2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිලීගිය සහ අම්ල, රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ටොන් දහස් ගණනක් වායුගෝලයට සහ ජලයට එකතුකරමින් මුහුදුබත්වුන X-Press පර්ල් නෞකාවේ මතකය එක්ක මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතාකරන්න හිතුනා. ඉතින්, පොඩ්ඩක් කතාකරමු අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී කතාකෙරෙන, ඇහෙන "Dangerous Goods" සහ "Dangerous Goods Declaration" පිලිබදව.
සරලයි, අන්තර්ජාතික වෙලාදමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී භාණ්ඩ නැව්ගත කරන පාර්ශවය විසින් තමන් නැව්ගත කරන භාණ්ඩයේ අනතුරුදායක හෝ අනතුරුදායක නොවන තත්වය පිලිබදව වර්තාවක් නැව් සමාගමට නිකුත්කළ යුතුයි. තවත් සරලව කියුවොත් "General Cargo" ද නැත්නම් "Dangerous Goods" ද ලෙස වර්ගකර වාර්තාකළ යුතුයි.
Dangerous Goods ( අනතුරුදායක භාණ්ඩ )
අන්තරායකර භාණ්ඩ යනු විඛාදන (corrosive) ,දහනය කළ හැකි (combustible) ,විකිරණශීලී (radioactive),විෂ සහිත හෝ දූෂිත (poisonous or polluting) භාණ්ඩ වේ.වෙනත් වචන වලින් කිවහොත්, යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සහ යාත්‍රාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම දෙයක් භයානක භාණ්ඩ ලැයිස්තුවට අයත් වේ. තවත් ලෙසකින් මෙම භාණ්ඩ "hazardous goods" ලෙසද හදුන්වනු ලබයි
"IMDG - International Maritime Dangerous Goods අදිකාරිය විසින් අනතුරුදායක භාණ්ඩ ප්‍රදාන වශයෙන් පහත පරිදි වර්ග 9කට වර්ග කර ඇත

Class 1 : Explosives
Class 2 : Gases that are compressed, liquefied or dissolved under pressure
Class 3 : Flammable liquids
Class 4 : Flammable solids that may be spontaneously combustible or those which emit flammable gas
Class 5 : Oxidizing agents or organic peroxides
Class 6 : Toxic or infectious materials
Class 7 : Radioactive materials
Class 8 : Corrosive materials
Class 9 : Other dangerous and non-classified materials
Dangerous Goods Declaration (DGD) / අන්තරායකර භාණ්ඩ ප්‍රකාශණය
ඉතින් කිසියම් අපනයනකරුවෙකු තමන් නැව්ගත කරන ලබන භාණ්ඩ අනතුරුදායක එහෙම නැත්නම් "Dangerous Goods" කියන ගණයට අයිතිවෙනම් එම භාණ්ඩ පිලිබදව නැව් සමාගම දැනුවත් කරනු ලබන ලියවිල්ලට හදුන්වනු ලබන්නේ "Dangerous Goods Declaration (DGD)" ලියවිල්ල ලෙසයි. DGD යනු අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් අදාළ වන සියලුම ජාතික සහ ජාත්‍යන්තර නීති අනුගමනය කර ඇති බවට වන වගකීමකි.
මෙහිදී භාණ්ඩ කාණ්ඩය අනතුරුදායක එහෙම නැත්නම් "Dangerous Goods" කියන ගණයට අයිතිවෙනම් එම භාණ්ඩ Dangerous Goods Declaration (DGD) යටතේ වර්ගීකරණ කරනු ලබන අතර භාණ්ඩ ලැයිස්තුව විශේෂ ඇසුරුම්, හඳුනාගැනීමේ ලකුණු සහ ලේබල් යටතේ නැව්ගත කරනු ලබයි.
අපනයකරු විසින් නිවැරදිව සහ කල්වේලා ඇතිව අනතුරුදායක භාණ්ඩ පිලිබදව නැව්කරු වෙත තොරතුරු සැපයිය යුතු අතරම බොහෝවිට සිදුවන්නේ නැව්කරු මුලික අවස්ථාවේදීම එම තොරතුරු විග්‍රහ කර එම භාණ්ඩ යාත්‍රාව වෙත පිළිගන්නේද නැද්ද යන්න තීරණය කිරීමයි. අනතුරුදායක භාණ්ඩ යාත්‍රාව වෙත පිළිගැනීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම නැව්කරු විසින් සපයනු ලබන තොරතුරු මත පදනම් වේ. එබැවින්, භාණ්ඩ වෙන්කරවා ගැනීමේදී නැව්කරු විසින් නිවැරදි තොරතුරු නැව්කරු වෙත ලබා දීම අත්‍යවශ්‍ය වේ. නමුත් ඕනෑම අවස්තාවක සපයා ඇති තොරතුරු සාවද්‍ය හෝ ප්‍රමාණවත් නොවේනම්, එසේත් නැත්නම් භාණ්ඩ නිසිලෙස අසුරා නොමැතිනම් නැව්කරු හට බහලුම හෝ නැව්ගතකිරිම ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත.
"Dangerous Goods Declaration (DGD)" එහෙම නැත්නම් "අන්තරායකර භාණ්ඩ ප්‍රකාශණය" සාමාන්‍යයෙන් නැව්කරු වෙත ඉදිරිපත් කරනු ලබන්නේ "ද්‍රව්‍ය ආරක්ෂණ දත්ත පත්‍රිකාව" එසේත් නොමැතිනම් Material Safety Data Sheet (MSDS) සමඟිනි. MSDS හි DGR හි ලැයිස්තුගත කර ඇති භාණ්ඩ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අඩංගු වේ.
භාණ්ඩ සංයුතිය,සංගටක,වර්ගීකරණ පිලිබදව මෙම සවිස්තරාත්මක තොරතුරු Material Safety Data Sheet (MSDS) හි අඩංගු වන අතරම මෙම පත්‍රිකාව "Dangerous Goods Declaration (DGD)" එහෙම නැත්නම් "අන්තරායකර භාණ්ඩ ප්‍රකාශණය" සමගම නැව්කරු වෙත අපනයනකරු ඉදිරිපත්කරනු ලබයි.
භාණ්ඩ පිළිබඳ තොරතුරු වලට අමතරව, Material Safety Data Sheet (MSDS) පත්‍රිකාව මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී ගත යුතු ආරක්ෂක පියවර, හදිසි අනතුරකදී අනුගමනය කළ යුතු පියවර, පුද්ගලික ආරක්ෂක උපකරණ, ප්‍රතික්‍රියා හෝ කාන්දුවීම් ආදිය හැසිරවීම සහ ප්‍රථමාධාර ක්‍රියා පටිපාටි ලැයිස්තුගත කර තොරතුරු නිකුත්කරනු ලබයි.
මෙහිදී නැව්කරු මෙම භාණ්ඩ යාත්‍රාව සහ ගමනාගමනය සදහා නිර්දේශ කිරිමෙන් පසුව පමණක් අපනයනකරු විසින් අදාළ භාණ්ඩ නිසිලෙස ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය කිරීමට නියමිත ලේබල් සමඟ සුදානම් කරගනු ලබයි.
Dangerous Goods Declaration ප්‍රකාශනයක ප්‍රධාන අන්තර්ගත කරුණු කිහිපයක් පහතින් හදුනාගනිමු

අන්තරායකර භාණ්ඩ ප්‍රකාශණය (Dangerous Goods Declaration) වැරදි ලෙස හෝ සාවද්‍ය ලෙස සැකසීම සහ නිකුත්කිරීම බරපතල වරදකි. වැරදි හෝ අසම්පූර්ණ අන්තරායකර භාණ්ඩ ප්‍රකාශයන් මිනිස් ජීවිත අහිමි කළ හැකි අනතුරුවලට සහ භාණ්ඩ හෝ උපකරණවලට අහිමි වීමට හේතු විය හැක. එය අහම්බෙන් සිදු වූ අතපසු වීමක් විය හැකි නමුත් නිතිය හමුවේ එය බරපතල වරදකි. වැරදි හෝ සාවද්‍ය ලෙස මෙම ලියවිල්ල නිකුත්කර හෝ අනුමත කල ඕනෑම පාර්ශවයක් හට නීතිමය සම්පාදන නිකුත්කිරීමට නැව්කරුට, රේගු සහ වරාය බලධාරීන් හට රාජ්‍ය සහ කලාපිය වශයෙන් බලතල හිමිව ඇත. එම දඩුවම් දැඩි දඩ මුදලක් යටතේ වර්ගකර ඇත.
කෙටි සටහන : Walter White
ජායාරූප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

- Shipper name and address
- Consignee name and address
- Vessel name
- Vessel Voyage number
- Container number
- Name and description of each dangerous good
- The technical name of each dangerous good
- Quantity
- UN number (United Nations number)
- Hazard Class
- Packaging group – type and make

Last edited: