සංකීර්ණත්වය මුසුවූ දැන් සමාජය හා අපි පොඩි කාලේ තිබූ සරල සුන්දර සමාජය අතරේ වෙනස හොදින්ම දැනෙන්නට පටන් ගෙන ඇත..
ඉස්සර අවුරුදු එනවා කියන්නේ කොහා කොහේ හෝ සිට පැමිණ සද්දයක් දාන්න පටන් ගැනීමත්, රේඩියෝ එකේ ලයනල් රංවල ශූරීන්ගේ " මේ අවුරුදු කාලේ,සිනා වෙයන රාලේ , තෙල් ඉහිරුණ කැවුම් ගෙඩිය වාගේ" සිංදුවත් සමග අවුරුද්ද එනවා කියල කියන එක හිතට නෙවේ මුලු ඇගටම දැන්නේ අවුරුදු ආවෝ, සෙල්ලම කරන්න, තෑග්ගක් හම්බෙන්න, කරන්න වැඩ කොච්චරක්ද??
ගෙදර කට්ටියම එකතු වෙලා ගෙවල් මුදුල්, මකුලු දැල් කඩලා, අස් පස් කරලා, නිලා කූරක් ගෙනල්ලා රෑට පත්තු කරලා අහස් කූරක් යවලා.. අම්ම හදන කොන්ඩ කැවුමක්, කොකිසයක් අවුරුදු ලබන්න කලින් හොරෙන් කාලා .. කරන්න වැඩ නම් කොච්චරක්ද? ?
අවුරුද්ද හැම තැනම යන්නේ මලක් සුවදක් පැතිරෙනවා වගේ.. ගම පළාත් වලින් පිට ඉන්න අය ගමේ යන්නේ කජු පුහුලම් වල සුවදටයි, ගෙදර අපේ කමේ සුවදටයි තියන ලෙන්ගතුකම වැඩි නිසයි නේද???
ඒත් අද? මේ අවුරුද්ද ? ඔයාලටත් දැනුනද?
මටනම් අවුරුද්දක් ආවද කියලවත් දැනුනේ නෑ..ඕන් හෙට අවුරුදුලු..
මං හිතන්නේ මේ පරම්පරාවේ අවුරුද්ද සුන්දර විදිහට විදල තියන අවසාන පරපුර අපි වෙන්න ඕන..
කාර්මිකවතය සහ කාර්ය්ය බහුලත්වය නිසා අපෙන් පස්සේ පරම්පරාවට නම් කවදාවත් ඒ අවුරුදු සිරිය බලා ගන්න බැරිවෙයි..
කොහාගේ හඩත් mp3 එකක් ව්තරක් වෙයිද?
කොහොම වෙතත් හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් පතන්නේ එක ඉල්ලීමක් එක්කරගෙනයි..තරහ මරහ උන ඒවා අමතක කරන්න..ගෙදර කට්ටිය එක්ක අවුරුද්ද දවස සතුටින් ගත කරන්න..අවුරුදු දවසත් සතුටින් ජීවත් වෙන්න

මේ මගේ අදහස පමණි...අදහස් වලට අවසරයි...

Last edited:
.එක අතකින් බලනකොට අලුත් ජෙනරේෂන් එකට සිංහල අවුරුද්දක නියම රහ බලන්න පින් නැහැ
.ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම තියෙන්නේ සිම්පල් ප්ලෑන්
.Perera & Sons එකෙන් කැවුම් කොකිස් ටික ඕඩර් කරනවා
.කලින් ඉදලම බෝතල් ස්ටොක් කරගෙන අවුරුදු ලැබුව වෙලාවේ ඉදල රස විහිදෙන්න බොන එකනේ බන් වැඩිහරියක්ම වෙන්නේ
.එකෙන් මේකෙන් වෙන්නේ අවුරුදු වලට නෑගම් ආපු මිනිස්සු කන පැලෙන්න බීලා රණ්ඩු වෙලා හත්පොලේ ගාගෙන නිකම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නවා
.දැන් කොහාගේ සද්දේ Mp3 එකකට විතරක් සීමා වෙලා විතරක් නෙමෙයි මචන් රන්වලගේ සින්දුත් Remix වෙලා