යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

සමහර අයවළුන් විසින් සිදුහත් බෝසතාණන් අභිනිශ්ක්‍රමණය කිරීම රහල් කුමරාද යශෝධරාවටද කළ මහා ආසාධාරණයක්
ලෙස දැක ලිපි හා පද්‍ය නිර්මාණ තුළින් බුද්ධ චරිතය සියුම්ව උපහාසයට හා අපහාසයට ලක් කළ අවස්ථා කීපයක් මං දැක්කා.
ඇය සාමාන්‍ය කාන්තාවකට සමාන කරමින් ඇයගේ උතුම් චරිතය සැහැල්ලුවට ලක් කරමින්
සැමියාගේ නික්මයාමෙන්
දුක් වී අඩන අයුරුද ඔහුට ද්වේශ කළ අයුරුද සමහර විටක දක්වා තිබුණා

යශෝධරාව ආත්මීය බැදීම් ඔස්සේ බෝසතානන් වහන්සේගේ බිරිඳ වීමට හා සම්මා සම්බුද්ධත්වයට පත් වී
ලෝවැස්සන් සසර දුකින් මුදවාලීමේ ක්‍රියාවලියට(MISSION)දායක වූ ආකාරය ගැන නිසි වැටහීමක් නැති පුද්ගලයින් ලියූ යම් සටහන් නුවණින් විමසා නොබැලීමෙන්

තවත් අය
නොමග ගොස් සිටිනා බව දැක මෙය ලියන්නට සිත් වුනා...

6f43edba.jpg
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් කියනවටත් වඩා හරිම වටිනා නිර්මාණයක් කියල කිව්වොත් නිවැරදියි කියල හිතෙනවා. (ලස්සන නැතුව නෙමේ ;) )
සාහිත්‍යයේ තියෙන අතිශ්‍යොක්තියට හෝ නොමඟ යැවෙන සුලු සමහරක් කරුණු නිසා ඉතිහාසය වගේම ධර්මයත් වරදවා වටහා ගත් පිරිසක් බිහිවෙමින් පවතින මෙවන් යුගයක ඇත්ත මොකද්ද කියලා හරියට හොයල බලන්න අපිව යොමුකරවන සුළු නිර්මාණයක්

වැඩේ සාර්ථකයි අයියෙ
 
මේ ගැන මෙහෙම කියලා ඉවරයක් කරන්න බෑ.යශෝදරා නම් ගැහැනිය........!එදා මෙදාතුර උපන් සියළු ගැහැනුන්ගේ වේදනාව සතුට එකවර විදි අවාසනාවන්තිය,භාග්‍යවන්තිය
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
ලස්සන නිර්මානයක්...
අමුතුම ආරයකින් ඉදිරි පත් කර ඇතිනිසා වාඩාත් සාර්තකයි...
:):):):)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට මතකයි කාලෙකට කලින් අරවින්ද පළකරපු නිර්මාණය.......මත විවාද මත තිබුන හැටි...

මම හිතන විදියට යශෝදරා කියන්නේ තවත් එක් ගැහැනියක් පමනක්ම නොවේ.....
ඇය අවාසනාවන්තයි කියන්න බැහැ...

ඇය බිරිද උනේ සාමාන්‍ය කුමරෙක් සමග උනත් ඇය දැන ඉන්නට ඇති ඔහු බුදුවීමට පෙරුම් පුරන බව

ඇය සියළු දේ දරා ඉන්නට ඇති..ශක්තිමත් සහ මැදහත් සිතින්

ඒ නිසයි එවැනි ගැහැනියකට " යශොදරාවක් " යැයි ආමන්ත්‍රනය කරන්න පවා පෙළබෙන්නේ

අමිලගෙ අදහසට මම එකගයි

ඉතාවටිනා නිර්මානයක්
 
අනිවාර්යෙන්ම ඇය දැන සිටියා .අනික යශෝදරාව පෙරුම් පිරුවා.. සිදුහත් බෝසතානන් කොපමණ කාලයක් පෙරුම් පිරුවාද ඊට ආසන්න කාලයක් :D
ස්තූතියි

ගැහැනියකගේ කෝණයෙන්
මං ඔයා හිතන ආකාරය ප්‍රශ්න කරන්නෑ..දිල් කියපු දෙය ගැන හිතන්න..මං ලියලා තියන පූර්ව අදහස බලන්න ..ඔයා තීරණය කරන්න .. මං කියනවා එයා ලෝකෙ හිටපු වාසනාවන්තම ගැහැණිය කියලා :D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලස්සන නිර්මාණයක් කියනවටත් වඩා හරිම වටිනා නිර්මාණයක් කියල කිව්වොත් නිවැරදියි කියල හිතෙනවා. (ලස්සන නැතුව නෙමේ ;) )
සාහිත්‍යයේ තියෙන අතිශ්‍යොක්තියට හෝ නොමඟ යැවෙන සුලු සමහරක් කරුණු නිසා ඉතිහාසය වගේම ධර්මයත් වරදවා වටහා ගත් පිරිසක් බිහිවෙමින් පවතින මෙවන් යුගයක ඇත්ත මොකද්ද කියලා හරියට හොයල බලන්න අපිව යොමුකරවන සුළු නිර්මාණයක්

වැඩේ සාර්ථකයි අයියෙ
ඉහි ඉහි ස්තූතියි නංගී :D:D
 
මං ඔයා හිතන ආකාරය ප්‍රශ්න කරන්නෑ..දිල් කියපු දෙය ගැන හිතන්න..මං ලියලා තියන පූර්ව අදහස බලන්න ..ඔයා තීරණය කරන්න .. මං කියනවා එයා ලෝකෙ හිටපු වාසනාවන්තම ගැහැණිය කියලා :D
කවුරුවත් කියපු දේ මට වැඩක් නෑ.යශෝධරා නම් වූ ඒ මහා පින්වන්තිය ගැන මම හිතන්න දේ මේකයි."වේදනාව සතුට එකවර විදි අවාසනාවන්තිය,භාග්‍යවන්තිය."
(තේරුම් ගන්න බැරි කම මගේ වරදක් නොවේ.)
 
ආලය...
හුදෙක් ලිංගික ඇසුරක් නොව සන්සාරික පුරුද්දක මතින් සිතාද්දර ගෞරවනීයව දිවි ගෙවීමක් වන කල්හි......
සාමාන්‍ය ගැහැනියක දකින අසාධාරනය වඩා ඇය භාග්‍යවන්තියක්ම වූවාය
ලොක්කයියා සාර්ථක නිර්මානයක්..... ඔබට ජය
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සියුම් මාතෘකාවක් යටතේ ලියවුනූ අර්ථවත් කවියක්
    ගොඩක් මූලධර්මවදීම් ඔන්න ඔය තැනදි බුද්ධාගමට නින්දා කරනවා

    අවංකවම කිව්වොත් මමවත් දන්නෙ නෑ යශෝධරා දේවිය බෝධිසත්වයොන්ගෙ අරමුණ තේරුම්ගත්තද නැද්ද
    එහෙම නැත්නං සැමියා ක්‍රියා ප්‍රශ්න නොකරන බිරිඳක් නිසා පිටට දුක නොපෙන්වා ඇතුලතින් දුක් වුනාද කියල:dull:

    හැබැයි දේවේශ කලා කියන එකනං පිළිගන්න බෑ:no:
     
    සියුම් මාතෘකාවක් යටතේ ලියවුනූ අර්ථවත් කවියක්
    ගොඩක් මූලධර්මවදීම් ඔන්න ඔය තැනදි බුද්ධාගමට නින්දා කරනවා

    අවංකවම කිව්වොත් මමවත් දන්නෙ නෑ යශෝධරා දේවිය බෝධිසත්වයොන්ගෙ අරමුණ තේරුම්ගත්තද නැද්ද
    එහෙම නැත්නං සැමියා ක්‍රියා ප්‍රශ්න නොකරන බිරිඳක් නිසා පිටට දුක නොපෙන්වා ඇතුලතින් දුක් වුනාද කියල
    :dull:

    හැබැයි දේවේශ කලා කියන එකනං පිළිගන්න බෑ:no:

    හරි බැරෑඖම් කතාවක්.....
    එකක දෙයක් පැහැදිලී... එතුමියට හොඳ දැණුම් සම්භාරකින් හෙබි පුලුල් ණුවනක් ඇති කතක් විය යුතුයි
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Hoda Nirwachanayak sahoooooooooooo...***:yes:

    Eth yashodarawan karapu e kepa kireemen e kulakayata aithi anith pirisa warthamanaye sata 5ka wedak ganne nethi eka tamai duka....:confused:
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    යශෝදරාව බුදුන් වහන්සේව ඔබ කියන පරිදි තේර&#3540

    මේ අහන්න,

    යම් සිද්ධියක් තමන්ට කැමති විදියට අර්ථ දක්වන්න පුලුවන් එක නිර්මාණ කරුවෙක්ගෙ අයියතියක් කියලයි මම දකින්නේ...
    ඒක ඒ වගේම ඒ නිර්මාණ කරුවගෙ දක්ෂතාවය...

    යශෝදරාව කිසි දිනක සතුටු වෙන්න නැතුව ඇති සිදුහත් කුමාරයා බුදු වෙන්න ගියාට...
    මොකද එතුමියත් ගැහැණියක් නිසා...
    එතුමියත් පෙරුම් පුරපු එක වෙනම කතාවක්...
    බුදු රජාණන්වහන්සෙ කිඹුල්වතට වඩිද්දි, යශෝදරාව උඩු මහලට වෙලාම හිටියෙ...
    තිලෝගුරු සම්මා සම්බුදුරදුන්ට වඳින්නවත් පහලට නොබැස්සෙ...

    යශෝදරාව බුදුන් වහන්සේව ඔබ කියන පරිදි තේරුම් ගත් නිසාද ?
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරි බැරෑඖම් කතාවක්.....
    එකක දෙයක් පැහැදිලී... එතුමියට හොඳ දැණුම් සම්භාරකින් හෙබි පුලුල් ණුවනක් ඇති කතක් විය යුතුයි

    අනිවාර්‍යයෙන්ම පුළුල් නුවණක් තිබුණා ඇයට ...... පසුකලෙක ධර්මය අවබෝධ කරගෙන අර්හත් ඵලයට එන්න භද්දකච්චායනා තෙරණියට පුළුවන් උනේ ඒ නිසානෙ :)

    තමන්ව දාලා ගියා කියලා අඬ අඬ බුදුන් වහන්සේ සමඟත් අමනාපයෙන් තැවි තැවි හිටියනම් ධර්මය අවබෝධ කරගනීද?
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    ඔබේ පිළිතුරට සම්පූර්ණයෙන් එකග වෙන්න බැහැ

    කවුරුවත් කියපු දේ මට වැඩක් නෑ.යශෝධරා නම් වූ ඒ මහා පින්වන්තිය ගැන මම හිතන්න දේ මේකයි."වේදනාව සතුට එකවර විදි අවාසනාවන්තිය,භාග්‍යවන්තිය."
    (තේරුම් ගන්න බැරි කම මගේ වරදක් නොවේ.)

    වේදනාව සහ සතුට විදි තැනැත්තියක් යයි කීම ඇතැම් විට නිවැරදියි.
    නමුත් ඇය අවාසනාවන්තියක් නොවේ...!

    සිද්ධාර්ථයන්ගේ අභිනිෂ්ක්‍රමනය පිළිබද මාලිගාව කලින් ම දැන සිටියා.
    දෙමාපියන් කදුලු සලද්දී තමන් ඒ පිළිබදව සිතමින් සිටි බව
    මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ, අරියපරියේසන සූත්‍රයේ, බෝධිරාජකුමාර සූත්‍රයේ සදහන්.
    එය සුද්ධෝදන මාළිගයට අාගන්තුක නැහැ. නමුත් කිසි තැනක ය‍ශෝධරා හැඩූ බවට
    සදහනක් නැහැ. යශෝධරා යනු කල්ප ගණනක් ම සිද්ධාර්ථයන් වෙනුවෙන් පෙරුම් පිරූ උතුම් ළදක්. හිමි වියෝව දරා ගැනීමට ඈ පෙරුම් පිරුවා.

    ගැහැනියකගේ කෝණයෙන්

    පිරිමියෙකු උතුම් කටයුත්තක් උදෙසා ගිහිගෙය හැරයාම පවා පටු ලෙසින් දකින
    හැදිමිට අග රයිස් කුකර් බත් පොඩිවන නුවණක් සහිත වර්තමාන කාන්තාවන්ට
    ඒ චරිතය වටහා ගැනීම අසීරුයි. එය උතුම් කාන්තා චරිතයක්....හුදෙක් ගර්භාෂයක්
    තිබූ පමණින් කාන්තාවක් වූ තැනැත්තියක් නොවේ...!

    වාසනාව යනු දුක් නැති සැප සහිත ජීවිතයයි. උතුම් පතිවත රකිමින්, සිහිනෙකින් හෝ
    වෙනත් පිරිමියෙකු නොපැතු ඇය...මාළිගාවේ ගතකලේ පැවිදි දිවියකට සමාන දිවියක්.
    එය කැමැත්තෙන්ම කළ දෙයක්..! ඇය ඉන් ලැබුවේ අපමණ සැනසීමක්. ඇය සිද්ධාර්ථයන්
    බුදු බව ලැබීම අසා සතුටු වූ අයුරු නරසීහ ගාථා ඇසුරෙන් රාහුලයන්ට ඔහුගේ පියාණන් ගැන
    පවසන ආකාරයෙන් ම පැහැදිලි වෙනවා. තව ද ඇය.. කිසිදු තැනක රාහුලයන්ගේ පැවිද්දට
    විරුද්ධ වූයේ නැහැ. ඊට විරුද්ධ වූයේ සුද්ධෝදන රජතුමා පමණි.

    දහස් ගණ්‍නක් සැදැහැවන්තියන් රාහුල මාතාවක වන්නට, භද්දකච්චායනාවක වන්නට පෙරුම්
    පුරද්දී ඔබ පවසන මේ අවාසනාව...කාමය නොලැබීම අවාසනාවක් ලෙස දකින අයට මිස,
    අන් අයට නම් ඔබේ කතාව නිස්සාරයි...!

    මෙන්න හොද පිළිතුරක්..ශ්‍රද්ධාවෙන් සහ යථාර්තවාදී ව යශෝධරාව ගේ දිවිය දැක තිබෙනවා..

    මම හිතන විදියට යශෝදරා කියන්නේ තවත් එක් ගැහැනියක් පමනක්ම නොවේ.....
    ඇය අවාසනාවන්තයි කියන්න බැහැ...

    ඇය බිරිද උනේ සාමාන්‍ය කුමරෙක් සමග උනත් ඇය දැන ඉන්නට ඇති ඔහු බුදුවීමට පෙරුම් පුරන බව

    ඇය සියළු දේ දරා ඉන්නට ඇති..ශක්තිමත් සහ මැදහත් සිතින්

    ඒ නිසයි එවැනි ගැහැනියකට " යශොදරාවක් " යැයි ආමන්ත්‍රනය කරන්න පවා පෙළබෙන්නේ

    අමිලගෙ අදහසට මම එකගයි

    ඉතාවටිනා නිර්මානයක්

    ඔබට ජය...!

    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:

    (මේ පද පෙලට මම ඉතා කැමතියි. මෙවන් වූ අරුත් බර නිර්මාණ කරන්න. අමිලටත් ජයෙන් ජයම ලැබේවා...!)
     
    Last edited:
    • Like
    Reactions: DiLakshika

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉතාමත් හොද නිර්මාණයක් සමග යසෝදරාගේ චරිතය පැහැදිලි කිරීමක්.
    බුද්ධත්වය යනු එක රැයකින් ලබාගත් දෙයක් නොව කල්ප ගනනක් පුරා පෙරුම් පුරමින් පැමිනි මගක කෙලවර බවද එහිදී යසෝදරාගේ චරිතයත් එම කාලය පුරාවටම සාන්සාරිකව පැමිණි චරිතයක් බව සදහන් කල යුතුය. තවද ඇය එසේ සිතින් දුක් වින්දා නම් ශාන්ත ගමනින් වඩින බුදුන් දැක තම පුතුන්ව බුදුන් ඉදිරියට යවන්නට ප්‍රතම ඇය හඩා දිව යනු නියතය. මෙහිදී පස් මහ බැලුම් වනාහී බුද්ධත්වයට පැමිනීමට ප්‍රදාන වශයෙන්ම උදව් වූ හේතුකාරකය වශයෙන් සඳහන් කල යුතුය. රාහුලයෙක් නූපන්නා නම් මෙම කතාව තවත් මගකට යනු නියතය.....
    ස්තූතියි අමිල
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වේදනාව සහ සතුට විදි තැනැත්තියක් යයි කීම ඇතැම් විට නිවැරදියි.
    නමුත් ඇය අවාසනාවන්තියක් නොවේ...!

    සිද්ධාර්ථයන්ගේ අභිනිෂ්ක්‍රමනය පිළිබද මාලිගාව කලින් ම දැන සිටියා.
    දෙමාපියන් කදුලු සලද්දී තමන් ඒ පිළිබදව සිතමින් සිටි බව
    මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ, අරියපරියේසන සූත්‍රයේ, බෝධිරාජකුමාර සූත්‍රයේ සදහන්.
    එය සුද්ධෝදන මාළිගයට අාගන්තුක නැහැ. නමුත් කිසි තැනක ය‍ශෝධරා හැඩූ බවට
    සදහනක් නැහැ. යශෝධරා යනු කල්ප ගණනක් ම සිද්ධාර්ථයන් වෙනුවෙන් පෙරුම් පිරූ උතුම් ළදක්. හිමි වියෝව දරා ගැනීමට ඈ පෙරුම් පිරුවා.

    පිරිමියෙකු උතුම් කටයුත්තක් උදෙසා ගිහිගෙය හැරයාම පවා පටු ලෙසින් දකින
    හැදිමිට අග රයිස් කුකර් බත් පොඩිවන නුවණක් සහිත වර්තමාන කාන්තාවන්ට
    ඒ චරිතය වටහා ගැනීම අසීරුයි. එය උතුම් කාන්තා චරිතයක්....හුදෙක් ගර්භාෂයක්
    තිබූ පමණින් කාන්තාවක් වූ තැනැත්තියක් නොවේ...!

    වාසනාව යනු දුක් නැති සැප සහිත ජීවිතයයි. උතුම් පතිවත රකිමින්, සිහිනෙකින් හෝ
    වෙනත් පිරිමියෙකු නොපැතු ඇය...මාළිගාවේ ගතකලේ පැවිදි දිවියකට සමාන දිවියක්.
    එය කැමැත්තෙන්ම කළ දෙයක්..! ඇය ඉන් ලැබුවේ අපමණ සැනසීමක්. ඇය සිද්ධාර්ථයන්
    බුදු බව ලැබීම අසා සතුටු වූ අයුරු නරසීහ ගාථා ඇසුරෙන් රාහුලයන්ට ඔහුගේ පියාණන් ගැන
    පවසන ආකාරයෙන් ම පැහැදිලි වෙනවා. තව ද ඇය.. කිසිදු තැනක රාහුලයන්ගේ පැවිද්දට
    විරුද්ධ වූයේ නැහැ. ඊට විරුද්ධ වූයේ සුද්ධෝදන රජතුමා පමණි.

    දහස් ගණ්‍නක් සැදැහැවන්තියන් රාහුල මාතාවක වන්නට, භද්දකච්චායනාවක වන්නට පෙරුම්
    පුරද්දී ඔබ පවසන මේ අවාසනාව...කාමය නොලැබීම අවාසනාවක් ලෙස දකින අයට මිස,
    අන් අයට නම් ඔබේ කතාව නිස්සාරයි...!

    ඔබට ජය...!

    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:

    (මේ පද පෙලට මම ඉතා කැමතියි. මෙවන් වූ අරුත් බර නිර්මාණ කරන්න. අමිලටත් ජයෙන් ජයම ලැබේවා...!)

    තවත් මොන කතාද....පැහැදිලි කරගන්නට අවශ්‍යය සියළු දේම ඔබ ඉතා පැහැදිලිව කියා දීලා...

    ඔබ කියූ ලෙසම සාමාන්‍ය කාන්තාවක් ලෙස විදිය යුතු කම් සැප හා බෞතික සැප පමනක් සිතුවොත් ඇය අවාසනාවන්තයි....