මේ වගේ ඒවා දාන්ට එපා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    video karapu manussaya kohoma kalada kiyana eka hithaganna ba,apita balannawath bari eke,e kohoma wethath oka balalawath mewage anathurakin berenna kalpana karayi kiyala mata hithenawa... dan ape samaharak minissu mokak hari anathurak unama video kara kara innawa misak udawwak karanna yanne na,marenna yana miniha video kara kara innawa samaharu e manussayawa hospital eka geniyanne nathuwa...
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    machoo man mekata alithin set une.
    a hoda set 1k inna nissa.

    man rep dena ewa ahema godak dan ne.

    man hithanne me post 1ta kauru hari rep kapala.man dan ne balanta.

    u mokkado coment karala.man dan a kauda balanta.
    nobala inna 1a hodai.

    habai u th rate inne kalakanniyak ban.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වීඩියෝ එකෙන් බාගයක්වත් බලන්න බෑ නේ බන්!!!!
    Reported!

    yako nikan video report karata wadak na

    me wage dewal gana samaje danuwat karana one

    me video eka dakapu amma kenek hari tatta kenek hari me wage anaturak tiyena gahak tiyenawa nam ewa kapala dala me wage anaturu wena eken walakei

    me wage dewal redda asse hangan hitiyaata wadak na samaje danuwat karana one
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    thama video balanta puluwan.yt account 1kn giyoth hari.
    full video balanta puluwan ban.


    eth ban thawa 1age vipathak me vidiyata video karana 1a gena hithapanko ban.

    1a 1a hithana vidiya wenas ne ban.

    oya lamai ge ammala ahema aye me video 1a dakoth ban.mona dukak ai da ban.
    a minisunge duka aye ahusana wadak ne ban.


    math oya case 1a balanta giya 1k ban.
    anthima dawase a minisu hitapau widiya dakkanam ubala ohoma kiyan ne ban.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    video ඒක report කරන එක නෙමේ මිනිස්සු දැනුවත් වෙන එකයි වෙන්න ඕනේ මන් හිතන්නේ. ඕක බලන කොට ගණන් ගන්නේ නැතුව ඉන්න ගොඩක් දේවල් නිකම්ම ඔලුවට බහිනවා.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    video ඒක report කරන එක නෙමේ මිනිස්සු දැනුවත් වෙන එකයි වෙන්න ඕනේ මන් හිතන්නේ. ඕක බලන කොට ගණන් ගන්නේ නැතුව ඉන්න ගොඩක් දේවල් නිකම්ම ඔලුවට බහිනවා.
    :yes::yes:ඔව් බං අපේ පැත්තෙත් GI පයිප්පයකට හයි කරපු කෙක්කින් අඹ කඩන්ඩ ගිහින් කෙල්ලෙක්ට electricity (230V) වැදුනා ඒකෙල්ල බෙරගන්ඩ ගිය තවත් ගෑනු කෙනෙක්ටත් electricity වැදිල ඇලිල හිටිය පස්සේ මනුස්සයෙක් ගිහින් GI පයිප්පයට පොල්ලකින් ගැහුවා ඒපාර තමයි දෙන්න බේරුනේ. මතක්වෙන කොටත් ඇග හිරිවැටෙනවා බං මේ vedio එක සංවේදි වැඩියි edit කරලා දාන්ඩ තිබුනේ තව මනුස්සයෙක්ට දැනුවත් වෙන්ඩ.
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශබ්දයක්‌ ඇසී බලන විට මා දැක්‌කා
    සාරාංග ගිනි ගන්නවා අනිත් දෙදෙනාත්
    බිම වැටී සිටියා

    විදුලිසර වැදී මියගිය රත්නපුර දරුවන් දෙදෙනාගේ ඛේදවාචකය



    කෑගහන ශබ්දයක්‌ ඇසුණා. එළියට බැස්‌සම ශබ්දය එන්න එන්නම වැඩිවීම නිසා මිදුලේ අතින් පැත්තට හැරි බැලුවම මම දැක්‌කා මධුක සාරංග ආටිගල දරුවාගේ ඇඟ ගිනිගන්නවා. ඒ අසල ජයරත්න ආටිගලගේ ලොකු දුවත් ප්‍රේමරත්න ආටිගලගේ දුවත් බිම වැටී සිටියා. මම කෑ ගසමින් එම ස්‌ථානයට දිවගොස්‌ බේරගැනීමට උත්සාහ කළත් මටද විදුලි සර වැදී විසි වුණා. ඇන්ටනා බටයකින් රඹුටන් කැඩීමට ගොස්‌ විදුලි සර වැදී මියගිය දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්‌ෂණයේදී සාක්‌ෂි දෙමින් අරුමහන්දි මියුසි මෙන්ඩිස්‌ (52) මහත්මිය එසේ පැවසුවාය.

    රත්නපුර නාගරික හදිසි මරණ පරීක්‌ෂක එම්. එල්. විඡේරත්න මහතා ඉදිරියේ රත්නපුර මහ රෝහලේදී මෙම පරීක්‌ෂණය පැවැත්විණි.

    14 වැනි දින උදෑසන 10.15 ට පමණ රත්නපුර පතුල්පාල ප්‍රදේශයේදී සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත් වූයේ මධුක සාරංග ආටිගල (10) සහ සකුනි උමේෂා අටිගල (10) නමැති ඥති දරුවන් දෙදෙනාය. මියගිය මධුක සාරංග දරුවාගේ වැඩිමහල් සොයුරිය වන පියුමි ආටිගල දැරිය බරපතල තුවාල ලබා රත්නපුර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 15 වැනි දින මිය ගියාය.

    මියගිය මධුක ගෙවත්තේ පිහිටි දොඩම් ගසට නැඟ යකඩ බටයක්‌ ආධාරයෙන් රඹුටන් ගෙඩි කැඩීමට උත්සාහ දැරූ අවස්‌ථාවේ එම යකඩ බටය ඒ අසල ඇති අධි බලැති රැහැනක ගැටීම නිසා ඔහුට මෙන්ම ගසමුල සිටි සෙසු දෙදෙනාටම විදුලිසර වැදී තිබෙන බව රත්නපුර පොලිසිය සිදුකළ පරීක්‌ෂණයේදී අනාවරණය විය.

    එසේ විදුලිසර වැදීමෙන් දොඩම් ගස්‌ ද ගිනිගෙන තිබූ අතර සිද්ධිය වන අවස්‌ථාවේදී ඒ අසලින් ධාවනය වෙමින් තිබූ බලංගොඩ මූලික රෝහලට අයත් ගිලන්රථයක රියෑදුරු බණ්‌ඩාර මහතා වහාම ක්‍රියාත්මක වී අධික ලෙස පිළිස්‌සි සිටි දරුවන් තිදෙනා රෝහලට ගෙන ගොස්‌ තිබේ.

    රත්නපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත රත්නපුර පොලිසියේ පෙරේරා, පො.කො. (42670) සරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සාක්‌ෂිකාරිය වැඩිදුරටත් මෙසේද කීවාය.

    මියගිය සාරංගගේ මව වන මාලනි මා අවුරුදු 25 ක කාලයක පටන් හඳුනනවා. මා අවුරුදු දෙකක්‌ විතර වෙනවා මාලනිගේ නිවසට ඇවිල්ලා. සිද්ධිය වන අවස්‌ථාවේ මියගිය මධුක සාරංග දරුවාගේ තාත්තා ඒ අසල පිහිටි අචිනි ගෙස්‌ට්‌ හවුස්‌ එකේ වැඩට ගිහිල්ලා හිටියේ. මධුකගේ මවත් ඇයගේ නැන්දා වන මිසි නෝනත් තමයි මේ සිද්ධියේදී ගෙදර හිටියේ. එකපාරට ශබ්දයක්‌ ඇසුණා. නිවස පිහිටා ඇත්තේ මහපාරට තරමක්‌ උස්‌ බිමක. ඒ නිසා නිවසින් එළියට බැස්‌සම පේන්නේ පහළයි. මම එකපාරම බැලුවේ පහළ ප්‍රදේශයයි. ඉන්පසු නිවසේ පිටුපසට වෙන්න කෑගැහිල්ල ඇසුණා. මම එකපාරමට මිදුලේ අතින් පැත්තෙන් බලන කොට දැක්‌කා මධුක දරුවාගේ සිරු ගිනිගන්නවා. මම දිවගොස්‌ ඔහු බේරා ගැනීමට උත්සාහ කළත් මටත් මගේ හිතවතියටත් විදුලිසර වැදීම නිසා විසිවුණා. ඒ අසලම මධුගේ අක්‌කා සහ ප්‍රෙAමරත්න ආටිගලගේ දැරියත් වැටී සිටියා. කෑගැහිල්ලට ප්‍රදේශයේ අයත් ආවා. පැමිණෙන විටත් රඹුටන්ගහ ළඟ තිබෙන දොඩම් ගහත් ගිනිගන්නවා. පසුව දරුවෝ තුන්දෙනාම ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව රත්නපුර රෝහලට රැගෙන ගියා.

    හුලත්දුවගේ ජයරත්න ආටිගල මහතා (45)

    මා පදිංචිව සිටින්නේ රත්නපුර පතුල්පානේ. මම විවාහ වෙලා ඉන්නේ ප්‍රින්සි මාලනි අප්පුහාමි සමගයි. අපිට ගැහැණු දරුවෙක්‌ සහ පිරිමි දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා. මියගියේ බාල පුතුවන මධුක සාරංගයි. පුතා නිවස අසල පිහිටි බැලිමළුව විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා. ඉගෙනුමට හරිම දක්‌ෂයි. අපි දරුවන් තිදෙනාටම අඩුපාඩුක්‌ කළේ නැහැ. හැම දේම හරි වෙලාවට සිදු කළා. මගේ මල්ලි වන ප්‍රේමරත්න ආටිගලගේ එකම ගැහැනු දරුවා වන සකුනි ආටිගලත් මරණයට පත්වුණා. මේ දරුවන් සියලු දෙනාම මගේ ගෙදර තමයි ඉන්නේ.

    මගේ නිවස අසලින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ඇද තිබෙනවා. සිද්ධිය වන අවස්‌ථාවේ මා වැඩට ගිහිල්ලා හිටියේ. උදේ 5 ට පමණ තමයි මම නිවසින් පිටත්ව ගියේ. මා වැඩ කරන්නේ නිවස ළඟ පිහිටි හෝටලයක. මම වැඩ කරන අවස්‌ථාවේ කෑගහන ශබ්දය සමග මගේ නිවසට සෙනඟ යනවා දුටුවා. මා කඩිනමින් එතනට ගියා. මට හිතා ගන්න බැහැ මගේ දරුවන් සියල්ලම වැටී සිටියා. අපි කඩිනමින් රෝහලට රැගෙන ගියා. මට පසුව වැටහුනා විදුලි කම්බියක බටයක්‌ වැදීම නිසා මෙදේ සිදුවූ බව. මරණය ගැන කිසිදු සැකයක්‌ නැහැ. නමුත් විදුලි බල මණ්‌ඩලයේ නිලධාරී මහත්වරු මේ ගැන සැලකිලිමත් වුණානම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ.

    සමරවීර ගමගේ ප්‍රියානි මංගලිකා මහත්මිය (36)

    මම විවාහ වෙලා ඉන්නේ මියගිය මධුක දරුවගේ තාත්තාගේ මල්ලිවන ප්‍රේමරත්න ආටිගල සමගයි. අපිට හැම දේකටම හිටියේ එකම දරුවා තමයි අපිට නැතිවුණේ. සකුනි දුව අපෙන් උදුරා ගත්තා. වැලිමළුව විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබුවා. මියගිය මධුක සහ අපේ දරුවයි එකම වයසක පසුවුණා. අනිත් දරුවා මධුකගේ අක්‌කා පියුමි. පියුමි දුව පාතකඩ බෞද්ධ විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබනවා. මගේ මහත්තයා උදේ වැඩට ගියා. මම දරුවන් පහළට ඇරලවා දලුකඩන්න ගියා. මා දලු කඩන්න යන විටත් මිදුලේ බුදුමැඳුර ළඟ මධුක දරුවා තණකොළ උදුරමින් සිටියා අනිත් දරුවනුත් හිටියා. මා දලු කඩමින් සිටින කොට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මා එම ස්‌ථානයට කෑගහන ශබ්දය ඇසිලා බලන්න ගියා. එතකොට තමයි රඹුටන්ගහ ළඟ දරුවන් තිදෙනාම වැටී සිටියේ. ඒ අසල දොඩම් ගහද ඇවිලෙමින් තිබුණා. මේ මරණය කිසිදු සැකයක්‌ නැහැ. රඹුටන් කැඩීමට ගොස්‌ විදුලිසර වැදී මියයන්නට ඇතැයි විශ්වාස කරනවා.

    රත්නපුර නැගෙනහිර පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානයේ විදුලි අධිකාරි මුණසිංහ ජයතිලක මහතා (53).

    වසර 14 ක්‌ වෙනවා වැඩකරන්න අරගෙන. රත්නපුර වැලිමළුව දක්‌වා කොටස වෙනතෙක්‌ අපි නඩත්තු භාරව ඉන්නවා. 14 වැනි දින 10.34 ට විතර මට පණිවිඩයක්‌ ලැබුණා පතුල්පානේ විදුලි කම්බි ගිනි අරන් කිහිප දෙනකුට වැදී ඇති බව. මම බලංගොඩ ග්‍රඩ් උපපොළට කතා කරලා රත්නපුර අංක 8 පෝෂණය වහාම විසන්ධි කරන ලෙස උපදෙස්‌ දුන්නා. පසුව බිඳ වැටුම වාහනයක නිලධාරීන් කිහිප දෙනකු පිටත් කළා. මම වෙනත් වාහනයක එම ස්‌ථානයට ගියා. එම ස්‌ථානය පරීක්‌ෂා කළා. යකඩ බටයක්‌ විදුලි රැහැන් මත තිබුණු බව මම එහිදී දැක්‌කා. විදුලි රැහැන් ඇද තිබෙන්නේ ප්‍රධාන මාර්ගය හරහා ඒ නිසා අපෙන් සිදුවූදෙයක්‌ නොවෙයි මේක.

    මෙම මරණ පරීක්‌ෂණයේදී මියගිය සකුනි ආටිගල දැරියගේ පියා වන හුලන්දාවගේ ප්‍රේමරත්න ආටිගල මහතාද සාක්‌ෂි දුන්නේය.

    රත්නපුර මහරෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එස්‌. කේ. දිසානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කරන ලදී.

    මෙම මරණ විදුලිසර වැදීමෙන් අභ්‍යන්තරට ඉන්ද්‍රියන්ට සිදුවූ තුවාල හේතුවෙන් සිදුවූ හදිසි මරණය බවත් තහවුරු විය.

    මෙම මරණය දෙමාපියන්ගේ නොසලකිල්ලෙන් සිදුවූ හදිසි මරණයක්‌ බවට හදිසි මරණ පරීක්‌ෂකවරයා නිගමනය කළේය. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පියුමි ආටිගල දැරියගේ මරණ පරීක්‌ෂණ කටයුතු (15 දා) රත්නපුර මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.