හරි හොද thread එකක්, මමත් යමක් කියන්න කැමති, මම ඔය හැම ආගමකටම ගෞරවය කරනවා, මොකද ආගම්වල වැරදි නැහැ, වරෙද්ද තියෙන්නේ මිනිස්සු වන අපි ගාවයි, ඒ ඒ ආගම්වල ඉන්න මිනිස්සුන්ගේ පෞද්ගලික ක්රියා කලාපය වෙනයි, ආගම් පොත්වල සදහන් කරලා තියෙන දහම වෙනයි, ඉතින් මිනිස්සු කරන වැරදි ඒ ආගම්වලට ඇතුලත් කරලා ඒ ආගම් අපහස කරන එක තමයි ගොඩාක් දුරට අපි කරන්නේ , මිනිස්සු කරන වැරදිවලට ආගම් පාලි නැහැ, අද සමහරක් පිලිවලට බුද්ධාගම, හින්දු ,කිරිස්තියානි ,ඉස්ලාම් --- ඔය ආගම්වල ඉන්න ගොඩාක් අය ඒ ආගම් හරියට පිලිපද්දීන්නේ නැහැ, ඒ වුනාට මම බෞධ්දයා මම හින්දු මම ක්රිස්තියානි මම මුස්ලිම් කියයි, ආගම් තර්ක කරයි, කවද්ද අපි අපේ ආගම් හරිවිදියට පිලිපද්දිනේ , කවද්ද අනිත් ආගම්වලට ගරු කරන්නේ අන්න එදාට අපි එකමුතුයි අපට ජය සිකුරුයි අපේ රටටත් ජයෙන් ජය, ඔබලාට දෙවියන්ගේම පිහිටයි .