යාත්‍රා වර්ග, බහලුම් ගැන අපි ටිකක් කතාකරපු නිසා, අද පොඩ්ඩක් කතාකරමු සමුද්‍ර වරායක් කියන්නේ මොකකක්ද කියන එක පොඩ්ඩක් සරලව.
වාරයක් යනු අන්තර්ජාතික හෝ දේශීයව ආනයන / අපනයන නැව් භාණ්ඩ සහ මගීන් පටවන සහ මුදා හරින යම් විශේෂිත ප්රදේශයකි.
මෙහිදී, සමුද්‍ර නාලිකාව හරහා ගමන්ගන්න මගීන් පැටවීම සහ ගොඩ බැස්විම, භාණ්ඩ පැටවීම සහ ගොඩබෑම මුලිකවම සිදුකරනු ලබයි. අමතරව යාත්‍රා සදහා නැංගුරම් පහසුකම්, බහලුම් ගබඩාකිරීමේ පහසුකම් වලින් සමන්විත විශේෂිත ස්ථානයක් ලෙස හැදින්විය හැක.
වරාය ස්වාභාවික ස්ථානයක් ලෙසත් කෘතිම ඉදිකිරීමක් ලෙසත් වර්ගකර හැක.
ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය ස්වාභාවික ස්ථානයක් ලෙසත් හම්බන්තොට වරාය කෘතිම ඉදිකිරීමක් ලෙසත් උදාහරණයක් දැක්වීම හැක.
ස්වාභාවික වරායන් සාමාන්‍යයෙන් ගොඩබිමෙන් වටවී ඇති අතර මෙය නැව් සඳහා හොඳ නැංගුරම් ස්ථානයක් බවට පත් කරමින් ආරක්ෂිත බොක්කක් නිර්මාණය කරයි. රටවල් අතර වෙළඳාම සක්‍රීය කිරීමට මිනිසා මෙම ස්වාභාවික වරායන් භාවිතා කළේය. ස්වභාවික වරායන් සෑම විටම තමාට අවශ්‍ය තැන්වල නොතිබූ බැවින් මිනිසා වෙළඳාම දියුණු කිරීමට සහ වැඩිදියුණු කිරීමට කෘතිම වරායන් නිර්මාණය කිරීමට පටන් ගත්තේය.
මුල්කාලීනව ස්වාභාවික වරායන් තුලින් මුලික අවශ්‍යතා පමනක් සිදුකරගනු ලැබුවත් නවීන වාරයන් වල නවීන යාත්‍රා සහ උපකරණ තුලින් විශ්ෂිත වූ අවශ්‍යතා සහ සේවාවන් සපයනු ලබයි. මුල්කාලීන වරායන් හුදෙක් සරල වරායන් බවට පත් වූ අතර, නවීන වරායන් මුහුදු, ගංගා, ඇළ, මාර්ග, දුම්රිය සහ ගුවන් මාර්ග භාවිතා කරමින් ප්‍රවාහන සම්බන්ධතා ඇති බහුවිධ බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්ව ඇත.
නවීන වරායන්හි ගැන්ට්‍රි දොඹකර, ස්ටැකර් සහ ෆෝක්ලිෆ්ට් ට්‍රක් වැනි විශේෂිත භාණ්ඩ හැසිරවීමේ උපකරණ වලින් සමන්විත අතරම එයින් පෙර සදහන්කල පරිදි විශ්ෂිත වූ අවශ්‍යතා සහ සේවාවන් සපයනු ලබයි.
සමහර වරායන් තුලදී විශේෂිත භාණ්ඩ පමණක් හැසිරවිය හැකි අතර, ලොව පුරා ඇති වරායන්ගෙන් අතිමහත් බහුතරයක් එකම වරාය තුළ බහු භාණ්ඩ ප්‍රවාහනය සහ හැසිරවීම සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස කොලබ වරාය සියලුම ආකාරයේ භාණ්ඩ හසුරුවන ලබන නමුත් හම්බතොට වරායේ සිදුකල හැක්කේ රථ ප්‍රවාහක යාත්‍රා හැසිරවීම පමණයි,
වරායක් සැලකීමේදී ප්‍රදානම අංග දෙක ලෙස සැලකිය හැක්කේ, Terminals සහ Berth/Quay කියන කොටස් දෙකයි.
Terminals : Terminal යනු වරායක යාත්‍රා නැංගුරම් කිරීමට කෘතිමව නිර්මාණය කල හෝ ස්වාභාවික නිර්මාණය වූ පර්යන්ත වන අතර, එක් Terminal නැවතුමක යාත්‍රා කිහිපයක් එකවර නැවත්වීම සදහා Pier කිහිපයක් නිර්මාණය කල හැක.
උදාහරණ : Jaya Container Terminal (JCT) / Colombo International Container Terminals (CICT) / South Asia Gateway Terminals (SAGT)
එක් වරායක පහත පරිදි විවිද පර්යන්ත තිබිය හැකිය.
කොලබ වරාය මෙම සියලුම පර්යන්ත වලින් දැනටමත් පරිපුර්ණ බව විශේෂයෙන් සදහන්කල යුතුය..
Container Terminal
Ro-Ro Terminal
Oil & Gas Terminal
Bulk Cargo Terminal
Multi Purpose Terminal
Berth/Quay : සෑම වරායකටම හෝ පර්යන්තයකටම නැංගුරම් පොළවල්/තොටුපළවල් කිහිපයක් තිබෙන අතර, සාමාන්‍යයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙරළ උපකරණ, ආවරණය කරන ලද මඩු, විවෘත භාණ්ඩ ගබඩා ප්‍රදේශ යනාදී භාණ්ඩ මුදා හරින, පැටවූ සහ ගබඩා කළ හැකි ස්ථාන ආදිය ඇත. එක් බහාලුම් පර්යන්තයක නැව් කිහිපයක් එකවර හැසිරවිය හැකි නැංගුරම් පොළවල් කිහිපයක් තිබිය හැකිය.
මිට අමතර බහලුම් ගබඩා ස්ථාන කිහිපයක්, යාත්‍රා සදහා තෙල් නිකුත්කිරීමේ ස්ථාන කිහිපයක්, යාත්‍රා අලුත්වැඩියා හෝ නිපදවීම ස්ථාන, බහලුම් නිෂ්කෂණයෙන් භාණ්ඩ ගබඩා කර තබන CFS (container freight station) කිහිපයක් වාරයක් සතු වෙයි.
වරාය සහ පර්යන්ත වල බාවිතා වන උපකරණ කිහිපයක් පහතින් හදුනාගමු.
Ship to shore container cranes (STS) : පර්යන්තයේ නවතා ඇති බහලුම් යාත්‍රාවක සිට ගොඩබිමටත් නැවතත් යාත්‍රාව තුළටත් බහලුම් ගොඩබැම සහ පැටවීමට යොදාගන්න ප්‍රදානම දොබකරය STS ලෙස හදුන්වයි. මෙය සරලවම පැහැදිලි කළහොත් ගැන්ට්‍රි දොඹකරයක් ලෙස හැදින්විය හැක.
Rubber-tired gantry (RTG) : පර්යන්තයේ නිශ්චිත ගබඩා ස්ථාන අතර බහලුම් සංවිදානය කිරීමට යොදාගන්න උපකරණය RTG නම් වේ.
STS උපකරණයෙන් බානු ලබන බහලුම් ගබඩා ස්ථානය සදහා රථයකින් පිටත්කිරීමට එක් තෝරාගත් ස්ථානයහි බහලුම් ගබඩා කිරීම මෙම උපකරණ වලින් සිදුකරයි.
Rail-mounted gantry (RMG) : රේල්-මවුන්ටඩ් ගැන්ට්‍රි (RMG) යනු පුළුල් පරාසයකින් යුත් ස්ථාවර අන්තර් මාදිලි උපකරණ වන අතර රේල් පීලි හයේ සිට දහය දක්වා හෝ බහාලුම් 8 සිට 12 දක්වා හැසිරවීමට භාවිතා කළ හැකිය.
Reach stacker : මෙම උපකරණය මගින් බහලුම් ගබඩා ස්ථානයේ අට්ටලවල ක්‍රමානුකුලව ස්ටැකර් කිරීම සිදුකරනු ලබයි. මෙම උපකරණවල නම්‍යශීලී හසුරුම් කොටස් නිසා පහසුවෙන් බහලුම් හැසිරවිව හැක.
The Holstler truck : හොල්ස්ට්ලර් ට්‍රක් රථය සැලසුම් කර ඇත්තේ බහාලුම් පර්යන්ත තුළට ගෙන යාමට සහ පර්යන්තය තුලට රැගෙන එමටය.
මෙම රථයක් තුලින් වරකට එක් බහාලුමක් පමණක් ප්‍රවාහනය හල හැක. ගබඩා ස්ථානය වෙතින් හෝ ගබඩා ස්ථානය වෙත ඉක්මනට බහලුම් රැගෙන යාම මෙහි ඇති ප්‍රදනතම පහසුව වේ.
දැන් අපි පොඩ්ඩක් කතාකරමු ශ්‍රී ලංකාවේ ප්‍රදානම සමුද්‍ර වරායන් කිහිපයක් ගැන.
කොළඹ වරාය
ශ්‍රී ලංකාවේ විශාලතම වරාය වන කොළඹ වරාය වන අතර එය ලෝකයේ ඉහළම වරායන් 25 අතරට එක්වන අතර, වාර්ෂිකව TEU මිලියන 7ක හැසිරවීමේ ධාරිතාවක් සහිත ලොව කාර්යබහුලම බහාලුම් වරායන්ගෙන් එකකි.
විශ්ෂයෙන් සිහිපත් කරන්න ඕන, කොලබ වරාය නුතන සහ තාක්ෂණයෙන් ලෝකයේ අනෙකුත් වරායන් සමග සමවක්රියාත්මකවන වරායක් ලෙස හැදින්විය හැක. කොළඹ වරාය 2008 දී නවීකරණය කර ප්‍රතිසංස්කරණය කරන ලද අතර මීටර් 15 ක් ගැඹුරට කැණීම් කිරීම තුලින් ලොව දැනට නිෂ්පාදිත ඕනෑම යාත්‍රාවකට පැමිණීමට එමගින් පහසුකම් සලසන ලදී. වරාය අක්කර 1200ක් ආවරණය වන අතර විහිදියන අතර අන්තරායකර ද්‍රව්‍ය සහ දිරාපත් වන භාණ්ඩ හැර විවිධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැංගුරම් පොළවල් 51කින් සමන්විතය. එහි ගබඩා 25 කට වඩා, වර්ග මීටර් 200 ක සිසිල් කාමරයක් සහ ප්‍රධාන පර්යන්ත පහසුකම් හතරක් ඇත.
හම්බන්තොට වරාය
හම්බන්තොට වරාය මාගම්පුර වරාය ලෙසද හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇත.
(ඇත්තම කියොත් මේකට ලගම නගරය හම්බන්තොට නෙමේ)
එය 2008 දී චීන මූල්‍ය ආධාර ඇතිව ඉදිකරන ලද සහ වසර 99 ක බදු පදනම මත නැවතත් චීනයට ලබා දුන් මෙම වරායෙන් දැනට සිදුකරනු ලබන්නේ ආශ්රිත යාත්‍රා වලට තෙල් සැපයීම සහ රථ ප්‍රවාහක යාත්‍රා හැසිරිවිම පමණයි.
හම්බන්තොට වරාය මීටර් 312 ක් සහ මීටර් 989 ක් ආවරණය වන පරිදි දියකඩන දෙකකින් සමන්විත වේ.
ගාලු වරාය
නිරිතදිග වෙරල තිරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම වරාය ගාලු වරාය වේ. නැඟෙනහිර - බටහිර වෙළඳ මාර්ගයේ ගමන් කරන සංචාරක නැව් සහ වාණිජ යාත්‍රා සඳහා හෙක්ටයාර් 320 ක් ආවරණය වන පරිදි ස්වාභාවික වරාය ප්‍රදේශයක් එය ආවරණය කරන අතර සීමිත ජල ගැඹුර හේතුවෙන් නවීන විශාල නැව්වලට පැමිණීමට නොහැකි වන අතර එමනිසා බහලුම් හැසිරවීමක් මෙහිදී සිදු නොවේ. කෙසේ වෙතත්, එය තවමත් ශ්‍රී ලංකාවේ මෙන්ම වැදගත් කලාපීය වරායක් වන අතර විනෝද යාත්‍රා සඳහා නැංගුරම් පහසුකම් ඇති රටේ එකම වරාය වේ. ගාලු වරාය ජාත්‍යන්තර යාත්‍රා සංගම් විසින් යාත්‍රා පැදවීම සඳහා හොඳම ගමනාන්තයක් ලෙස පිළිගෙන ඇත. ප්‍රදාන වශයෙන් මෙම වරාය තුලදී සහල්, පිටි, සිමෙන්ති, ක්ලින්කර්, ජිප්සම් සහ පොහොර වැනි විවිධ වර්ගයේ භාණ්ඩ හසුරුවයි.18 වන සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත රජය විසින් කොළඹ කෘත්‍රිම වරාය ඉදිකිරීමට පෙර, ගාලු වරාය 12 වන සියවසේ සිට 1873 දක්වා ලංකාවේ කාර්යබහුලම වරාය ලෙස පැවතුනි.
ත්‍රිකුණාමල වරාය
ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති ත්‍රිකුණාමල වරාය ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික වරාය සහ සමස්ත අග්නිදිග ආසියානු කලාපයේ ගැඹුරුම වරාය වේ . එය කොළඹ වරායට වඩා දස ගුණයකින් විශාල වන අතර එහි නැංගුරම් ලා ඇති ප්‍රදේශයේ ඕනෑම ප්‍රමාණයක නැව් නැවැත්විය හැකිය.
එය දකුණු ආසියා උප මහද්වීපයේ ඇති එකම හොඳින් ආරක්ෂිත වරාය වන අතර, එහි උපාය මාර්ගික භූගෝලීය පිහිටීම සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වරායන් හා සසඳන විට සාපේක්ෂව අඩු තදබදයකින් යුක්තයි
මේ වරාය දිගු ඉතිහාසයකට උරුමකියන අතර එය පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යටත් විජිත බලවතුන් විසින් අත්පත් කරගෙන ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී එය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් කඳවුරක් ලෙස තෝරා ගන්නා ලදී.
ත්‍රිකුණාමලය වරාය ඛනිජ වැලි / සිමෙන්ති, පෙට්‍රෝලියම් භාණ්ඩ සහ ක්ලින්කර් යාත්‍රා හැසිරවීම පමණක් සිදුකරනු ලබයි.
ඔලුවිල් වරාය
ඔලුවිල් වරාය ව්‍යාපෘතිය ඩෙන්මාර්කයේ විදේශ අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව 2008 දී ආරම්භ කරන ලදී.
වර්තමානයේ එය අක්කර 148 ක භූමි ප්‍රමාණයකින් ආවරණය වන අතර එය සාමාන්‍ය භාණ්ඩ නැව් සහ ධීවර යාත්‍රා හැසිරවීම සඳහා ප්‍රධාන අංශ දෙකකට බෙදා ඇත.
සටහන : Walter White
තොරතුරු සදහා අන්තරජාලය බාවිතා කල අතරම චායාරුප අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී.