මොන~අවුරුදු~ද???

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සංකීර්ණත්වය මුසුවූ දැන් සමාජය හා අපි පොඩි කාලේ තිබූ සරල සුන්දර සමාජය අතරේ වෙනස හොදින්ම දැනෙන්නට පටන් ගෙන ඇත..

ඉස්සර අවුරුදු එනවා කියන්නේ කොහා කොහේ හෝ සිට පැමිණ සද්දයක් දාන්න පටන් ගැනීමත්, රේඩියෝ එකේ ලයනල් රංවල ශූරීන්ගේ " මේ අවුරුදු කාලේ,සිනා වෙයන රාලේ , තෙල් ඉහිරුණ කැවුම් ගෙඩිය වාගේ" සිංදුවත් සමග අවුරුද්ද එනවා කියල කියන එක හිතට නෙවේ මුලු ඇගටම දැන්නේ අවුරුදු ආවෝ, සෙල්ලම කරන්න, තෑග්ගක් හම්බෙන්න, කරන්න වැඩ කොච්චරක්ද??

ගෙදර කට්ටියම එකතු වෙලා ගෙවල් මුදුල්, මකුලු දැල් කඩලා, අස් පස් කරලා, නිලා කූරක් ගෙනල්ලා රෑට පත්තු කරලා අහස් කූරක් යවලා.. අම්ම හදන කොන්ඩ කැවුමක්, කොකිසයක් අවුරුදු ලබන්න කලින් හොරෙන් කාලා .. කරන්න වැඩ නම් කොච්චරක්ද? ?

අවුරුද්ද හැම තැනම යන්නේ මලක් සුවදක් පැතිරෙනවා වගේ.. ගම පළාත් වලින් පිට ඉන්න අය ගමේ යන්නේ කජු පුහුලම් වල සුවදටයි, ගෙදර අපේ කමේ සුවදටයි තියන ලෙන්ගතුකම වැඩි නිසයි නේද???

ඒත් අද? මේ අවුරුද්ද ? ඔයාලටත් දැනුනද?
මටනම් අවුරුද්දක් ආවද කියලවත් දැනුනේ නෑ..ඕන් හෙට අවුරුදුලු..
මං හිතන්නේ මේ පරම්පරාවේ අවුරුද්ද සුන්දර විදිහට විදල තියන අවසාන පරපුර අපි වෙන්න ඕන.. :(

කාර්මිකවතය සහ කාර්ය්‍ය බහුලත්වය නිසා අපෙන් පස්සේ පරම්පරාවට නම් කවදාවත් ඒ අවුරුදු සිරිය බලා ගන්න බැරිවෙයි..

කොහාගේ හඩත් mp3 එකක් ව්තරක් වෙයිද?

කොහොම වෙතත් හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් පතන්නේ එක ඉල්ලීමක් එක්කරගෙනයි..තරහ මරහ උන ඒවා අමතක කරන්න..ගෙදර කට්ටිය එක්ක අවුරුද්ද දවස සතුටින් ගත කරන්න..අවුරුදු දවසත් සතුටින් ජීවත් වෙන්න

:yes::):yes:

523678_370343046344283_100001057737683_1112553_302959667_n.jpg

මේ මගේ අදහස පමණි...අදහස් වලට අවසරයි...

Last edited:
  • Like
Reactions: nj542

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් අවුරුද්ද කියන්නේ බිස්නස් එකක් කට්ටියකට
    තව කට්ටියකට බේබදු ලෝකයක්
    තව කට්ටියකට ෆැෂන් ලෝකයක්
    තව කට්ටියකට ජාතික සමගිය උලුප්පන්න පුලුවන් දවස් දෙකක්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැන් අවුරුද්ද කියන්නේ බිස්නස් එකක් කට්ටියකට
    තව කට්ටියකට බේබදු ලෝකයක්
    තව කට්ටියකට ෆැෂන් ලෝකයක්
    තව කට්ටියකට ජාතික සමගිය උලුප්පන්න පුලුවන් දවස් දෙකක්

    :yes: Colombo indan Katunayaka eddi Wattala hariyen ena eka epa wenwa me dawas walata..Minissu dansal wala poolim wala innwa wagei inne andum ganna
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දැන් අවුරුද්ද කියන්නේ බිස්නස් එකක් කට්ටියකට
    තව කට්ටියකට බේබදු ලෝකයක්
    තව කට්ටියකට ෆැෂන් ලෝකයක්
    තව කට්ටියකට ජාතික සමගිය උලුප්පන්න පුලුවන් දවස් දෙකක්

    ඇත්ත කතාව :yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියම සංකල්පයක් මචන්:yes:.උබ කිව්වා වගේ මේ පාර නම් අවුරුදු අව කියල කිසිම කික් එකක් නම් දැනුනෙම නැහැ:no:.එක අතකින් බලනකොට අලුත් ජෙනරේෂන් එකට සිංහල අවුරුද්දක නියම රහ බලන්න පින් නැහැ:dull:.ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම තියෙන්නේ සිම්පල් ප්ලෑන්:nerd:.Perera & Sons එකෙන් කැවුම් කොකිස් ටික ඕඩර් කරනවා:baffled:.කලින් ඉදලම බෝතල් ස්ටොක් කරගෙන අවුරුදු ලැබුව වෙලාවේ ඉදල රස විහිදෙන්න බොන එකනේ බන් වැඩිහරියක්ම වෙන්නේ:rolleyes:.එකෙන් මේකෙන් වෙන්නේ අවුරුදු වලට නෑගම් ආපු මිනිස්සු කන පැලෙන්න බීලා රණ්ඩු වෙලා හත්පොලේ ගාගෙන නිකම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නවා:angry:.දැන් කොහාගේ සද්දේ Mp3 එකකට විතරක් සීමා වෙලා විතරක් නෙමෙයි මචන් රන්වලගේ සින්දුත් Remix වෙලා:dull:.මේවා සිංහල මිනිස්සුන්ට වැරදි කියනවා නෙමෙයි මීට වඩා කල්පනා කරලා අපේ ජීවිතයට අර්ථයක් ලැබෙන විදියට ගත කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා:yes:.එළකිරියේ හැමෝටම තමන්ගේ යහපත් අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.:)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අවුරුද්දක් ආවද කියලවත් දැනුනේ නෑ කියන්නේ නැ මට නම් අවුරුද්ද කියලා දැනුනා මචන්:D
    එක දැනෙන විදියට අපි හදාගන්න ඕනේ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    දැන් අවුරුද්ද කියන්නේ බිස්නස් එකක් කට්ටියකට
    තව කට්ටියකට බේබදු ලෝකයක්
    තව කට්ටියකට ෆැෂන් ලෝකයක්
    තව කට්ටියකට ජාතික සමගිය උලුප්පන්න පුලුවන් දවස් දෙකක්

    :yes::yes::yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දැන් අවුරුද්ද කියන්නේ බිස්නස් එකක් කට්ටියකට
    තව කට්ටියකට බේබදු ලෝකයක්
    තව කට්ටියකට ෆැෂන් ලෝකයක්
    තව කට්ටියකට ජාතික සමගිය උලුප්පන්න පුලුවන් දවස් දෙකක්

    100% machan.. :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    නියම සංකල්පයක් මචන්:yes:.උබ කිව්වා වගේ මේ පාර නම් අවුරුදු අව කියල කිසිම කික් එකක් නම් දැනුනෙම නැහැ:no:.එක අතකින් බලනකොට අලුත් ජෙනරේෂන් එකට සිංහල අවුරුද්දක නියම රහ බලන්න පින් නැහැ:dull:.ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම තියෙන්නේ සිම්පල් ප්ලෑන්:nerd:.Perera & Sons එකෙන් කැවුම් කොකිස් ටික ඕඩර් කරනවා:baffled:.කලින් ඉදලම බෝතල් ස්ටොක් කරගෙන අවුරුදු ලැබුව වෙලාවේ ඉදල රස විහිදෙන්න බොන එකනේ බන් වැඩිහරියක්ම වෙන්නේ:rolleyes:.එකෙන් මේකෙන් වෙන්නේ අවුරුදු වලට නෑගම් ආපු මිනිස්සු කන පැලෙන්න බීලා රණ්ඩු වෙලා හත්පොලේ ගාගෙන නිකම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නවා:angry:.දැන් කොහාගේ සද්දේ Mp3 එකකට විතරක් සීමා වෙලා විතරක් නෙමෙයි මචන් රන්වලගේ සින්දුත් Remix වෙලා:dull:.මේවා සිංහල මිනිස්සුන්ට වැරදි කියනවා නෙමෙයි මීට වඩා කල්පනා කරලා අපේ ජීවිතයට අර්ථයක් ලැබෙන විදියට ගත කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා:yes:.එළකිරියේ හැමෝටම තමන්ගේ යහපත් අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.:)
    :yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවට බං....ඉස්සර එකට එල්ලෙ ගහපු, ක්‍රිකට් ගහපු, ගල් හත කඩපු එවුන් ටික දැන් හතර අතේ...සමහරු පවුල් වෙලා, සමහරු රට ගිහිල්ල ....ගම පාලුවට ගිහිල්ල....ගෙවල් වල පොඩි එවුන් අදත් ක්ලාස් ...
    රතිඤ්ඤා සද්දයක් නෑ....
    හොඳ වෙලාවට අපේ අම්මනං කැවුම් කොකිස් ටික හැදුව...මම සුපුරුදු පරිදි හොරාට කෑවා....ඒත් අපි ඉස්සරනං අපේ මාමලයි ගෙවල් වල හිටං ගිහිල්ල සෙල්ලන් කර කර ඉඳල ...ගෙට ඇවිල්ල ඕව කාල ආයෙත් දුවනවා සෙල්ලං කරන්න
    ඔන්චිල්ලාව බැඳපු ගහත් දැන් නෑ...:no::no::no:

    ෆේස් බුක් එකේ happy new year කියල ෆොටෝ ටැග් කරලා ඒ මදිවට....දැන් මුන් කෝල් කරනව තියා sms එකක්වත් එවන්න කම්මැලි හැටි

    මේ තාක්ෂනේ අපිව විශ්ව ගම්මානයක් කරනව කිව්වට අපි ඇමරිකාවේ එංගලන්තේ වෙන දේවල් දන්නවා...අල්ලපු ගෙදර එකා ගැන හොයන්න වෙලාවක් නෑ
    තාක්ෂනේ නිසා මනුස්සයෝ තව තව තනි වෙලා....

    මේ සංසාරේ හැටි තමයි බං

    උඹටත්...සෑම එළකිරි කොල්ලෝ සහ කෙල්ලොන්ටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද...සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිරාම කතාව අපි ලංකාවෙන් පිට ඉන්නේ එතකොට නම් අවුරුදු දැනෙනෙවා කොහොමත් අඩුයි.
    ඒත් බලං ගියාම ලංකාවටත් දැන් එහෙම වෙලා :sorry::sorry:
    තව ටික කාලෙකින් අවුරුදු කියන්නෙ FB එකේ ෆොටෝ එකක් ටැග් කරන එකකටම සීමා වේවි.:dull::dull::dull:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිරාවට බං....ඉස්සර එකට එල්ලෙ ගහපු, ක්‍රිකට් ගහපු, ගල් හත කඩපු එවුන් ටික දැන් හතර අතේ...සමහරු පවුල් වෙලා, සමහරු රට ගිහිල්ල ....ගම පාලුවට ගිහිල්ල....ගෙවල් වල පොඩි එවුන් අදත් ක්ලාස් ...
    රතිඤ්ඤා සද්දයක් නෑ....
    හොඳ වෙලාවට අපේ අම්මනං කැවුම් කොකිස් ටික හැදුව...මම සුපුරුදු පරිදි හොරාට කෑවා....ඒත් අපි ඉස්සරනං අපේ මාමලයි ගෙවල් වල හිටං ගිහිල්ල සෙල්ලන් කර කර ඉඳල ...ගෙට ඇවිල්ල ඕව කාල ආයෙත් දුවනවා සෙල්ලං කරන්න
    ඔන්චිල්ලාව බැඳපු ගහත් දැන් නෑ...:no::no::no:

    ෆේස් බුක් එකේ happy new year කියල ෆොටෝ ටැග් කරලා ඒ මදිවට....දැන් මුන් කෝල් කරනව තියා sms එකක්වත් එවන්න කම්මැලි හැටි

    මේ තාක්ෂනේ අපිව විශ්ව ගම්මානයක් කරනව කිව්වට අපි ඇමරිකාවේ එංගලන්තේ වෙන දේවල් දන්නවා...අල්ලපු ගෙදර එකා ගැන හොයන්න වෙලාවක් නෑ
    තාක්ෂනේ නිසා මනුස්සයෝ තව තව තනි වෙලා....

    මේ සංසාරේ හැටි තමයි බං

    උඹටත්...සෑම එළකිරි කොල්ලෝ සහ කෙල්ලොන්ටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද...සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!

    Man hituwe ban mata witarai meeka danun nati ekama eka kiyala..balan yaddi ban ubatat eeka danila neh..ee gana sathutui

    hama auruddema ban ape naadayo set eka 15 wenidada set wenawa Maha gedarata...e unata ban meda sare api yanwa anith aya wena dawas wala..

    minissunta aurudde eka dawasak eka wage ekathu wenna wath dan welawak nati kamada uwamanawak nati kamada hita ganna ba