මොකක්ද මේ Infrared Thermography (IR thermography)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    ඉතින් එලකිරි කුකුලනි Infrared Thermography (IR thermography) මේ දවස් වල වැඩ වගයක් කරපු නිසා තමා මේක ලියන්න හිතුනෙ.

    ඉස්සෙල්ලාම IR thermography කියලා කොරන්නෙ මොකක්ද බලමු. කවුරුත් දන්න විදියට මොකක් හරි දෙයක් රත්වෙනකොට ඒකෙන් infrared energy emit (අඩෝරක්ත ශක්තිය) කරන්න ගන්නව, IR thermal imager එකකින් කරන්නෙ මොකක් හරි වස්තුවක පිටත් පෘෂ්ඨයෙන් emit කරන infrared energy එක capture කොරලා පොටෝ එකක් විදියට අපිට බලාගන්න පුලුවන්.

    16OTD202_TM2.jpg

    දැන් එකෙක්ට හිතෙන්න පුලුවන් යකෝ මේක අපිට පියවී ඇහැට පේන්නෙ නැද්ද කියලා, ඒකට උත්තරේ තමා IR කියන එක විද්‍යුත් චුම්බක වර්නාවලියෙ (electromagnetic spectrum) අපේ දුෂ්ය පරාසෙට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ පහල රූපෙ වගේ.

    1665770004295.png

    IR thermography වල ප්‍රැක්ටිකල් පාවිච්චි වෙන තැන් ගොඩක් තියෙනව

    1. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ

    2. හමුදා කටයුතු වලට

    3. ඉංජිනේරු ක්ෂේත්‍රයේ

    මට ඉතින් ඔතන මුල දෙකේ මේක පාවිච්චි වෙන විදිය ගැන ලොකු දැනුමක් නම් නෑ ඕන්, තුන්වෙනි එක ගැන තමා දන්නෙ, එක්ක ගැන පොඩ්ඩක් කියන්නම් ඉතින්. ලංකාවෙ ගොඩක් වෙලාවට ඕක පාවිච්චි වෙන්නෙ preventive maintenance (දෙයක් වෙන්න කලින් නවත්තගන්න) හෝ තියෙන ප්‍රශ්නයක් අදුරගන්න. සරලව පැනල් බෝඩ් එකක, මැසිමක, thermal line එකක මෙකී නොකී සෑහෙන්න දේවල් වල පස්න අදුරගන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේවා අපේ පියවී ඇහැට නොපෙනන පොඩි දේවල් උනාට ඉස්සරහට බරපතල පස්න වෙන්න පුලුවන් දේවල්.

    අපි මේ වැඩ වලට පාවිච්චි කරන්නෙ පහල තියෙනව වගේ thermal imager එකක්. ඒකෙන් ගන්න පොටෝ පෙන් එකට හරි මෙමරියට දාගෙන ඊලග පොටෝ එකේ වගේ සොප්ට්වෙයාර් එකට දාලා එඩිට් කොරලා බලන්න පුලුවන් අවුල් තියෙනවනම්.​


    මේන් භාණ්ඩෙ
    52427757139_480170d9f3_m.jpg
    52426965462_b030ec5ce1_m.jpg
    52427927120_297abb5cbd_m.jpg


    පහල පොටෝවෙ තියෙන්නෙ එලියට බැලුවම ලස්සන පැනල් බෝඩ් එකක් නේත

    52427990383_6031379d0b_m.jpg

    දැන් මොකෝ හිතෙන්නෙ පේනවද අවුලක් ??? ඔතන බ්‍රේකරේ කනෙක්සන් එකේ අවුලක් වයර් එක වැදිලා නෑ හරියට.

    52427926985_0ce6211f46_m.jpg

    ටැංකියේ ඩීසල් කොච්චරක් තියේද කියලා බලමුද (color එකවෙනස් වෙලා තියෙන්නෙ ඩීසල් මට්ටමෙන්) :P

    52427756429_6e6dcdd2fa_m.jpg
    52427756414_46453a5bf7_m.jpg


    ඔන්න ඔහොමයි කතන්දරේ වෙන්නෙ සරලව, steam line, insulation වගේ දේවල් වල පොටෝ ගොඩක් තියේ imaging කරපුව අප්ලෝඩ් කරන්න කම්මැලි. අන්තිමට කියන්න තියෙන්නෙ මට දේවල් මග ඇරිලා තියෙන්න පුලුවන් හොදේ :P

    ප.ලි : @Walter White බොසා ලස්සන ත්‍රෙඩ් ටිකක් දානව දැකල ලියන්න හිතුනෙ, කම්මැලි සිංහලු මේවා ලියන්න දැන්​


    එහෙනම් කොල්ලො අපි ගියා ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    බුදු අම්මො
    මන් හිතුවෙ අලි එකෙක්න් හාර පන්දාහට ගන්න පුලුව්න කියල
    අඩුවට තියෙනවා වැඩ කෑලි අඩු ඒවා 😜
    හාර පන්දහට ගන්න නම් තව මොකක් හරි දෙන්න වෙයි හැබැයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Also the same technology is used for medical applications. Medical thermal cameras are extremely accurate devices capable of measuring skin surface temperature and imaging all parts of the human body with precision and informative detail.

    A simple application was the temperature detection cameras used in airports, hotels and other public venues during Covid.

    Also Breast imaging is a common use of medical thermography, as it can detect the possible presence of a tumor or cancer. Additionally, medical thermal cameras are able to visualize inflammation within the body, which might indicate the presence of potential diseases, such as arthritis, musculoskeletal problems, cancer, diabetes, or other conditions.

    eg: Stage I breast cancer...

    cancer_breast.jpg