යන්න පෙර හුස්මත් අරන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
යන්න පෙර හුස්මත් අරන්

19990123_488305778172322_7868676856095051043_n.jpg


කිරා මිටකට සිතා බැලුවද
යන්න පෙර හුස්මත් අරන්
එන්න කීවම යන්න යනවද
දුවයි මාවයි තනි කරන්
දුන්න සිනහව හදේ හරි මැද
ඇදුම් දෙනවා රත්තරන්
මදුරු පැටියෙක් රූන් කියලා
දැම්ම මතකයි කස්තිරන්

ලේ එකක් හෙට බලමු කියලා
දිනෙන් දින කල් ඉල්ලුවා
දුවා තනිකර යන්නෙ කෝමද
නිදොස් වෙන්නට තැතැනුවා
අමාරුයි මට මහත්තයො අද
පපුවෙ හුස්මද මිරිකුවා
ඇසේ කදුලක් අතේ මිටිකොට
යශෝදරා පිට මං ගියා

ගං දියක් පිට මන් කලත් ඇස
හිතේ ගින්දර නිවෙනු බෑ
රත්තරන් ආයෙත් ඉතින් ගෙයි
ආලෝකෙ නම් සොයනු බෑ
හිස් අතින් මම යන්නෙ කෝමද
දුවට නුඹ ගැන කියනු බෑ
හාමිනේ මට දුන්න ආදරේ
නුඹ ට ආපසු දෙන්න බෑ . . .
 

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    bump
    aga hiriwatenawa. kawada hari me awasthawata muhuna denna wenawa.. mulin mama marunoth hodai.....
     
    Last edited: