මොරටුව ඉස්සර..

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    අම්මප මචන් මොකද්ද දන්නේ නැ එකට හේතුව, ඔය බේරුවල, බලපිටිය හරියේ ඉඳන් මහමෝදර වෙනකන්ම එහෙමයි, ඇදල කතා කරන්නේ. හරියටම ගාල්ල town එක පටන් ගන්න හරියේ ඉඳන් බාෂාව නොර්මල්, ඇදල කතා කරන එකෙක්වත් හොයාගන්න නැ ගාල්ලේ..
    ඒක තමා

    ආයෙ නුවර අයගෙ තියෙනව පොඩි වෙනසක්, සමහර වචන එහෙම. කරන්ට කියන්ට කියනවා. ලංකාවෙ අනික් පැති වල කොළඹ ගත්තත් අනුරාධපුරේ ගත්තත් අම්පාර ගත්තත් අර වගේ diversity එකක් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්සර ගල්කිස්ස ඉඳන් ගාල්ල ටත් එහා යනකන් තනිකර පොල් යාය.. ඒව ඔක්කොම කපලා. දැන් තිබ්බ නම් පොල් රට පටවලා බර ගානක් හොයන්න තිබ්බ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක තමා

    ආයෙ නුවර අයගෙ තියෙනව පොඩි වෙනසක්, සමහර වචන එහෙම. කරන්ට කියන්ට කියනවා. ලංකාවෙ අනික් පැති වල කොළඹ ගත්තත් අනුරාධපුරේ ගත්තත් අම්පාර ගත්තත් අර වගේ diversity එකක් නෑ
    නුවර සමහර වචන විටරක් ගාල්ලේ අපිට පොඩි වඩා වෙනසක් තියනව. එත් ලොකු වෙනසක් නැ කතා කරනකොට. "ට" වචනේ අන්තිමට දාන සින් එක විතරයි. අපේ පැති වල කතා කරන කොට වචන දාන විදියත් වෙනස්. වෙන පැති වල හැම කෙනාටම "ඔයා" කියන කොට අපි දාන්න අදුරන අයට කියන්නේ "ඔහේ" කියල, දන්නේ නැති අයට "ඔයා' කියල කියන්නේ. පිට පළාත් වල අයට එක rude වගේ උනාට අපිට "ඔහේ" වචනේ ආදරේට, අදුනුම් කමට කියන එකක්. ඒ වගේ ගොඩක් වෙනස් විදියට වචන පාවිච්චි කරන්නේ.
    ඉස්සර ගල්කිස්ස ඉඳන් ගාල්ල ටත් එහා යනකන් තනිකර පොල් යාය.. ඒව ඔක්කොම කපලා. දැන් තිබ්බ නම් පොල් රට පටවලා බර ගානක් හොයන්න තිබ්බ
    අපෝ ඔව් බන්. 90අන්තිම වෙනකම් තිබ්බ ඔය පොල් වතු ගාලු පාර දිගට. ඔක්කොම කපල දැන් හොටෙල් ගෙවල් හදල..
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    නුවර සමහර වචන විටරක් ගාල්ලේ අපිට පොඩි වඩා වෙනසක් තියනව. එත් ලොකු වෙනසක් නැ කතා කරනකොට. "ට" වචනේ අන්තිමට දාන සින් එක විතරයි. අපේ පැති වල කතා කරන කොට වචන දාන විදියත් වෙනස්. වෙන පැති වල හැම කෙනාටම "ඔයා" කියන කොට අපි දාන්න අදුරන අයට කියන්නේ "ඔහේ" කියල, දන්නේ නැති අයට "ඔයා' කියල කියන්නේ. පිට පළාත් වල අයට එක rude වගේ උනාට අපිට "ඔහේ" වචනේ ආදරේට, අදුනුම් කමට කියන එකක්. ඒ වගේ ගොඩක් වෙනස් විදියට වචන පාවිච්චි කරන්නේ.
    කැම්පස් එකේ රූමෙක් සෙට් උනා මාතර එකෙක්. ටික දවසක් යනකොට අපිටත් කෑවැයි බීවැයි ඔහේ කියවෙන්න ගත්තා :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔකුන් වැල්ලෙ රෙන්නෙ. ඉටපස්සෙ රැල්ලට පුක අල්ලල අතින් සෝදනවා.

    සිරාවට පොඩිකාලෙ මම දැකල තියෙනවා
    Thamath ehemaiy

    මේ පලවෙනි පින්තුරේ 1990වේ මොරටුව. ඉස්සර ගාලු පාරේ මොරටුව දිගටම මේ වගේ පොල් අතු වහලවල් තියන පැල්පත් විතරයි තිබ්බේ. සිමෙන්ති වලින් හදපු එකම ගෙයක් වත් දකින්න තිබ්බේ නැ.. මොරටුව පාර දෙපැත්තම මේ වගේ.. මේ පැල්පත් උනාට ලස්සන තැනක් බලන්න. මිනිස්සු එක එක වැඩ කරනවා. ගොඩක්ම වඩු වැඩ කරන තැන් තිබ්බේ ඉස්සර, සමහර අය පාර අයිනට වෙන්න පුටු තියන් වැඩි වෙලා කතා කර කර ඉන්නවා. සමහරු බොනවා බජවු දානවා, සමහරු වෙලදාම් කරනවා. දැන් නම් මෙහෙම නැ මගේ හිතේ, පොඩ්ඩක් වගේ දියුණුයි මිට වඩා.

    මේ දෙවැනි පින්තුරේ නම් කොහෙද කියල මට හරියට කියන්න බැ, මේක අරන් තියෙන්නේ 1984දී. බලපන් ඒ පින්තුරේ ලස්සන. පොල්ගස් යායක්, කොච්චර ලස්සන ඇත්තද ඒ කලේ මුහුදු වෙරළවල් ලංකවේ මේ වගේ පොල් ගස් යායවල් එක්ක. ඉස්සර දකුණු වෙරල තිරයම මේ වගේ පොල්ගස් වලින් පිරිලා තිබ්බේ.. මේ කොහේ වෙන්න පුලුවන්ද? මට හිතෙන්නේ මෙත් මොරටුව හරියේ වෙන්න ඕන...

    උඹල කාටද මතක මේ විදියට මොරටුව දැකල තියන?? විස්තර කියන් පලයන්..

    පොටෝ LINK
    1990.jpg

    මේ 1984 බෘනෝ බාබේ නම් ලෝක ප්‍රසිද්ද ඡායාරූප ශිල්පියා ගත්තු පින්තුරයක්? මෙත් මොරටුවේ වගේ නේද??
    පොටෝ LINK
    1984.jpg
    Machan oya moratuwe gedara oya widiyatama thama thiyenawa wenasa pola athu wenuwata takaran dan thiyenne. Thama minissu duppath
    ------ Post added on Jun 7, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කැම්පස් එකේ රූමෙක් සෙට් උනා මාතර එකෙක්. ටික දවසක් යනකොට අපිටත් කෑවැයි බීවැයි ඔහේ කියවෙන්න ගත්තා :lol:
    "වැයි" කැල්ල මමත් කියනවා, එක නවත්තන්න අමාරුයි.. උපතින්ම වගේ එන එකක්..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    "වැයි" කැල්ල මමත් කියනවා, එක නවත්තන්න අමාරුයි.. උපතින්ම වගේ එන එකක්..
    ඒක අවුලක්ම නෑ. තමන් උපන් පලාතෙ අනන්‍යතාවය නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කැම්පස් එකේ රූමෙක් සෙට් උනා මාතර එකෙක්. ටික දවසක් යනකොට අපිටත් කෑවැයි බීවැයි ඔහේ කියවෙන්න ගත්තා :lol:
    අපෙත් එකෙක් සෙට්වුන.. හැබැයි උට හිනවෙලම ඌ වෙනස් කරගත්ත කතාබහ ටිකක්.. හැබැයි අනිත් එවුන්ට බොලා කියන part ඒක වෙනස් වුණේ නෑ 😅3rd year පටන්ගද්දී corona ඇවිත් ගෙදර නැවතුනා...ආන්න දැන් ආයෙත් වැයි කෑල්ල දානවා call එකක් ගත්තම 😂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    දෙවෙනි ෆොටෝ එක නම් මොරටුවේ වෙන්න බෑ.. මාතර වගේ. 70 ගණන් වල ලංකාවට ආව සුද්දෙක් ගත්ත ෆොටෝ තිනවා සයිට් එකක ඒ දවස් වල ලංකාවේ පැරණි ෆොටෝ කියල සැහෙන්න ශ්‍යා උනේ ඒවා ලංකාවේම ඒවා තිබ්බා. පොර දැන් මැරිලද දන්නේ නෑ දැනට අවරුදු 5 කට විතර කලින් මට ඊමේල් කළා.

    අම්මප මචන් මොකද්ද දන්නේ නැ එකට හේතුව, ඔය බේරුවල, බලපිටිය හරියේ ඉඳන් මහමෝදර වෙනකන්ම එහෙමයි, ඇදල කතා කරන්නේ. හරියටම ගාල්ල town එක පටන් ගන්න හරියේ ඉඳන් බාෂාව නොර්මල්, ඇදල කතා කරන එකෙක්වත් හොයාගන්න නැ ගාල්ලේ..

    ඇදල කතාකරන ය බේරුවල අලුත්ගම හරියේ නෑ. අහුන්ගල්ල බලපිටියේ හරියේ ඉදන් ගාල්ල කිට්ටුවටම ඉන්නව. පොඩි කාලේ ක්ලාස් වල එහෙම එකෙක් දැක්ක ගමන් කියන්නේ ආන් බලපිටියේ එකෙක් කියල
     
    • Like
    Reactions: Kalegana

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I don’t feel good feel depressing
    Podi kale nam gihin tiyanwa me wage geyakata but I feel they are clean than now a days poor people are living with lot of garbage.
     
    • Like
    Reactions: Kalegana

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,065
    113
    ලුනාව අවුල් පලාතක්ද බන්???
    පින්වත්ත, ලුනාව, අගුලාන මම දන්න උන් ඉන්නවා උන්ගෙ ගෙවල් වලට ගිහිල්ලත් තියෙනවා. මොකෙක්ව හරි හැප්පුවොත් ඇරෙන්න සමහරු කියන තරම් භීෂණයක් නෑ දැන් ඔය පැති වල.
     
    • Like
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    අපෙත් එකෙක් සෙට්වුන.. හැබැයි උට හිනවෙලම ඌ වෙනස් කරගත්ත කතාබහ ටිකක්.. හැබැයි අනිත් එවුන්ට බොලා කියන part ඒක වෙනස් වුණේ නෑ 😅3rd year පටන්ගද්දී corona ඇවිත් ගෙදර නැවතුනා...ආන්න දැන් ආයෙත් වැයි කෑල්ල දානවා call එකක් ගත්තම 😂
    අපිනම් හිනා උනේ නෑ බං. උපන්න දා ඉඳල කතා කරපු විදියට කතා කරනවට හිනා වෙන්නෙ මොකටද. කොහොම හරි කැම්පස් ගමන ඉවර වෙනකොට බැච් එකේ දෙමළ උන්ට නම් හොඳට සිංහල පුළුවන් :D