කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.
ජනපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
මහාචාර්ය උදිත් ජයසිංහ මහතා මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.
ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.
මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇත.
කෘෂිකර්ම ලේඛම් මහචාර්ය තුමා - ඉදිරියේදි සාගතයක් එන්න පුළුවන් අපි දැන් ඉඳන් ලෑස්ති වෙමු, සැලසුම් හදමු
අන්ද මන්ද ඔරකල් පිස්සාගෙ සැලසුම - අඩෝ ලේඛම් උබ ඔවා කියන්න එපා පල ගෙදෙට්ට ලේඛම්ව මාරු කරා.
උඹලා තාම හිතනවද මූ යුද්දෙට ලොකු වැඩක් කරා කියල ?