මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1986 දී මගේ කකුලක් තුවාල වෙලා මාසයක් විතර මහ ඉස්පිරිතාලේ දොස්තර විජේමාන්න මහත්තයාගේ (Mr. N. Y. Wijemanne FRCS) ගේ වෝර්ඩ් එකේ නැවතිලා හිටියා. ඒකේ (ප්ලාස්ටික් සර්ජරි වාට්ටුව කියලයි කිව්වේ) මේ වගේ රෝගියෙක් හිටියා. මෑන් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ තමයි එතැනට එවනවා කිව්වේ. එයාගේ නළලේ ඇතිවෙන මේ ආකාරයේ අස්වාභාවික වැඩීම වසර තුන හතරකට සැරයක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කරනවාලු. එහෙම කරන්නේ ඒ ගෙඩිය ඇස් දෙකම හෝ එක ඇහැක් වසාගෙන වැඩුනාට පසුවලු. මම ඉන්න කොට මෑන් ගේ එක ඇහැක් සම්පුර්ණයෙන්ම වැහෙන ආකාරයට නළලේ ගෙඩිය වැඩිලා තිබුනා. මට තාමත් මතකයි මිනිහා ලෙඩ්ඩු බලන වෙලාවට පේන්න ඉන්නේ නැහැ. කවුරු හරි හදිසියේ දැක්කොත් බය වෙනවා. වාට්ටුවේ කොනේම තියන ඇඳක නොපෙනන පැත්තට හැරිලා පොරවාගෙන ඉන්නවා. නමුත්, ඒ වාට්ටුවේ ඉතාම ජොලියෙන් හිටපු මිනිහා එයා කියලත් මට හොඳටම මතකයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගරුඬ පුරාණය කියල පොතක් තියෙනවා ඒකෙ තියෙනවා කර්මය සහ විපාකය වෙන වෙනම
    බවුද්ධ පොතක් නෙමෙයි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    පෙර කරපු අකුසල කර්මමයි.

    Genetic අවුලක් වෙන්න ඇති.ඕවා ඉපදෙන්න කලින්ම හොයාගෙන ඇබෝර්ශන් කරනවා නන් එකක් එක්කො
    ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙ

    වර්තමානේ තාක්ශනේ දියුණුවත් එක්ක මේ වගේ දෙයක් වුනොත්, ස්කෑන් කරලා බලනකොට මෙහෙම ලෙඩක් තියෙනවා කියල දැනගන්නවනේ? එහෙම තියෙද්දී මේ වගේ ජීවිතෙකට මේ වගේ ලෙඩක් තියෙනව කියල දැන දැනත් උප්පත්තියක් දෙන එක පවක් නෙමෙයිද? එයාව දැන දැනත් අමාරුවේ දානවා වගේ නෙමෙයිද?

    හැබැයි ඉතින් එහෙම කරලා ඒ ජීවිතේ නැති කලත් ආයේ තවත් ජීවිතෙකින් මේ කර්මේ ගෙවල ඉවරයක් කරන්නම එපැයි.. 😣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    පෙර කරපු අකුසල කර්මමයි.


    ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙ
    පින් පව් ගැන හිතලා නෙමෙයි ඉතිං කිව්වේ.වෙන මොනා කරම්මද බන් ඔය විදිහට ඉපදිලා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    වර්තමානේ තාක්ශනේ දියුණුවත් එක්ක මේ වගේ දෙයක් වුනොත්, ස්කෑන් කරලා බලනකොට මෙහෙම ලෙඩක් තියෙනවා කියල දැනගන්නවනේ? එහෙම තියෙද්දී මේ වගේ ජීවිතෙකට මේ වගේ ලෙඩක් තියෙනව කියල දැන දැනත් උප්පත්තියක් දෙන එක පවක් නෙමෙයිද? එයාව දැන දැනත් අමාරුවේ දානවා වගේ නෙමෙයිද?

    හැබැයි ඉතින් එහෙම කරලා ඒ ජීවිතේ නැති කලත් ආයේ තවත් ජීවිතෙකින් මේ කර්මේ ගෙවල ඉවරයක් කරන්නම එපැයි.. 😣
    කෙනෙක් ඒ විදිහට අවලස්සන ස්වරූපයකින් උපදිනව නම් ඒ විතරක් නෙමේ තව අය උපදින්නෙ අංගවිකල විදිහට මන්ද බුද්ධික විදිහට ඒ එයාගෙ අකුසල කර්මය . වගේම තමා ඒ වගේ කෙනෙක් කාගෙ හරි අම්ම කෙනෙක්ගෙ කුසට එනව නම් ඒක ඒ අම්මගෙත් තාත්තගෙත් අකුසල කර්මයක්මයි. මේ කුසල අකුසල කර්ම දෙකම අපිට විපාක දෙනව. එතකොට කවදහරි කරපු පවක අකුසලයක් විපාක දෙනකොට අපි තේරුම් ගන්න ඕන මේක අපේ අකුසලයක් ඒ නිසා අපි ඒක විදින්න වෙනව කියන තැනට එන්න ඕන. එහෙම නැතුව අකුසලයක් යටපත් කරන්න ඔය කියනව වගේ කෙනෙක් මැරුවොත් (abortion posh උනාට ක්‍රියාව ප්‍රාණ ගාතම තමා) අර අකුසලය නිසා තවත් බරපතල අපායගාමි අකුසලයක් අර අම්මයි තාත්තයි කරගන්නව. ඊට වඩා හොද දෙයක් තියනව එහෙම දෙයක් දැනගෙන මේ අපේ අකුසලයක් කියල තේරුම් අරන් අර ළමයව කොහොමහරි හදාගෙන ඒ ළමයට සලකල බලාගෙන සාත්තු කරල ඒ ළමය ඉන්නෙ ටික කාලෙද ඒ කාලෙ හොදට බලාගෙන සැලකුවොත් අර විපාක දීපු අකුසලය නිසා ඒ අම්මටයි තාත්තටයි පුළුවන් දිව්‍ය සම්පත්තිය ලබාගන්න තරමේ පිනක් කරගන්න. අන්න ඒ විදිහට තමා අපි ඒක ගළපගන්න ඕන.