යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒ උනාට මට ඔබතුමගෙ කෝනයෙන් බලල තේරුම්ගන්න පුළුවනි :P

මම ඔය හැමෝගෙන්ම අහන්නෙ ඉතාම පුංචි ප්‍රශ්නයක්

යශෝධරාවිය සිදුහත් තවුසට ආදරය කළාද නැද්ද ?
කළා නම්
කොයි තරම් සැලසුම් කළත් කොයි තරම් පෙරුම් පිරුවත් තමන්ගෙ ආදරණිය ස්වමියා තමන්ගෙන් ඈත් උනාම දුකක් ඇතිවෙනවද නැද්ද ?

ඕකටට මට සරල සුන්දර උත්තරයක් දෙන්න
අටුවා ටීකා ඕන නෑ :D
(අටුවා ටීකා නැතුව උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්ද එක ?:confused:)

"ප්‍රියෝහෝ විප්පයෝගෝ දුක්කෝ" ඕනෑම පෘතග්ජනයෙකුට මේක පොදුයි..
යශෝධරාව සිදුහත්ට ආදරය කරා :D
ආදරයකටත් වඩා එතන ආත්මීය බැදීමක් හා ඊට එහා ගිය අරමුණක් තිබුණා
දුකක් ඇති වුනත් ඊට වඩා සතුටු වෙන්න කාරණයක් තියනකොට දුක යටපත් වෙනවා..
අම්මා කෙනෙක් තම දරුවට කෑම ටික දීලා බඩගින්නේ ඉන්නවා.
අම්මා දුක්වෙනවද දරුවගේ බඩගින්න නිවුණ එකට සතුටු වෙනවද?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක.
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "ප්‍රියෝහෝ විප්පයෝගෝ දුක්කෝ" ඕනෑම පෘතග්ජනයෙකුට මේක පොදුයි..
    යශෝධරාව සිදුහත්ට ආදරය කරා :D
    ආදරයකටත් වඩා එතන ආත්මීය බැදීමක් හා ඊට එහා ගිය අරමුණක් තිබුණා
    දුකක් ඇති වුනත් ඊට වඩා සතුටු වෙන්න කාරණයක් තියනකොට දුක යටපත් වෙනවා..
    අම්මා කෙනෙක් තම දරුවට කෑම ටික දීලා බඩගින්නේ ඉන්නවා.
    අම්මා දුක්වෙනවද දරුවගේ බඩගින්න නිවුණ එකට සතුටු වෙනවද?

    බඩගින්න කියන්නෙ ආදරය අහිමි වීමක් නෙවෙයි නේද අමිල අයියෙ ?
    දරුවාගෙ කුස පිරීම නිසා ඇතිවන සතුට වගේම බඩගින්න නිසා ඇතිවෙන්නෙ වේදනාවක්. දුකක් නෙවෙයි :D

    ඒ වගේ නෙවෙයි ආදරය නැති උනාම ඇතිවන දුක( අත්දැකීම් නොමැති බව කරුණාවෙන් සලකන්න:nerd:)

    මම නැවතත් නැවත නැවතත් කියන්නෙ.තම ස්වාමියා සත්‍ය සොයාගන්න බව ඇත්ත ඒ ගැන හිතල සතුටු වෙන්න පුළුවන් බවත් ඇත්ත.
    නමුත් ආදරය අහිමි වීම නිසා ඇතිවන වේදනාව නිසා දුක් වෙන්නත් ඇති. එතනදි දුක සතුට එකතු කරල එකපාර විඳින්න හැකියාවක් නෑ අමිල අයියෙ

    එහෙනං ඇයි එක බමුණෙක්(නම මතක නෑ) සිදුහත් කුමරා මතු බුදුවෙන නිසා සිනහ වෙලා ඒ කාලය වෙද්දි තමන් ජීවතුන් අතර නොසිටින බව දැකල ඇඬුවෙ ?

    දුක සතුට වෙන වෙනම විඳිනව මිසක්
    (දුක + සතුට)/2 විදියටවිඳින්න බෑ අමිල අයියෙ ඒකයි මං මෙච්චර මේ කියන්නෙ :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යශෝධරා.... යශෝධරා...
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...

    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට
    පමා නොවී යලි ඇවිදින් මේ දෙස

    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...

    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    දයා සිතින් එක බැල්මක් දී නෙත
    කෙමෙන් මැකී යි යශෝධරාවත

    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බඩගින්න කියන්නෙ ආදරය අහිමි වීමක් නෙවෙයි නේද අමිල අයියෙ ?
    දරුවාගෙ කුස පිරීම නිසා ඇතිවන සතුට වගේම බඩගින්න නිසා ඇතිවෙන්නෙ වේදනාවක්. දුකක් නෙවෙයි :D

    ඒ වගේ නෙවෙයි ආදරය නැති උනාම ඇතිවන දුක( අත්දැකීම් නොමැති බව කරුණාවෙන් සලකන්න:nerd:)

    මම නැවතත් නැවත නැවතත් කියන්නෙ.තම ස්වාමියා සත්‍ය සොයාගන්න බව ඇත්ත ඒ ගැන හිතල සතුටු වෙන්න පුළුවන් බවත් ඇත්ත.
    නමුත් ආදරය අහිමි වීම නිසා ඇතිවන වේදනාව නිසා දුක් වෙන්නත් ඇති. එතනදි දුක සතුට එකතු කරල එකපාර විඳින්න හැකියාවක් නෑ අමිල අයියෙ

    දුක සතුට වෙන වෙනම විඳිනව මිසක්
    (දුක + සතුට)/2 විදියටවිඳින්න බෑ අමිල අයියෙ ඒකයි මං මෙච්චර මේ කියන්නෙ :)
    මට මගේ මතය තහවුරු කරන්න ඕන නෑ :D
    අරක මං ගත්තේ උදාහරණයකට. හිතන්න උදව්වක් විදිහට
    අපි ඔයාල වගේ සත්වයන්ට බෑ :D
    කොහොමත් මං කීව එක හරියට තේරුම් අරං නෑ.මං කැමති නෑ මේ ගැන තවත් විවාද කරන්න.
    ණැන පමණින් වටහා ගනිත්වා
    PS
    අරවින්ද කවිය ලියපු වෙලෙ ම හිතන්නේ මම හිටියේ ඔයාගේ මතයේ.:rolleyes:
    සමහර දේවල් තේරෙන්න කල් යනවා :D:yes:
    එහෙනං ඇයි එක බමුණෙක්(නම මතක නෑ) සිදුහත් කුමරා මතු බුදුවෙන නිසා සිනහ වෙලා ඒ කාලය වෙද්දි තමන් ජීවතුන් අතර නොසිටින බව දැකල ඇඬුවෙ ?
    සුද්ධෝදන රජුගේ ගුරුවරයා අසිත තවුසා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මගේ මතය තහවුරු කරන්න ඕන නෑ :D
    අරක මං ගත්තේ උදාහරණයකට. හිතන්න උදව්වක් විදිහට
    අපි ඔයාල වගේ සත්වයන්ට බෑ :D
    කොහොමත් මං කීව එක හරියට තේරුම් අරං නෑ.මං කැමති නෑ මේ ගැන තවත් විවාද කරන්න.
    ණැන පමණින් වටහා ගනිත්වා
    PS
    අරවින්ද කවිය ලියපු වෙලෙ ම හිතන්නේ මම හිටියේ ඔයාගේ මතයේ.:rolleyes:
    සමහර දේවල් තේරෙන්න කල් යනවා :D:yes:
    සුද්ධෝදන රජුගේ ගුරුවරයා අසිත තවුසා

    කවුද දන්නෙ කාලයක් ගියාම තමන් දන්න හරි දේවලුත් වරදිනවද කියල :P :D
    ඔව් අපි මේක දැනට අතෑරල දමු. :D
    හැබැයි this isnt over:nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවුද දන්නෙ කාලයක් ගියාම තමන් දන්න හරි දේවලුත් වරදිනවද කියල :P :D
    ඔව් අපි මේක දැනට අතෑරල දමු. :D
    හැබැයි this isnt over:nerd:
    අර ***කෝන් ආපු එක වගේ පරණ එක හරි ගියොත් කොහොමද :rofl::rofl:
     
    nwnbs

    Member
    නුවන් අය්යෙ මෙතන තියෙන්නෙ මම දන්න විදිහට වෙනත් දෙයක්.සිදුහත් කුමරා කොහොමත් සක්විති රජ කෙනෙක්විය යුතු කෙනෙක්.(බුදු නොවුනා නම්)මෙතන කය පිලිබඳ තෘෂ්ණාවක් තබා එබඳු හැඟීමක සේයාවක් වත් නෑ.
    බුදු කෙනෙකු සම්බන්ධයෙන් යම් යම් දේ සිදුවන්නේ කෙසේදැයි බුදු කෙනෙකුන්ම විමසිය යුතුයි.ඒය දිගටම පැමිනි බුද්ධ පිළිවතක්. ආදාහනය කෙසේ වන්නේදැයි (කරන්නේදැයි)විමසීමට මෙම පිළිතුර නොදුන්නත් එය සිදුවන්නේ එලෙසමයි.
    බුදු වරුන්ට උරුම-ආවේනික පිලිවෙලක් තියනවා නේ.(යම් යම් දේ අතිශයෝක්ති විය හැකියි)
    හ්ම්ම්... ස්තුතියි නංගා ඔයාගෙ පැහැදිලි කිරීමට... :) මම එච්චර දැනගෙන හිටියෙ නෑ මේ සම්බන්ධව...

    මේ වගේ බොහෝ තැන් තියෙනවා...එවා නිර්මල බුදු දහමෙ අඩංගු දේවල් නෙවේ
    කාලයකට පසු අපේ හිත් වලට කාවද්දපු ඒවා ඇත්තටම බුදුන් දේශනා කරපු දේ කියන ගානටම අපිට පිළි ගන්වන්න
    යෙදුණු කාලයක් තිස්සේ බුදු බණ ගානටම අපේ හිත් වලට ඇතුළු කරපු බමුණු මත.

    මේ දේවල් පසුකාලීන ව ලියවුනු සාහිත්‍ය/ ඉතිහාස ග්‍රන්ථ හා චරිත කතාවලදී ඒ ඒ කතුවරු අතිශෝක්තියට හා වෙනත් අරමුණු වළින් ලියූ දේවල්
    :yes::yes::yes:
    බුද්ධ දේශනා කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනිමු

    අන්ධයෝ හය දෙනෙක් ඇතෙකුගේ හැඩය කීවාක් මෙන්..අපි අසා ඇති දේකින් පමණක්
    යම් යම් තීරණ වලට පැමිණීම නුසුදුසු යි. ඔබේ ගැටලුව පවතින්නේ එය මත නම් එය
    ගවේෂණය කොට නිවැරදි කරගත යුතු යි. අදාල ප්‍රකාශය සටහන්ව ඇති තැන් නිවැරදි ව
    කියවා බැලිය යුතු යි.

    මෙම ත්‍රෙඩ් එකේ අදාල මාතෘකාවට සම්බන්ධ නැතිවුවත් මා ඔබ මතු කළ ගැටලුව නිරාකරණය කරගැනීමට උපකාරයක් කරන්නම්.

    මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ පිළිබද මතු වූ අවස්ථාව මෙසේ යි..!

    ආනන්ද හිමියන් මෙසේ විමසා සිටියා.
    "කථං මයං භන්තේ තථාගතස්ස සරීරේ පටිපජ්ජාමා?ති"
    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබද අපි කටයුතු කරන්නේ
    කෙස් ද..?"

    එයට බුදු රජුන් පිළිතුරු දුන්නේ මෙසේ ය.

    (මම සිංහල පාඨය පමණක් දාන්නම්. අවශ්‍යනම් පාලි පාඨයත් දෙන්නම්)

    "ආනන්ද, ඔබ තථාගතයන්ගේ සිරුරට පුදපූජා කි‍රීම පිළිබදව වද වෙන්නට එපා. ආනන්ද
    ඔබ අරහත්වය පිණිස වීර්යය වඩන්න. නැවත නැවතත් නිවන කෙරෙහි සිත යොමු කොට වාසය
    කරන්න.

    ආනන්ද, තථාගතයන් වහන්සේ ගැන බොහෝ සෙයින් පැහැදුනු ශ්‍රද්ධාවන්ත ගෘහපතිවරු සහ බ්‍රාහ්මණවරු සිටිනවා.
    ඔවුන් තථාගතයන් වහන්සේගේ සිරුරට පූජා සත්කාර කරනු ඇත.."

    (දීඝ නිකාය 2 - මහා පරිනිබ්බාන සූත්‍රය)

    මේ අනුව පිරිනිවන් මංචකයේ දී ම එම සිරුර ආදාහනය කිරීම සහ පුද පූජා පැවැත් වීම
    සැදැහැවත් ගිහියන්ට පවරා දී තිබෙනවා. තථාගත සිරුරක් යනු පුදපූජා ලැබිය යුතු දෙයක්
    ඪට හේතුව එය නිකෙලෙස් උතුමෙකු හා සම්බන්ධ වූ දෙයක් නිසයි. එසේ ම...
    තථාගත ස්තුපයක් දැක මේ තථාගතයන් වහන්සේගේ සිරුර හෝ එහි ධාතුන් වහන්සේල‍ා
    නේදැයි සිතිම පවා සිත පහන් කරවන්නක්. අපමණ සැනසීමක්. එය පිනක්.

    මෙහි දී ම, ආනන්ද හිමියන් තව ප්‍රශ්නයක් අහනවා.

    "ස්වාමීනී, ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ සිරුර පිළිබදව කටයුතු කළ යුත්තේ කෙසේ ද?"

    "ආනන්ද, සක්විති රජෙකුගේ සිරුරක් පිළිබද කටයුතු කරන ආකාරයට කටයුතු කළ යුතු යි"

    මෙන්න මේ අයුරිනුයි ඔබ අසා ඇති කතාවේ සැබෑ සිද්ධිය සිදු වූයේ. ලොව උතුම් අයෙකුගේ
    සිරුරක් බැවින්, ලෝක පාලක ධාර්මික රජෙකු වන සක්විති රජෙකුගේ සිරුරකට හිමිවන
    අවසන් බුහුමන් තථාගත සිරුරටත් හිමි විය යුතු බවයි ඒ සදහන් වූයේ.

    ‍මේ නිසා මෙය හුදෙක් ගිහියන්ට පැවරු කාර්යක් වන අතර එය, වටිනා මිනිසෙකුට දක්වන
    උපහාරයක් පිණිස ආනන්ද හිමියන් විමසූ නිසා ම පැවසූ දෙයක් ද වනවා. තථාගත සිරුර
    පැහැදිලිවම නිගන්ඨනාතපුත්තගේ මළ සිරුරට වඩා ගරු කළ යුතු දෙයක්. නිගන්ඨනාතපුත්ත
    හදිසියේ මිය ගියපසු නිගන්ඨයින් සිරුර කරගසාගෙන හඩමින් වැලපෙමින් වීදි සංචාරය කළ
    බව ඔබද අසා ඇති. පූජා ච පූජනීයානං යනු පිදිය යුත්තන්ට පිදීමයි.

    එකල විසු සැදැහැතියන් තථාගත සිරුරකටවත් නිගරු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ
    පහන් සිත් උදෙසායි උන්වහන්සේ මෙසේ කලේ.

    ධාතු ස්තුපයන් තිබීමෙන් ම, අදත් බුදුන් වහන්සේ ගේ සිරුරට සම්බන්ධ කොටස් දැකබලා
    සිත පහදවා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එය තිබෙන්නේ බෞද්ධයන්ට පමණයි.
    අන්‍යාගමිකයන් එවන් දෑ නොතිබීම නිසා පසු තැවෙනවා. ඒ නිසා ඔවුන් විවිධ වංචනික දෑ
    ඊට අනුගත කරගන්නවා. නමුත් බෞද්ධයන්ට ජීවමාන සාධක ඉතිරි කිරීමට බුදු සමිදුන්
    දූරදර්ෂී වුනා...! ඒ සාධක වල තිබෙන වටිනාකම හෑල්ලු කිරීමටයි මෙවන් සැකය උපදන
    ප්‍රකාශ සැළසුම් සහගත අයුරෙන් සමාජයේ පතුරවන්නේ..!

    වැඩි දුර අධ්‍යයනය පිණිස, සාහිත්‍ය කෘති මතම රැදී නොසිට
    බුද්ධ දේශනා ම කියවන්න.

    අයියණ්ඩි

    :nerd::nerd::nerd::nerd:
    මුලින්ම ගොඩාක් ස්තුතියි අයියණ්ඩිට... :) මේ දීර්ඝ විස්තරය ගොඩක් වටිනව මට මේ ගැන තවත් ගැඹුරින් හිතන්න... :)
    "වැඩි දුර අධ්‍යයනය පිණිස, සාහිත්‍ය කෘති මතම රැදී නොසිට
    බුද්ධ දේශනා ම කියවන්න.
    "
    අනිවාර්යයෙන්ම... කොහොම හරි හොඳ පොත් ටිකක් හොයාගෙන කියවන්න ඕනෙ.(හොඳ පොත් හොයා ගැනීම තමයි ටිකක් කරදර)
     
    nwnbs

    Member
    මේ මාතෘකාවෙන් ලොකු සංවාදයක් කෙරුණ එක ගැන ගොඩක් සතුටුයි... :)
    ඒකට බොහෝම ස්තුතියි අමිල... :)
    (රෙප් සිට්ටම් එක වෙනස් කරන්න ඕනෙ. ඕන වෙලාවට දෙන්න විදියක් නෑනෙ... :S)
     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුද්ධ දේශනා කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනිමු

    අන්ධයෝ හය දෙනෙක් ඇතෙකුගේ හැඩය කීවාක් මෙන්..අපි අසා ඇති දේකින් පමණක්
    යම් යම් තීරණ වලට පැමිණීම නුසුදුසු යි. ඔබේ ගැටලුව පවතින්නේ එය මත නම් එය
    ගවේෂණය කොට නිවැරදි කරගත යුතු යි. අදාල ප්‍රකාශය සටහන්ව ඇති තැන් නිවැරදි ව
    කියවා බැලිය යුතු යි.

    මෙම ත්‍රෙඩ් එකේ අදාල මාතෘකාවට සම්බන්ධ නැතිවුවත් මා ඔබ මතු කළ ගැටලුව නිරාකරණය කරගැනීමට උපකාරයක් කරන්නම්.

    මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ පිළිබද මතු වූ අවස්ථාව මෙසේ යි..!

    ආනන්ද හිමියන් මෙසේ විමසා සිටියා.
    "කථං මයං භන්තේ තථාගතස්ස සරීරේ පටිපජ්ජාමා?ති"
    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබද අපි කටයුතු කරන්නේ
    කෙස් ද..?"

    එයට බුදු රජුන් පිළිතුරු දුන්නේ මෙසේ ය.

    (මම සිංහල පාඨය පමණක් දාන්නම්. අවශ්‍යනම් පාලි පාඨයත් දෙන්නම්)

    "ආනන්ද, ඔබ තථාගතයන්ගේ සිරුරට පුදපූජා කි‍රීම පිළිබදව වද වෙන්නට එපා. ආනන්ද
    ඔබ අරහත්වය පිණිස වීර්යය වඩන්න. නැවත නැවතත් නිවන කෙරෙහි සිත යොමු කොට වාසය
    කරන්න.

    ආනන්ද, තථාගතයන් වහන්සේ ගැන බොහෝ සෙයින් පැහැදුනු ශ්‍රද්ධාවන්ත ගෘහපතිවරු සහ බ්‍රාහ්මණවරු සිටිනවා.
    ඔවුන් තථාගතයන් වහන්සේගේ සිරුරට පූජා සත්කාර කරනු ඇත.."

    (දීඝ නිකාය 2 - මහා පරිනිබ්බාන සූත්‍රය)

    මේ අනුව පිරිනිවන් මංචකයේ දී ම එම සිරුර ආදාහනය කිරීම සහ පුද පූජා පැවැත් වීම
    සැදැහැවත් ගිහියන්ට පවරා දී තිබෙනවා. තථාගත සිරුරක් යනු පුදපූජා ලැබිය යුතු දෙයක්
    ඪට හේතුව එය නිකෙලෙස් උතුමෙකු හා සම්බන්ධ වූ දෙයක් නිසයි. එසේ ම...
    තථාගත ස්තුපයක් දැක මේ තථාගතයන් වහන්සේගේ සිරුර හෝ එහි ධාතුන් වහන්සේල‍ා
    නේදැයි සිතිම පවා සිත පහන් කරවන්නක්. අපමණ සැනසීමක්. එය පිනක්.

    මෙහි දී ම, ආනන්ද හිමියන් තව ප්‍රශ්නයක් අහනවා.

    "ස්වාමීනී, ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ සිරුර පිළිබදව කටයුතු කළ යුත්තේ කෙසේ ද?"

    "ආනන්ද, සක්විති රජෙකුගේ සිරුරක් පිළිබද කටයුතු කරන ආකාරයට කටයුතු කළ යුතු යි"

    මෙන්න මේ අයුරිනුයි ඔබ අසා ඇති කතාවේ සැබෑ සිද්ධිය සිදු වූයේ. ලොව උතුම් අයෙකුගේ
    සිරුරක් බැවින්, ලෝක පාලක ධාර්මික රජෙකු වන සක්විති රජෙකුගේ සිරුරකට හිමිවන
    අවසන් බුහුමන් තථාගත සිරුරටත් හිමි විය යුතු බවයි ඒ සදහන් වූයේ.

    ‍මේ නිසා මෙය හුදෙක් ගිහියන්ට පැවරු කාර්යක් වන අතර එය, වටිනා මිනිසෙකුට දක්වන
    උපහාරයක් පිණිස ආනන්ද හිමියන් විමසූ නිසා ම පැවසූ දෙයක් ද වනවා. තථාගත සිරුර
    පැහැදිලිවම නිගන්ඨනාතපුත්තගේ මළ සිරුරට වඩා ගරු කළ යුතු දෙයක්. නිගන්ඨනාතපුත්ත
    හදිසියේ මිය ගියපසු නිගන්ඨයින් සිරුර කරගසාගෙන හඩමින් වැලපෙමින් වීදි සංචාරය කළ
    බව ඔබද අසා ඇති. පූජා ච පූජනීයානං යනු පිදිය යුත්තන්ට පිදීමයි.

    එකල විසු සැදැහැතියන් තථාගත සිරුරකටවත් නිගරු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ
    පහන් සිත් උදෙසායි උන්වහන්සේ මෙසේ කලේ.

    ධාතු ස්තුපයන් තිබීමෙන් ම, අදත් බුදුන් වහන්සේ ගේ සිරුරට සම්බන්ධ කොටස් දැකබලා
    සිත පහදවා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එය තිබෙන්නේ බෞද්ධයන්ට පමණයි.
    අන්‍යාගමිකයන් එවන් දෑ නොතිබීම නිසා පසු තැවෙනවා. ඒ නිසා ඔවුන් විවිධ වංචනික දෑ
    ඊට අනුගත කරගන්නවා. නමුත් බෞද්ධයන්ට ජීවමාන සාධක ඉතිරි කිරීමට බුදු සමිදුන්
    දූරදර්ෂී වුනා...! ඒ සාධක වල තිබෙන වටිනාකම හෑල්ලු කිරීමටයි මෙවන් සැකය උපදන
    ප්‍රකාශ සැළසුම් සහගත අයුරෙන් සමාජයේ පතුරවන්නේ..!

    වැඩි දුර අධ්‍යයනය පිණිස, සාහිත්‍ය කෘති මතම රැදී නොසිට
    බුද්ධ දේශනා ම කියවන්න.

    අයියණ්ඩි

    :nerd::nerd::nerd::nerd:

    You must spread some Reputation around before giving it to Ayyandi again.
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මම කියන්නෑ මගේ මතය පිළිගන්න කියලා , ඔබ වැන්නවුන් කී බස් අසා මට දැනෙන්නා වූ සංවේගය මං කවියෙන් ප්‍රකාශ කරේ "උන්ට කොහොම පසක් කරන්නදැයි:" අසමින්

    මට හරිම කණගාටුයි මල්ලි ඔයා මේ විදිහට "ගෞතම බුදුන්වහන්සේ" මහා කරුණාවෙන් අත්භව නොගිනිය හැකි තරමක් පාරමී පුරමින් බුද්ධත්ව්යට පත්වීමට මුල් පිරූ සිද්ධිය මෙච්චර ලඝු කර තැකීම ගැන..
    අන්‍යාගමිකයෙක් හෝ බුදු දහම ගැන නොදන්නා අයකු මේ ප්‍රකාශ කරනවට වඩා බුදු දහම ගැන දන්න කෙනෙක් මේ මහා කැපකිරීම ලඝු කිරීම

    බෞද්ධ සාහිත්‍ය දන්නඕනම කෙනෙක් අහලා ඇති එතුමන් කලින් බුදු වරුන්ගෙන් පවා විවරණ ගත්ත බවක්.පහසුවෙන් ඒ ඒ බුද්ධ ශාසනවලදී නිර්වානයට යන්න හැකියාව තියෙද්දී මෙපමණ කැපකිරීම් කරමින් එතුමා බුද්ධත්වයට පත්වෙන්න පෙරුම් පිරුවේ වෙන කිසි හේතුවක් නිසාවත් ගරු නම්බු බලාගෙනවත් නෙවේ.අපිට සිතිය හෝ නොහැකි "මහා කරුණාව" නමුතුම් ගුණාංගය නිසයි.

    ආයෙත් කියවල බලන්න හොදින් කොණ්ඩඥ්ඥ බමුණා කීවා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා
    බුදු දහමක් ඒ වෙන කොට නොතිබුනාට බුදුවීම කියන සංකල්පය ඒ වන විට පැහැදිලිවම තිබුණා
    ( සමහර විට ඔයාට මතක නැතුව ඇති..නැත්නම් කියවල නැතුව ඇති..තමන් බුද්ධත්වයට පත්වූවායැයි පවසමින් ලාභ ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු අය ගොඩක් හිටියා)
    ඔයා කියන්නේ සිදුහත් ගිහිගෙය හැරගියේ රැල්ලට කියලද? සංවේගයක් උපදිනවා මේවගේ කතානම් අහනකොට :no:
    අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විති:-)rolleyes:) රජ වෙනවා දකින්න...
    බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ...
    මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ...

    බුදුන්වහන්සේ ලංකාවට වැඩම කරලා බණ දේශනා කරේ මාගධී වලින්ද..බුද්ධ චරිතය(බුදු දහම නොවේ) විකෘති වෙලා කියලා ඇස් කන් තියන ඕනෑම බෞද්ධයෙකුට තේරෙනවා..සමහර තැන් සුරංගනා කතා වගේ තවත් සමහර තැන් වල බුදුන් වහන්සේට දැන හෝ නොදැන අපහාස වෙන දේවල් වලින් ..

    පැහැදිළිවම විරුද්ධයි මේ කතාවට, ඔය දකින නුවණ එක පාරටම පහළ වුනා කියලද කියන්නේ..අමතක කරන්න එපා එතුමා ගිහිගෙය හැරයනකොට වයස 29 ක්

    බමුණු මත ..සමහර නිකම්ම නිකං පොඩි එවුන්ට පවා කලින් අත්භව වල හැකියාවන් මතකයන් තියනවා..ඇරත් ඔය පොතේම තියනවා ඉපදිච්ච ගමන් අග්ගෝ හමස්මි ලෝකස්ස යනාදී වශයෙනුත් වප් මඟුල් දා පලක් බැදන් භාවනා කොරලා පළමු ධ්‍යානයට සමවැදුනා කියලා; මෙච්චර පෙරුම්පිරූ සිදුහත් බෝසතානන්ට හපෝයි

    :no::no:
    මම කෙසේ පසක් කරන්න ද :D

    මං කිව්ව කරණු දිහා ඔබ ඇස් ඇරල බලල නෑ... ඔබේ මතයෙන් බැගැරව මේ දෙස අපක්ශපාතීව බලන්න...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ මාතෘකාව පිලිබදව බොහෝ විට සංවාද මතුවෙනවා මාත් දැකලා තියනවා.
    කෙසේ නමුත් මේ කෝණයෙන් බලා නිමවුන සාර්ථක නිර්මාණයක් ලෙසයි මම මෙය දකින්නේ...
    නියමයි...
    ස්තූතියි මිස්සක
    Nirmanaya Harima Lassanai Amila Malli...Eth Mata hithenawa oya ara udin liyala thiyena tika ehema noliya rasikayanta denenna ida heriyanam E nirmanayen negena gemma thawath wediwenawa kiyala....kohoma unath apurui.....

    මට අවශ්‍ය වූයේ පණිවිඩය දෙන්නයි..:D
    අපි ආමන්ත්‍රණය කරන audience එක අනුව මං තීරණය කරා මෙහෙම ලියලාම කවිය දාන එක හොදයි කියලා

    mara lassanai
    :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සිදුහත් යශෝදරා පේ‍්‍රම වෘත්තාන්තය අතිරමණීයය....

    සිදුහත් කුමාරයා තමන් හා රාහුල පුතු තනිකර ගිහිගෙය හැරදමා ගිය විට එනම් අභිනිෂ්ක්‍රමණය කළ විට
    යශෝදරා ඔහුට වෛර කරන්නේ නැත. ඔහුගේ සැපම ඇය එදා ප්‍රාර්ථනා කළේ මෙලෙසිනි.

    කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
    මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
    අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
    ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා.......

    මෙම සිදුහත්
    යශෝදරා පේ‍්‍රමය සසර බොහෝ කලක සිට පැවැති එකකි.පෙරුම් පිරූ සමයේ, වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජු හා මන්ත්‍රී දේවියද, කුස ජාතකයේ කුස රජු හා පබාවතී චරිතයද, සඳකිඳුරු ජාතකයේ යුවළද ඊට උදාහරණය ය.

    වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු තම දරුවන් ජූජක බමුණාට දන් දුන් පසු යශෝදරාවට ඒ ගැන ඇතිවෙන්නේ මහත් කම්පාවකි. නමුත් එය ඇය විසින් විඳ දරා ගන්නේ මතු බුදුවන බෝසතුන්ගේ දාන පාරමිතාව එයින් සම්පූර්ණ වන බැවිනි. මෙසේ කිසි කලෙක යසෝදරා චරිතය බෝසතුන් දෙස ද්වේෂයෙන් බලා නැති බව පෙනේ.

    වරක් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණ නකුල මාතා හා නකුල පිතා යන වියපත් අඹුසැමි යුවළ උන්වහන්සේගෙන් විමසන්නේ මේ භවයේදී මෙන් සසර පුරා ද තමන් පේ‍්‍රමයෙන් හමු වී කල් ගෙවිය හැකි ද යන්න යි. එහිදී උන් වහන්සේ පවසන්නේ, ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර ඔවුන් දෙදෙනා තුළ සමාන ලෙස වැඩී ඇත්නම් තම පැතුම මතු සසරෙහි ද අඹුසැමියන් ලෙස පේ‍්‍රමයෙන් හමුවීමට ඔවුනට හැකිවන බවයි.

    පුළුල් අර්ථයෙන් විග්‍රහකළ විට පේ‍්‍රම කිරීම හා මෛත්‍රී කිරීම යනු දෙකක් නොව එකක් හැටියට සැලකිය හැකි ය. ඔය ඉහතින් සඳහන් කල
    ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර යශෝදරාව විසින් ඒ වන විටත් මනාව ප්‍රගුණ කොට තිබුණි..

    ඒ අනුව ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ‘හුලවාලි’ චිත්‍රපටය සඳහා රචිත පදමාලාවක් මෙහිදී සිහිපත් කිරීම සුදුසු ය. එයින් කියැවෙන්නේ බුදු සමයෙන් හෙළි කෙරෙන පේ‍්‍රමයේ ස්වභාවය ගැනයි...

    "ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලෙ බිඳුන දා කුමකට කඳුළු සලනු සකි
    ආලවඩන යන තේරුම "බෝසත්කම" සකි.........

    මෙම බෝසත්කම හරි හැටි ආත්ම ගනනාවක සිට අනේක විධ පෙරුම් පුරමින් එය විඳිමින් පසක් කර ගෙන සිටි යශෝදරා තොමෝ සැබැවින්ම භාග්‍යවන්තය..වාසනාවන්තය....

    මල්ලියා ගැන මං බොහෝ ආඩම්බර වෙනවා මෙලෙස ප්‍රබුද්ධ සංවාදයකට අප සැවොම ඒකරාශී කිරිම ගැන..

    මෙවන් සංවාදයට තුඩු දෙන වේදිකාවක් අප අවට ඇති සමාජයට නිර්මානය කර දීම තමයි අද දවසේ තරුන නිර්මානකරුවන්ගේ වගකීම.

    එය මෙහිලා ඉටු කරන්නට සාර්ථක ප්‍රයත්නයක් දරා ඇති ඔබට මගේ ආචාරය....

    මල්ලියට ජය.....
    මේ වටිනා අගැයුම ට බොහෝම පිං :D
     
    ගොඩක් අය එක එක විදියට මෙ කවිය අස්සෙ තමන්ගෙ view points ඉදිරිපත් කරල...

    ඉස්සෙල්ලම comment එක පරක්කු වුනාට සමාවෙන්න අමිල.

    මෙතන වෙලා තියෙන්නෙ මම දකිය හැටියට....ගොඩක් අය තමන් දන්න බුධ්දධර්මය ටිකයි තමන්ගෙ view point එකඉ එකතු කරල එක එක කතා,තර්ක ගොඩනගල...

    කෙනෙක් කියනව බුධුහමුදුරුවො නිමිති දකිනකම් බුධුවෙන බව හෝ නිවන් දකින බව දැනගෙන හිටියෙ නැ කියල...එතකොට ඉපදුන ගමන් පියවර හතක් තියල අගිල්ලක් උස්සල මෙ මගෙ අවසන් උපතයි කියල කිවුවෙ නිකන් ජොලියට වෙන්න අති...එදා ඉදලම මහමායා දේවිට වැඩේ click වෙලා තියෙන්න ඇති, පුත්තරය නිවන් දකින බව...එකනෙ පන්ඩිතයො හතක් ම ගෙනත් අනගතේ බැලුවෙ!

    තවත් කෙනෙක් කියනව යශොදරාව අවාසනාවන්තිය,භාග්‍යවන්තිය කියල...එ කියල තියෙන්නෙ මගෙ හිතෙ.. නුතන කන්තවගෙ කන්නඩියෙන් යශොදරාව දිහා බලල වෙන්න ඇති...

    මෙච්ච්රයි මට කියන්න තියෙන්න....බුධුදහම කියන්නෙ ගොඩක් ගැබුරු විශයයක්..එක අපි දන්නව කියන බුධුදහමට ව්ඩා ගොඩක් වෙනස්,අපි දන්න ටිකෙන් බුධුදහම විග්‍රහ කරනව කියන්නෙ නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක්.....

    මෙ කවියයි comment ටිකයි බැරිවෙලාවත් බුධුහාමුදුරුවො දැක්කනම් අනිවා කියයි...

    මගෙ උපන් රටවත්,ජතියවත්,ජම්මෙවත් මගෙ අම්ම තාත්ත ගැනවත් මට තිබුන මාලිගා ගැනවත් මගෙ බිරිද ගැනවත් දරුව ගැනවත් හොය හොය ඉන්නෙ නැතුව..... මම කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරල උබලට හොයල දිපු ධර්මය දැනගෙන නිවන් දැකපල්ල කියල!

    "ධර්මය දකින්නා මා දකි!"

    ගඩක් ලොකු කතිකාවකට අරන්ගිය ගොඩකාලෙකින් හොද කවියක් අමිල!
     
    Last edited:
    • Like
    Reactions: amila_90210