග වෙන්න බෑ,,කවදාවත් එකග වෙන්නෙත් නෑ,,,,මම බුද්දාගම තදින් විශ්වාස කරන කෙනෙක්,,,අනිවාර්ය්න්ම නැවත ඉපදීමක් තියෙන්වා,,,,ඔයා විතරක් නෙමෙයි,,ඔයාට වඩා ලොකු දැනුමක් තියෙන මහාචාර්ය වරු පවා ඔය ඔයා කියන මතයෙ හිටියා,,ඒ උනට එයාලට අවසනෙදි එයාලගෙ මතය වැරදි කියල පිලිගන්න සිදු උනා,,ඔයා පොඩ්ඩක් ඒ ගෙන හොයල බැලුවොත් ඔයාට ඒ ගෙන තොරතුරු හමුවේවි,,,ඔයා ඔහොම හිතලා නිකම්ම නිකන් මනුස්සයෙක් වෙන්නෙපා,,මගෙන් කාටවටත් කරදරයක් නෑ කියල නිකම්ම ඉන්න එපා,,,හොද දේවල් කරන්න,,,ඒ ඔයා කරපු දේවල් තමයි කවදාහරි ඔයාට උපකාරි වෙන්නෙ මේ ආත්මෙදි හෝ වෙනත් ආත්මෙකදි,,,,,,,,,මිනිස්සු බුද්දිමත් වෙනකොට එයාලාගෙ ආගම පවා අමතක වෙන්වා කියන්නෙ මේකට තමයි,,,,,ඒ උනාට කවදා හරි එයාලට ආගමක් කියන්නෙ මොකද්ද,ඒකෙන් ඇති ප්‍රයෝජනේ මොක්ද්ද කියල තේරෙනවා,,,,මම වැඩිය මත ගැටුම් වලට යන කෙනෙක් නෙමෙයි,,ඒ උනාට මට මේ commnt එක දැක්කට පස්සෙ එකට පිලිතුරක් දෙන්න හිතුනා,එකයි මට තේරෙන ව්දියට මේක දැම්මෙ,,,,,කොහොම උනත් මේ thread එක අවසානයට ආගම් පටලගෙන කුනුහරුප කියවගන්න තත්වයකට පත් නොවේවා කියා මම ප්‍රාර්තනා කරනවා,,,,,,,,,,,,,,බුදු සරනයි :) :) :)

    එකනේ කියන්නේ. මැරුණම ආයේ ඉපදෙන්නේ නැත්නම් ඉතින් ආයේ කොච්චර එකක් ද. මේ ඉන්න ටිකේ ඕන හා ජරා වැඩක් කරලා ඉන්න එකනේ තියෙන්නේ.

    දැන් ඔය බටහිර විද්‍යාඥයෝ පවා පුනර්භවය ගැන දන්නවා. පර්යේෂණ කරලා තියෙනවා.
    තොග ගණන් ආර්ටිකල් ලියලා තියෙනවා. බලන්න එඩ්ගාර් කේසි ගැන කියවලා.
     
    Sep 12, 2011
    884
    120
    0
    මම ඒකදේවවාදය හෝ බහුදේවවාදය විශ්වාස කරන්නේ නෑ. ඒත් මුළුමහත් විශ්වයම පාලනය වන්නා වු අසමසම ශක්තියක් ඈති බව පිළිගන්නවා. එම අසමසම ශක්තිය මහා බ්‍රහ්මයා හෝ ඊශ්වර හෝ යොහෝවා හෝ අල්ලාහ් ලෙස පුද්ගලාරෝපිත කිරිමට මම කෑමති නෑ.


    ඒ ශක්තියට prey කරලා වැඩක් තියේද? තමන්ව ගලවා ගන්න එනකම් බලා සිටින්න ඕනෙද?
     
    • Like
    Reactions: heshi32

    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    මහ නිළමේ;11419272 said:
    එකනේ කියන්නේ. මැරුණම ආයේ ඉපදෙන්නේ නැත්නම් ඉතින් ආයේ කොච්චර එකක් ද. මේ ඉන්න ටිකේ ඕන හා ජරා වැඩක් කරලා ඉන්න එකනේ තියෙන්නේ.

    දැන් ඔය බටහිර විද්‍යාඥයෝ පවා පුනර්භවය ගැන දන්නවා. පර්යේෂණ කරලා තියෙනවා.
    තොග ගණන් ආර්ටිකල් ලියලා තියෙනවා. බලන්න එඩ්ගාර් කේසි ගැන කියවලා.

    ඒ "පර්යේෂණ" වල යථා ස්වභාවය එළි කලේ ඒකාලෙ හිටපු අනික් විද්‍යාඥයොමයි.. ඔය කියන්නෙ ඉයන් ස්ටීවන්සන්, ජේ.බී.රයන් වගේ උන්නැහැලගෙ "පර්යේෂණ" නෙ.. කොච්චර චාටර් වුණාද කියනව නම් අන්තිමේ වර්ජිනියා විශ්ව විද්‍යාලය "අධ්‍යාත්මික පර්යේෂණ අංශය" වහල දානව, බොරු කරනව කියල.. පුර්නරුත්පත්තිය තියෙනව හරි නෑ හරි කියල මම කියන්නෙ නෑ සහෝදරය.. ඒක කියන්ඩ මම දන්නෙ නෑ.. මට (හෝ ඔයාට ) ඒක දැනගන්ඩ විදිහකුත් නෑ.. ඒක නිසා තමයි මම විශ්වාස නොකර ඉන්නෙ (එයින් අදහස් වෙන්නෙ නෑ, පුනරුත්පත්තිය බොරු කියල ෆුල් ශුවර් පිට ඉන්නව කියල, ඒත් ඒක විශ්වාස නොකර ඉන්නව ).. පුනරුත්පත්තිය ඇත්තම උණත් ඔය කරපු "පර්යේෂණ" නම් පල් බොරු කියන්ඩ සාක්ෂි ඕනෙ තරම් තියෙනව.. විද්‍යාව ක්‍රියා කරන්නෙ "අහවල් විද්‍යාඥයා හෝ ගණිතඥයා අහවල් දේ පිළිගනියි, එබැවින් එය සත්‍ය විය යුතුය" වගේ ලයින්ස් ඔස්සේ නෙමෙයි.. පුනරුත්පත්තිය විතරක් නෙමෙයි මැවීම පිළිගන්න විද්‍යාඥයොත් ඉන්නව.. ඒත් එයින් පුනරුත්පත්තිය හෝ මැවීම විද්‍යාත්මක වෙන්නෙ නෑ, මොකද ඒව ඒ ඒ අයගෙ පුද්ගලික විශ්වාස නිසා..
     

    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    එඩ්ගා කේසිගේ "අත්දැකීම්" සත්‍ය බව කිසිඳු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තහවුරු කර නැත..
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    යාළුවා , මම බුද්ධාගමේ කෙනෙක්, මම බුදුහාමුදුවන්ට ගොඩක් ගරු කරනවා, එතුමන් දේශනා කරපු දේවල් හිස් මුදුනින් පිලි ගන්නවා, එත් එහෙමි කියල මම අනිත් ආගම හොද ne කියන්නේ නේ කවදාවත්, කතෝලික උනත්, මුස්ලිම් උනත්, හින්දු උනත් ඒ හෙම ආගමකම කියන්නේ හොද දෙයක්, නෙටුව මේ jiwath වෙන ටික කාලේ විනාස කරන දෙයක් නෙමෙඉ, ඒ හෙම අගමේම හොද දේවල් කියනවා ගොඩක්, එත් ගෙටලුව ගොඩක් ය අන්තවාදී විදිහට හිටනවා, පොඩ්ඩක් එස් එරල බලන්න මොකද්ද මේ හෙම අගමේම තියන හරය කියල, එදාට තේරී හෙමොටම මේ හෙම ආගමකම කියන්නේ, මිනිස්සුනේ හොද වේද කරන්න, නරක වේද කරන්න එපා, ඉන්න ටිකේ හරවත් විදිහට ජිවත් වෙන්න කියල
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම සියලුම ආගම්වල ඉගෑන්වීම් වලට ගරු කරනවා

    මුළු මහත් විශ්වයම පාලනය වන්නාවු අසමසම ශක්තියක් තියෙනවා කියන එකෙන් මම අදහස් කළේ මේකයි, පරමාණුක න්‍යෂ්ටියේ ඈති උපපරමාණුක අන්ශු වල පටන්, ආලෝක වර්ෂ බිලියන ගණනක පරිමිතියක් ඈති මහා නීහාරිකාවන් දක්වා සියලුම වස්තූන් සම්මත රිද්මයකට අනුව ක්‍රියාත්මක වෙනවා. (භ්‍රමණය, පරිභ්‍රමණය සහ අන්‍යොන්‍ය-ආකර්ෂණය] මනුෂ්‍ය බුද්ධියට කිසිසේත් ම ග්‍රහණය කර ගත නොහෑකි අනන්ත ශක්තියකින් මේ සියල්ලක්ම පාලනය වෙනවා. නමුත් මම කිසිසේත්ම හිතන්නේ නෑ, මේ විශ්ව ශක්තියට අපි නෑමදුම් කරන්න ඕන කියලා හෝ යෑදුම් කරන්න ඕන කියලා.
    කරුණාකර මම නව විශ්වශක්ති ආගමක් ගේන්න යනවා කියලා වෑරදි අවබෝධයක් ඈති කරගන්න එපා.

    මම සියලුම ආගම්වල ඉගෑන්වීම් වලට ගරු කරනවා. නමුත්, මරණින් මතු ජීවිතය හෝ කර්මය හෝ පුද්ගලාරෝපිත දෙවිවරුන් ගෑන විශ්වාස කරන්නේ නෑ. අපි මේ ලොකේ හොදින් ජීවත් වෙන්න ඔනේ, කර්මයට බයටවත්, දෙවියන්ට බයටවත් නෙවෙයි. බුද්ධිමත් මිනිස්සු විදියට අපි අපේ ජීවිතයෙ යථාර්තය තේරුම් ගන්න ඕන. ආගමකින් පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නෑති මිනිසුන්වයි.

    :)
     

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    Nice Post Friend!! Mooda ralak deeshapaalanayata mara ganiidi uba ela topic ekak open kaala

    Aagama kiyana dee ooya ara kiiwa ridmaya ehema nath nam balaya hariyata teerum ganna bariwa hari eekata baya wela hari patan gathha deyak kiyala mama hitanne
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    obagae kathawata mama aththatama ekagai... api hama welawema buddiyen sitha wada karanna one.. praayogika wenna onee... aththatama mama bawuddayek.. duddagama kiyanne agamak newei.. eka darshanayak.. man hithanawanwa ema darshanaya anuwa jeewath wenawa kiyanne buddiyen jeewath wenawa haa samana bawai... hmmmm eka mage adahasak hnde... hehehehehe... anywys obe kathawa aththa.. mamath sithanne esemai.. :) :)
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Yaluwage nama Lasantha Sampath kiyana eken mata penne oya baudhayek bawai...
    eka nisama thamai ohoma pulul widiyata hithanna puluwan wela tyenne...
    namuth Upathin kisima kenek baudhayek wath wena agamaka kenek wathw wenne na kiyana eka oba nawathath oppu karala tyenawa....
    Baudhdhayek weemata nam prathamyen pansil rakinna ona... eeta passe puluwan ithiri tika karaganna...
    namuth ethakan obata ona widiyata nidahse hithannath puluwan... mokada ape Dakma thula balen agam wlata wandawanne naa... pansal giye nathanm hamuduruwo gedarta enne na...
    smajayen kon karanneth na... namuth enidahasa onawata wada gihin ada.... godak aya tharaka vidyawa gana poddak dana gaththa gaman hithanawa me ape panslae inna gode hamuduruwo kiyana ewa aththa wenne kohomada kiyala.... eya monawada kalukuhara gana danne.. kiyala.. :):)
    Namuth buduhamuruwo deshana kale e tyna ewa ohe thibichcha den.. api ape hitha hadaganna ona kiyalai...
    vishwaya achinthai... egana hithala nikan kaale nasthi karagana epa... aparaade... katawath wedak wenne na...
    aluth grahalokayak sotagaththath ewa loukika dewal witarai...
    Punarbhawaya vishwasa karanne nathnam kamak na... Habai ithin ehenam mokatada hondin inna hdanne ... inna tike pixxxu kelala marila giya nam ay udpaiy kiyala bayakuth naa ne.. awlkma nathi wenawa...
    Habai menna mekath hithanna...
    OPPU karaganna bary wunaata bary welawath punarbawayak thibboth............ Sorry.com thama neda???
    Godak deal kiyanna puluwan mata thawath....
    ethwedak naa... oyage mathe oya indiwi kiyala penawa...
    nidahas chinthanayak tyena eka hndai yaluwa... ada samaje wena dewla dakkama kisima agamika nayakayek ho anugaameen vishvasa karanna amaru thram... habai Budhdhiya tyei nam ape baudhdhakama prayojanayata aragena me sasren goda yanna puluwan...
    thaamath apita puluwan....
    Eth ogollo wage godak aathata yana ayata oyalage prashna okotama uthtara deela galawaganna puluwan kenek ada kaale innawada kiyala sakai...
    ehema kenek inawanam hambenna kiyala prarthna karnawa...
    Mata Nam Buduhamuduruwange Niwaradi deshana thula Aseeemitha Budhdhiayk tyenawa....
    Eka aba ateka tharamwath man danne na thaama... habai obata wada nam danimi.... Obatath niwaradi awabodaya labewa...