ස්වයංජාත කියන්නෙ ITN එකේ ගිය විශිෂ්‍ට ගණයේ ටෙලියක්Captain ජැක් ස්පැරෝ;11625191 said:මේ දවස් ටිකේම කල්පනා කරා මොකක් හරි ගැන හොද පෝස්ට් එකක් දාන්න ඔනේ කිය කිය.... අද උදේ දැක්ක පෝස්ට් එකකින් මට හිතුනා ටෙලි නාට්‍ය ගැන එකක් දාන්න ඔනේ කියලා..............
අපේ තියෙන්නේ පරණ සිංගර් කලු සුදු රූප පේන TV එකක්...ඒක අරගෙන තියෙන්නේ මම ඉපදුන දවසෙමයි........
ඉතින් තාමත් මම ඔය බලන ඒවා බලන්නේ ඔකේ...ඉතින් මම ඉස්සර ඉදලා ටෙලිනාට්‍ය එහෙම බලනවා..ආ තව එකක් කියන්න ඔනේ...මේකේ සිරස ලාවට පේනවා..ස්වර්ණවාහිනී සමහර වෙලාවට පේනවා..දෙරණ එක පේනවද මන්දා..
අයි එක නොපෙනුනත් කොහොම හරි බලන්න පුළුවන් විදිහට හදාගන්නවා( ඇයි යකෝ මැච් එක බලන්න..
ඒ වුනාට දැන් මැච් මගුලත් පෙන්නන්නේ අර CSN මගුලෙනේ..
ඒක පේන්නෙත් නෑ..මැච් එක ඒකට ගත්ත දවසේ ඉදන් පරදිනවා..
මට සිරාවට අයි එක හොදායි...) ජාතියේ නාලිකාව ITN එක..
ආන් එක පට්ට විදිහට පේන්නේ ඈ...ජාතික රූපවාහිනී එකත් අවුලක් නැතුව පේනවා.. ඔය කේස් එක තියෙන්නේ මේ ලගකදි ඉදන්.. නැත්නම් ඉස්සර ඔක්කොම චැනල් අහු වුනා...ඉතින් කොහොම වුනත් අපි කතා වැඩිපුර බැලුවේ ITN එකේ..( එකේ කතා බැලුව හින්දද කොහෙදෝ මට ටෙලිනාට්‍ය කියන සබ්ජෙට් එකම එපා වුනා..
)...
මම බලපු කතා ටිකක් මම ඔයාලට කියන්නම්...
ස්වර්ණවාහිනියේ ජීවිතේ ලස්සනයි, සත්සර නිම්නය එහෙම බැලුවා වගේ මතකයි..ආයේ ITN එකේ සරදියල්, මහතලා හටන, පබලු, අමන්දා, බොද මීදුම්, එහෙම බැලුවා, ජාතික එකේ දඩුබස්නාමානය බැලුවා.. තව එක එක එවා බලලා තියනවා. ඒවගේ නම් මතක නෑ අප්පා...
ඉතින් මම දැන් කතා කරන්න යන්නේ අනිත් නාලිකා වල ගිය ටෙලිනාට්‍ය ගැන නෙමේ...ITN එකේ ගියපු ටෙලිනාට්‍ය ගැනයි..
ඉතින් මට මේ ටෙලි නාට්‍ය කලාව එපා වෙන්න ගත්තේ පබලු එකෙන්..එක එක පාරට හෙන ගැහුවා වගේ ඉවර වුනා. අමන්දා එක චාටර් කරලා දැම්මා, බොද මීදුම් එක ස්ලයිඩ් ෂෝ දාලා අන්තිම ටික ඉවර කරා...
කොහොම හරි ඒ දවස් වල ඔය වගේ මහ පිස්සු ටිකක් කෙලියා.....අනික මේ හැම ටෙලි නාට්‍යයකම හරිම ඒකාකාරි බවක් තියනවා..ඔයාලත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ.........
එක්කෝ කෙල්ල දුප්පත් කොල්ලා පෝසත්, කොල්ලගේ ගෙදරින් මේකට කැමති නෑ...
නැත්නම් කොල්ලා දුප්පත් කෙල්ල පෝසත්, කෙල්ලගේ ගෙදරින් මෙකට කැමති නෑ......
නැත්නම් ඔන්න මොකාක් හරි රහසක් අල්ලගේන මුලු ටෙලිනාට්‍ය පුරාවටම ඒක ඇද ඇද තියනවා......
ඔන්න පොඩි උදාහරණ ටිකක්.........
පබලු එකේ රහසක්, අමන්දා එකේ රහසක්, අමා එකේ රහසක්, රන් සමණලයෝ එකේ රහසක්, සිහින පියාපත් එකේ රහසක්,
මේ හැම මගුලක්ම එකම විදිහටනේ යන්නේ.....ඉතින් මටනම් මේවා එපා වුනා.. ඇයි වෙන කතා තේමාවක් දාන්නේ නැත්තේ.. අනේ මන්දා.....
බලන්නකෝ ඉස්සර ටෙලි නාට්‍ය...
දඩුබස්නාමානය, ජීවිතේ ලස්සනයි, සත්සර නිම්නය, සරදියල්, මහතලා හටන වගේ ඒවා.. පුදුම ලස්සනක්නේ තියෙන්නේ...(තව මම බලපු නැති ලස්සන එවා ඇති).
මේවගේ හොද කතා තේමාවක් තිබුනා....දැන් තියන ඒවගේ මෙලෝදෙයක් නෑ.....නිකන් බොරු ප්‍රශ්ණ ටිකක් මිනිස්සුන්ගේ ඔළුවලට දානවා...මේ වගේ කතා හින්දා අපේ ටෙලිනාට්‍ය කලාව අභාවයට යනවා......
මමනම් දැනට බලන්නේ කිරිකවඩි කියන සෙනසුරාදා 8.00 ට යන කතාව විතරයි..එකේ යම් කිසි ලස්සන කතාවක් තියනවා කියලා මට හිතෙනව..ඒත් ඉදිරියට මොනවා වෙයිද කියන්න බෑ..........
මට අන්තිමට කියන්න තියෙන්නේ ඔය වැඩකට නැති කතා බලන වෙලාවේ හොදට කාලා බුදියගනිල්ලා.........
ඉතින් මේ පෝස්ට් එක කියවලා උඹලට හිතෙන දේවල් කියලා පලයල්ලා.....කියන්න දෙයක් නැත්තන් ලොකූ අකුරෙන් BUMP එකක් දාලා පලයල්ලා අනිත් එවුන්ට බලාගන්නත් එක්කලා........ඒත් මදි කියලා හිතෙනවනම් බලලා තියන ලස්සන කතාවක් මෙතන දාලා පලයල්ලා.....
මේ පෝස්ට් එක හින්දා උඹලගේ හිත රිදුනනම් මට සමාවෙයල්ලා...
ඒවගේම කියන්න ඔනේ මම මෙතන දාලා තියෙන්නේ ITN එකේ ගිය, මම බලපු කතා විතරයි....අනික් චැනල් වල සමහරවිට හොද කතා යනවද කියන්න මම දන්නේ නෑ.. නමුත් ITN එකේ යන ඒවනම් චාටර්..........
මේ මම දාලා තියෙන්නේ මගේ අදහස විතරයි..
ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන..
ඒ වගේ කතා දිගටම යනවානම් ITN එකත් බලන්න හිතෙනවා

ඒක අරගෙන තියෙන්නේ මම ඉපදුන දවසෙමයි........
අයි එක නොපෙනුනත් කොහොම හරි බලන්න පුළුවන් විදිහට හදාගන්නවා( ඇයි යකෝ මැච් එක බලන්න..
ඒ වුනාට දැන් මැච් මගුලත් පෙන්නන්නේ අර CSN මගුලෙනේ..
මට සිරාවට අයි එක හොදායි...) ජාතියේ නාලිකාව ITN එක..






