ex-Muslim Ahmed
ස්තුතියි ඔබේ අදහසට.. ඇත්තෙන්ම ඒ බ්ලොග් පෝස්ට් එක ලිවුවේ මම.. "මීමය" යනු ජානය මෙන් තමුන්වම බෝ කරගනිමින් ප්‍රචාරය වන දෙයක්.. ජානය තමුන් බෝ කරගනිමින් අපේ ඊළඟ පරපුරු වලට ගොස් අපේ සිරුරු හැඩගස්වන්නාක් මෙන් "මීමය" ද අතින් අත කියාදීම, කටකතා, මුද්‍රිත මාධ්‍ය, පරිගනක, ආදී නොයෙක් විදිහෙන් මනසින් මනසට ගමන් කරමින් බෝ වෙන අදහසකට කියන නමක්.. එබඳු "මීම" අති විශාල ගණනක් මිනිස් සමාජයෙ තියෙනව.. ආගම් කියන්නෙ ඉන් කිහිපයක් පමණයි.. සියළුම ආකාරයේ කලා ශිල්ප, ගීත, ග්රන්ථ, විශේෂ කුසලතා (උදා, රිය පැදවීම, ටයිප් කිරීම ) ආදිය "මීම" ලෙස සැලකිය හැකියි.. මෙම අදහස මුල් වරට ගෙන ආවේ රිචර්ඩ් ඩෝකින්ස් විසින් "සෙල්ෆිශ් ජීන්" කියන පොතෙන්.. "ජානය" මෙන්ම "මීමය" ද ස්වභාවික වරණයට හසුවෙවී පරිණාමය වෙන බව තමයි ඔහු කියන්නේ.. ඇත්තටම මම උත්සහ කළේ ඒ අදහස මට වැටහෙන හැටියට සරල සිංහල බාසාවෙන් විස්තර කරන්ඩයි.. මගේ බ්ලොග් එක වෙත සාදරයෙන් පිළිගන්නවා..
Keep up the good work,
best wishes


