අපි හැමෝම උපතින් යහපත් අය. අනිත් අය ගැන හිතන, එයාලගෙ දුකේදි දුක්වෙන, දුකේදි අනිත් කෙනාට පිහිටවෙන අය. මුලදි අපි අතර ලොකු විස්වාසයක් තිබුණ..
අපි ඉපදෙනකොටද, මේ සංසාරෙ පටන්ගන්නකොටද මම දන්නෙ නෑ.. ඒ තමයි ආරම්භය..
ඒත් දැං සමහරක් අය හෙනම කුහකයි, පිස්සු කෙලිනව, එකිනෙකාට වෛර කරනව.
තව කට්ටියක් එහෙම නෑ.. එයාල උත්සහ ගන්නව යහපත් විදියට, අනිත් අයට කරදරයක් නොවී, අනිත් අයට උදව් පදව් කරගෙන ජීවත් වෙන්ඩ..
ඇයි මෙහෙම දෙවිදියක මිනිස්සු ඉන්නෙ..
මම හිතන්නෙ, නරක අය බිහිවෙන්නෙ එයාල ලොකු භයානක අත්දැකීමකට මුහුණ දුන්න නිසා..
එක්කො මානසික ලෙඩක්, නැත්තං තව කෙනෙක් කෙරේ තියෙන වෛරය මේ වගේ දේවල්..
මෙන්න මේ තැනට තාම මුහුණ දුන්න නැති අය හොඳයි, මුහුණ දුන්න අය ඊට පස්සෙ නපුරු පුද්ගලයො වෙනව.. මේක කාටත් සාධාරණ පොදු ඇත්තක්.. නැතුව උපතින්ම හොඳයි නරකයි කියල දෙකොටසක් බිහි වෙන්නෙ නෑ..
අපි මේ ජීවිතේදි ඒ භයානක නපුරු අත්දැකීම් වලට ඕන තරං මුහුණ දෙනව. පස්සෙ කාලයත් එක්ක ඒව අමතක වෙලත් යනව..
ජීවිතේ ප්රශ්නවලට මුහුණ දුන්නට පස්සෙත්, යහපත් විදියට ජීවත් වෙන්ඩ පුලුවන්නං ඒක තමා හපන්කම කියන්නෙ..
නැතුව අපිට මෙහෙම වුණ නිසා, අපිත් අනිත් අයට නපුර කරනව කියන එක නෙමේ..

Last edited: