ඉතින් එලකිරි කුකුලනි Infrared Thermography (IR thermography) මේ දවස් වල වැඩ වගයක් කරපු නිසා තමා මේක ලියන්න හිතුනෙ.
ඉස්සෙල්ලාම IR thermography කියලා කොරන්නෙ මොකක්ද බලමු. කවුරුත් දන්න විදියට මොකක් හරි දෙයක් රත්වෙනකොට ඒකෙන් infrared energy emit (අඩෝරක්ත ශක්තිය) කරන්න ගන්නව, IR thermal imager එකකින් කරන්නෙ මොකක් හරි වස්තුවක පිටත් පෘෂ්ඨයෙන් emit කරන infrared energy එක capture කොරලා පොටෝ එකක් විදියට අපිට බලාගන්න පුලුවන්.
දැන් එකෙක්ට හිතෙන්න පුලුවන් යකෝ මේක අපිට පියවී ඇහැට පේන්නෙ නැද්ද කියලා, ඒකට උත්තරේ තමා IR කියන එක විද්‍යුත් චුම්බක වර්නාවලියෙ (electromagnetic spectrum) අපේ දුෂ්ය පරාසෙට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ පහල රූපෙ වගේ.
IR thermography වල ප්‍රැක්ටිකල් පාවිච්චි වෙන තැන් ගොඩක් තියෙනව
- සෞඛ්‍යය ක්ෂේත්‍රයේ
- හමුදා කටයුතු වලට
- ඉංජිනේරු ක්ෂේත්‍රයේ
අපි මේ වැඩ වලට පාවිච්චි කරන්නෙ පහල තියෙනව වගේ thermal imager එකක්. ඒකෙන් ගන්න පොටෝ පෙන් එකට හරි මෙමරියට දාගෙන ඊලග පොටෝ එකේ වගේ සොප්ට්වෙයාර් එකට දාලා එඩිට් කොරලා බලන්න පුලුවන් අවුල් තියෙනවනම්.
මේන් භාණ්ඩෙ
පහල පොටෝවෙ තියෙන්නෙ එලියට බැලුවම ලස්සන පැනල් බෝඩ් එකක් නේත
දැන් මොකෝ හිතෙන්නෙ පේනවද අවුලක් ??? ඔතන බ්‍රේකරේ කනෙක්සන් එකේ අවුලක් වයර් එක වැදිලා නෑ හරියට.
ටැංකියේ ඩීසල් කොච්චරක් තියේද කියලා බලමුද (color එකවෙනස් වෙලා තියෙන්නෙ ඩීසල් මට්ටමෙන්)
ඔන්න ඔහොමයි කතන්දරේ වෙන්නෙ සරලව, steam line, insulation වගේ දේවල් වල පොටෝ ගොඩක් තියේ imaging කරපුව අප්ලෝඩ් කරන්න කම්මැලි. අන්තිමට කියන්න තියෙන්නෙ මට දේවල් මග ඇරිලා තියෙන්න පුලුවන් හොදේ
ප.ලි : @Walter White බොසා ලස්සන ත්‍රෙඩ් ටිකක් දානව දැකල ලියන්න හිතුනෙ, කම්මැලි සිංහලු මේවා ලියන්න දැන්
එහෙනම් කොල්ලො අපි ගියා
