මොනවද මේ "Transshipment" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    අදත් ඉතින් සුපුරුදු පරිදි කෙටි සටහනක් ඉතින් මොනවද මේ බහලුම් "Transshipment" කියන්නේ කියලා.

    ඉතින් සරලවම "Transshipment" කියන්නේ බහලුමක් අපනයනය වරායේ සිට ආනයන වරාය දක්වා හෝ වරායන් දෙක අතර සෘජු වෙළඳ මාර්ගයක් ඔස්සේ නැව්ගතකිරීමක් නොමැති විට අතරමග වරායක් තුලට පළමු යාත්‍රාවෙන් ගොඩබැමෙන් පසුව තවත් යාත්‍රාවක් තුලින් නැව්ගත කර ගමනාන්ත වරාය දක්වා ප්‍රතිනැව්ගත කිරීමයි. තවත් සරල කරොත් අවසාන ගමනාන්තය වෙත ළඟා වීමට එක් යාත්‍රාවකින් භාණ්ඩ බෑම සහ තවත් යාත්‍රාවකට පැටවීමයි. මෙම ප්‍රතිනැව්ගතකිරීම අප හදුන්වන්නේ "Transshipment" ලෙසයි.

    තව ටිකක් ඉස්සරහට යමු දැන්.

    නාවික සමාගම් බහලුම් ප්‍රවාහනයේදී ක්‍රම දෙකකට බහලුම් ගමනාන්ත වරායන් වෙත නැව්ගත කිරීම් සිදුකරනු ලබනවා.

    1. Direct Sailing - මෙහිදී බහලුම යාත්‍රාවට පටවන වරායේ සිට ගමනාන්ත වරාය දක්වාම එක් යාත්‍රාවක පටවා රැගෙන යාම.
    2. Transshipment - මෙහිදී ඉහත පරිච්චේදයේ සදහන්කල පරිදි බහලුම් පළමු යාත්‍රාවෙන් ගමනාන්තය නොවන අතරමග වරායක් තුලට ගොඩබැමෙන් පසුව තවත් යාත්‍රාවකින් ගමනාන්ත වරාය වෙත රැගෙන යාමයි.

    WR5ZDO2.png


    අපි දැන් මිට්ටෝ ටිකක් උපයෝගී කරගෙන මේ පිලිබදව සරල අදහසක් ගමු.

    @Kalegana කියන්නේ "Liverpool" නාවික සමාගමේ හිමිකරු.

    "Liverpool" යාත්‍රා සමාගම ඔවුන්ගේ "INDIA AFRICA" නැමති සේවාව ක්‍රියාත්මක කරන මාර්ගය වන්නේ Colombo - Mundra - Chittagong - Vizag - Kolkata - Colombo කියන වරායන් වේ.
    අමතරව ඔවුන් "EMPIRE" නැමති සේවාව ක්‍රියාත්මක කරන මාර්ගය වන්නේ Singapore - Manila - Chittagong - Jebel Ali - Hamburg - Singapore කියන වරායන් වේ.

    දැන් අපේ @PHBhagya ට ඔහුගේ ඇදන් නිෂ්පාදන බහලුමක් "Liverpool" යාත්‍රා සමාගම සමග "Chittagong" දක්වා යැවිය යුතුයි. ඔහු ඉහිදී @Kalegana සමග ගිවිසුම් ගතවන අතර එවිට @Kalegana බහලුම නැව්ගත කරනු ලබන්නේ "INDIA AFRICA" නැමති සේවාව තුලයි. මන්ද එම සේවාව "Chittagong" දක්වා එක යාත්‍රාවකින් නැව්ගත කිරීමක් සිදුකල හැකි වීමයි. එතකොට අපි එකට කියන්නේ "Direct Sailing" කියලා.

    දැන් අපේ @Solo Rider ට ඔහුගේ සත්ව ආහාර බහාලුමක් "Liverpool" යාත්‍රා සමාගම සමග "Hamburg" දක්වා යැවිය යුතුයි. ඔහු ඉහිදී @Kalegana සමග ගිවිසුම් ගතවන අතර එවිට @Kalegana හට බහලුම එක යාත්‍රාවක් බාවිතා කරමින් "Hamburg" දෙසට යැවීමට හැකියාවක් නොමැති අතර එහිදී පළමුවෙන් බහලුම "INDIA AFRICA" නැමති සේවාව හරහා "Chittagong" වෙත නැව්ගත කල, එතැන් සිට "EMPIRE" නැමති සේවාව තුලින් අවසන් වරාය වන "Hamburg" වෙත බහලුම නැව්ගත කරනු ලබයි. මන්ද ඔහුට "Colombo" සිට "Hamburg" දක්වා සෘජු වෙළඳ මාර්ගයක් සතුව නොමැති වීමයි.

    දැන් එතකොට ඇයි දෙවෙනි බහලුම "Chittagong" වලින් බෑවේ? මොකද සේවාවන් දෙක යාකරන වරාය වන්නේ "Chittagong" වීමයි. එතකොට ප්‍රතිනැව්ගතකිරීම පහසු සහ ප්‍රයෝගික එම වරායයි. මෙවන් සිදුවීමක් අප හදුන්වන්නේ "Transshipment" ලෙසයි. පහල සටහන බලන්න.

    zT2PNWZ.png



    ප්‍රතිනැව්ගත කිරීමේ ක්‍රියාවලිය - Transshipment process

    ප්‍රතිනැව්ගත කිරීමේ ක්‍රියාවලියට නැව්ගත කිරීමේ ගමනේ ප්‍රධාන පියවර කිහිපයක් ඇතුළත් වේ.

    ප්‍රථමයෙන් භාණ්ඩ එහි අපනයන රටෙන් නැව්ගත කරනු ලැබේ. පසුව, එය අතරමැදි කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරමින් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයකට නැතහොත් වරායකට යොමු කෙරේ. ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයට ළඟා වූ පසු, භාණ්ඩ එහි අවසාන ගමනාන්ත වරාය වෙත නැව්ගත කරනු ලබයි. බහලුම අවසන් සහ ගිවිසගත් වරායට ළඟා වූ පසු, එය ප්‍රතිනැව්ගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සනිටුහන් කරයි.

    ලෝකයේ කාර්යබහුලම ප්‍රතිනැව්ගත වරායන්

    Port of Singapore - සිංගප්පූරු වරාය ලොව පුරා රටවල් 123 ක වෙනත් වරායන් 600 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිනැව්ගතකිරීම සම්බන්ධතා ලබාදේ. සිංගප්පූරු වරාය ලොව කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ද වේ.

    Port of Shanghai - ෂැංහයි වරාය ලෝකයේ කාර්යබහුලම වරාය වන අතරම කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයකි.
    මෙම වරාය Yangtze ගඟ සමඟ සම්බන්ධ වී ඇති අතර එය චීනයේ ප්‍රදාන පළාත් කිහිපයකට සම්බන්දවි ඇති හෙයින් රට ඇතුලත ප්‍රතිනැව්ගතම් අදිකව සිදුකරනු ලබයි. මෙම වරාය විදේශ වෙළඳාම සඳහා චීන දොරටුවයි.

    Port of Hong Kong - හොංකොං වරාය දකුණු චීනයේ ශක්තිමත්ම සහ පලදායි වරාය වන අතර ප්‍රතිනැව්ගතකිරීම වලට අමතරව සියලු වර්ගවල නැව් අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ වියලි නැව්ගත කිරීම සඳහා පුළුල් පහසුකම් වලින් සමන්විතය.

    J0sk9tS.png


    ප්‍රතිනැව්ගත කිරීම් සඳහා හේතු මොනවාද - What are the reasons for transshipments?

    -වරායන් අතර සෘජු සම්බන්ධතාවයක් නොමැතිවීම-
    මෙහිදී මූලාරම්භක වරාය සහ ගමනාන්ත වරාය අතර සෘජු ගුවන්, ගොඩබිම් හෝ මුහුදු සම්බන්ධකයක් නොමැති වීම.

    -පිරිවැය ඉතිරිකිරීම්-
    මෙහිදී Direct Sailing වල පිරිවැය දරාගැනීමට නොහැකි සහ බහලුම ගමනාන්ත වරාය වෙත යැවීම හදිසි නොවන අවස්ථාවකදී මිලෙන් අඩු Transshipment ක්‍රමය යොදාගනු ලබයි. ප්‍රතිනැව්ගත කිරීමේ විකල්පය වැඩි කාලයක් ගතවන නමුත් පිරිවැය අවම කරයි.

    -විශාල යාත්‍රා අභියෝග-
    විශාල යාත්‍රා කුඩා වරායන් වෙත බහලුම් ප්‍රවාහන සිමාකිරිම. මෙහිදී ගමනාන්ත වරාය අසල විශාල වරායක් තුල බහාලුම බෑමෙන් පසුව කුඩා යාත්‍රා වලින් ගමනාන්තයට යැවීම. කාලය ඉතුරුකරගැනීම සදහා වේ.

    -අන්තර් ප්‍රවාහනය-
    අන්තර් ප්‍රවාහනය යනු භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම සඳහා ප්‍රවාහන ක්‍රම දෙකක් හෝ වැඩි ගණනක යොදා ගැනීමයි. යම් යම් අවස්ථාවල ගමනාන්ත වරාය දක්වා යම් දුරක් යාත්‍රාව මගින්ද, ඉතුරු දුර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට සිදු විය හැක.

    -දේශපාලන හෝ නීතිමය සීමාවන්-
    ඇතැම් රටවල් වෙත බහලුම් ප්‍රවාහනයේදී නීතිමය හෝ දේශපාලන සීමාවන් හරහා සම්බාධක හෝ වෙනත් රෙගුලාසි මතද යම් අවස්ථා වල නැව්ගත කරන ක්‍රමය වෙනස්විය හැක.

    ප.ලි - කලාපිය සහ ගෝලීය වශයෙන් කොලබ වරාය යනු බහලුම් ප්‍රතිනැව්ගතකිරීම අතින් සිටින වරායක් වේ.

    කෙටි සටහන : Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    විශිෂ්ඨයි (y)
    අපේ ආන්ඩුව ආවම අපි සින්ගපූරුවට කෙලෝල, ඒ තැන කොලබ වරායට ගන්නව




    ඩිරෙක්ට් යවන්න බැරි නන් කලෙගානත් එක්ක තියන ගිවිසුම අහෝසි කරනව මම
    චැහ්, මට එපා ඕකුන්ගෙ කෙහෙල් මල් සමාගම :oo:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    විශිෂ්ඨයි (y)
    අපේ ආන්ඩුව ආවම අපි සින්ගපූරුවට කෙලෝල, ඒ තැන කොලබ වරායට ගන්නව




    ඩිරෙක්ට් යවන්න බැරි නන් කලෙගානත් එක්ක තියන ගිවිසුම අහෝසි කරනව මම
    චැහ්, මට එපා ඕකුන්ගෙ කෙහෙල් මල් සමාගම :oo:
    Shade Fool GIF by ABC Network
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    හම්බන්තොටත් ඔය සින් එක නේද කරන්නේ බන්?
    වාහන වලට හම්බා සුපිරි. දැනටත් දැනෙන ගානක් කරනවා.

    සුපිරි බන් අපිට තේරැනා නියමට උබ මොකද හිතන්නේ ලංකාවේ වරායවල් ඔය serviceඑක දෙන්න හදන්න බැරිද
    ඕනෑවටත් වඩා පහසුකම් තියෙනවා. පාලනය තිතට තිබ්බනම් මේක තමයි රට.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    විශිෂ්ඨයි (y)
    අපේ ආන්ඩුව ආවම අපි සින්ගපූරුවට කෙලෝල, ඒ තැන කොලබ වරායට ගන්නව




    ඩිරෙක්ට් යවන්න බැරි නන් කලෙගානත් එක්ක තියන ගිවිසුම අහෝසි කරනව මම
    චැහ්, මට එපා ඕකුන්ගෙ කෙහෙල් මල් සමාගම :oo:
    මෙයින්ද මහත්තයගෙ වරායත් විකුනලා බොරු කියන්න එපා වල් නාකි බල්ලො 🥲🤪

    වාහන වලට හම්බා සුපිරි. දැනටත් දැනෙන ගානක් කරනවා.


    ඕනෑවටත් වඩා පහසුකම් තියෙනවා. පාලනය තිතට තිබ්බනම් මේක තමයි රට.
    නයිට් රයිඩර්ලා සෑහෙන්න ඉන්නව හම්බන්තොට
    ------ Post added on Mar 8, 2024 at 5:35 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    අපිට gas එන්නෙත් ඔය වාගෙද?
    ලොකු නැවකින් පොඩි නැව් වලට ගහලා මෙහෙට එනවා වගේ කියලා අහලා තියෙන්නේ.
    ලාප්ස් එන්නෙ හම්බන්තොටට 🤪
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    අපිට gas එන්නෙත් ඔය වාගෙද?
    ලොකු නැවකින් පොඩි නැව් වලට ගහලා මෙහෙට එනවා වගේ කියලා අහලා තියෙන්නේ.
    LPN, LPG ගැන මම වෙනම නූලක් දෙන්නම්..