මොකක්ද මෙතන හදන්න යන්නේ?

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    මොකක්ද මෙතන හදන්න යන්නේ?

    Me Kottawa KFC eka issaraha wage wahagena hadana building eka neda? මොකක්ද මෙතන හදන්න යන්නේ?

    pas201633527-2.jpg

    pas201633527-3.jpg




    හයිලෙවල් පාරේ ගොඩනැගිල්ලෙන් මහජනයාට පීඩා: ප්‍රා ලේකම් ඉදිකිරීම් අත්හිටුවයි

    කොට්ටාව හයිලෙවල් පාරේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පොළොව කැපීම නිසා අවට නිවාස හා අනෙකුත් අතුරු මාර්ග රැසක් නායයාමේ අවදානමට ලක්ව ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි ඉදිකිරීම් අත්හිටුවා ඇත.

    දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර මුවාවෙන් පර්චස් 80ක පමණ ඉඩමේ අඩි 40ක් පමණ ගැඹුරට පස් කැපීමෙන් අවට නිවාසවලට ගමන් ගන්නා එක් මාර්ගයක් නායගොස් ඇති බවත් එහි භූගතව පිහිටි කළු ගල බෝර දමා පිපිරවීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ස්වසන රෝගපවා සෑදී ඇති බවත් දැඩි පරිසර හානියක් ද සිදුව ඇතැයි ද කියති.

    ලැබුණු පැමිණිලි සලකා බලා මේ පිළිබඳ නීතිමය කටයුතු කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවන බවට ප්‍රාදේශිය ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් නිකුත් කැර ඇත.

    - http://www.lankadeepa.lk/index.php/articles/391318
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    