හ්ම්ම්ම්ම්ම් .........
හුඟ දෙනෙක් මේ ගැන තමන්ගෙ අදහස් පැහැදිලි කරලා තියෙනවා.... මටත් හිතුණා මේ පිළිබඳ මම දරන අදහසේම එල්බ ගෙන ඉන්නෙ නැතුව ටිකක් කරුණු විමසලා බලන්න.
යශෝදරාව ගැන විතරක් කතා කරන්න කලින්, බුද්ධ චරිතය දිහා ටිකක් බලන්න හිතුණෙ අපේ බෞද්ධ ඉතිහාසය කෙතරම් දුරට විකුර්ති වෙලාද, යමෙක් විසින් (බමුණන්) විකුර්ති කරලද කියලා පැහැදිලි කරගෙන ඉන්න.
සිදුහත් කුමාරයා බුදුවෙන බව කොණ්ඩඥ්ඥ බමුණා ඒකාන්තයෙන්ම කිව්වනම් (කුමරු ඉපදිලා දින 5න්). ඒ කියන්නෙ රජ පවුල මේ ගැන දැනගෙන හිටියා කියන එක නේද?
ඒ වගේම ලලිත විස්තරය කියන පොතෙ සඳහන් වෙන විදිහට සිදුහත් කුමාරයා ඉගෙනගන්න ශිල්ප වලට විවිධ දේශයන්හි භාශාවන් පවා ඇතුලත් වුණා.
අනික තමා සතර පෙර නිමිති
මහල්ලෙක් - කුමරු බුදුවෙනකම් ජීවත් නොවන තරමට මහළු අසිත තව්සා (කාලදේවල) එහෙ හිටියා. (ඔන්න අසිත තව්සත් දැනගෙන හිටියා සිදුහත් කුමාරයාගෙ සත්‍ය සොයා යන ගමන ගැන) ඒ වගේම සුදොවුන් රජතුමත් කුමාරයා වැඩිවිය පත්වෙනකොට ක්‍රමයෙන් මහලු වෙනවනෙ. ඉතිං මහල්ලෙක් කියන්නෙ කුමාරය නොදැකපු දෙයක් නෙමේ.
ලෙඩෙක් - මුළු රජ ගෙදරම කිසි කෙනෙක් කවදාවත් ලෙඩ වෙන්නෙ නැද්ද? අඩු ගානෙ කපිල වස්තු පුරයෙ කෙනෙක් වත්? (ඒ කාලෙත් ඩෙටෝල් තිබ්බද දන්නෑ නේ?)
මලකඳක් - තමන්ගෙ අම්මා ජීවතුන් අතර නැති බව සිදුහත් කුමාරයා දන්නව නම්.... මරණය කියන්නෙ කලින් නොදැක්ක මැජික් එකක් වෙන්න බැහැනෙ. අනික නොදන්න දෙයක් ගැන රියදුරාගෙන් පවා අහන කුමාරයා තමන්ගෙ අම්ම කෝ කියල ඇහුවෙම නෑ කියන්න පුළුවන්ද?
පැවිදි රුව - ඒ කාලෙ විවිධ ආගම් වල පැවිද්දො හිටියා. මේ ගැන නම් මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ
කොහොම උනත් සිදුහත් චරිතය ගැන කියලා මම පටන් ගත්තෙ..... මෙතරම් කාලයක්.... සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරපු බෝසතුන්ට දිව්‍ය ලෝකෙන් ඇවිත් පෙරනිමිති මවල පෙන්වනකම් ඉන්න උවමනාවක් තියේද සසර කලකිරෙන්න? (බුද්ධියෙන් අහන්න මේ ප්‍රශ්න ටික, තර්ක කරල බලන්න තමන්ගෙ බුද්ධියත් එක්ක මෙතන පෝස්ට් කරන කලින්)
මේ කරුණු අනුව මගෙ නම් අදහස සිදුහත්, යශෝදරා පමණක් නෙමෙයි මුළු රජ පවුලම දැනගෙන ඉන්න ඇති බෝසතුන්ගෙ බුදුවීම ගැන. අනික ඒ කාලෙ අදටත් වඩා නක්ශත්‍රයට තැන දුන්න කාලයක්...... හඳහන් වල ඔය හැමදේම සඳහන් නොවුන කියල හිතන්න බෑනෙ.
ඉතින්, සිදුහත් කුමරු තමා කවදා හරි ගිහිගෙය හැරලා යනව කියලා දැනගෙන හිටිය නම්, 13 අවුරුද්දක් දීග කාපු බිරිඳට ඒක නොකියාවිද? මට නම් හිතෙන්නෙ යශෝදරා සියල්ල දැනගෙන හිටියා කියලයි. අනික තමා සිදුහත් කුමරු අභිනිශ්ක්රමණය කරද්දි වයස 29ක්. දෙන්නම හිටියෙ ජීවිතේ මොකක්ද කියලා නොතේරෙන කුඩා වයසක නෙමෙයි. ඒ වගේම ඒ වෙද්දිත් පාරමිතා පුරලා ධර්මය අවබෝධ කරගන්න තරම් නුවණකින් හෙබි යශෝදරාව කිසිසේත්ම ස්වාමියා තමන්ව දාලා ගිය එක ගැන සාමාන්‍ය කාන්තාවකගෙ ඇසින් බලන්නෙ නෑ.
බුද්ධ චරිතය කියන්නෙ බෞද්ධයා විසින් හරිම ප්‍රවෙශමෙන් හැදෑරිය යුතු දෙයක් බවට මේ වෙනකොට පත්වෙලා. කල්පගානක් ලෝ සතුන් දුකින් මුදවන්න පෙරුම් පිරූ බුදුන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සෙ දහම් දෙසන්න කියල කියන්නත් බමුණන්ගෙ බ්‍රහ්මයෙක් ආවයි කියල කියද්දි අපි තව ටිකාක් කල්පනාවෙන් මේ කරුණු හදාරන්න ඕනා කියලා මට හිතෙනවා.
සමහර විට මගේ අදහස් වැරදි වෙන්න පුළුවන්..... කමක් නෑ වැරදි වැරදි තමයි අපිට හරි දේ හොයාගන්න පුළුවන්.