මේ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ජවිපෙ මොන දේ කලත් මොන දේ කිව්වත් ඒකට ජනතාව අතරට යන්න බැරි සමාජෙ පවතින දූශිතභාවය නිසයි. ජොබ් දෙනව කියල සාරි බෙදල බඩු බෙදල කුඩුකාරයො එතනෝල්කාරයො පුරෝගෙන ජවිපෙට ගමනක් යන්න බැහැ.තේරෙන්නෙ නැද්ද? ඒ කොහොමවුනත් මේ පාර ප්රතිපලෙන් දුර්මත ගනනාවක් තුරන්වෙලා යනව. ඒක සහතිකයි.ඔය තැබිලි පාටින් දාල තියෙන ටිකේ උබ කියල තියෙන විදිහට රටේ පරිපාලන යාන්ත්රණය නවත්තන්න තරං සෙනග JVP එකට ඉන්නවනං ඔය සෙනග ඔක්කොම මැතිවරණෙකදිත් උන්ට ජන්දේ දෙන්න අපයි බං.. ඔය ඉන්නවයි කියන මහා ලොකු සෙනග ඇයි උන්ට ජන්දේ නොදෙන්නේ එහෙමනං...
ඔව් ඉස්සර වෘත්තීය සමිති වල එහෙම හෙන බලයක් JVP එකට තිබ්බ..
එත් දැන් නෑ..
ඔය නිල් පාටින් දාල තියෙන කිසිම දෙයක් JVP එක තනියෙන් කරපුව නෙමෙයි නේ බං..
අනුන්ගේ වැඩ වලට මුක්කු ගහපුවා..
අරවට උදව් කරා මේවට උදව් කරා මේවට මෙහෙම කරා අරවට අරම කරා කිය කියා ඉදල වැඩක් නෑ..
සරල දේ උන් අසාර්ථකයි උන්ට බලයට එන්න බෑ කියන එක..
ඉතිං JVP එකටත් තිස්සමහාරාමේ තිබ්බනේ බං.. අද කෝ?
දැන් උබ කියන විදිහට අනිත් පක්ෂ දෙකේම ප්රතිපත්ති වලට JVP එක විරුද්ධ උන් ගේ ප්රතිපත්ති වැරදි හින්ද වෙන්න ඇති නේ.. එහෙනං ඇයි ඔය හරි කියන ප්රතිපත්තිය මෙච්චර කාලයක් හැමදාමත් එක දිගටම ජනතාව අතින් ප්රතික්ෂේප වෙන්නේ...
ප්රතිපත්තියක් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අදාළ පක්ෂය නෙමෙයි ජනතාව...
ජනතාව දිගින් දිගටම එක ප්රතික්ෂේප කරද්දේ JVP එක නෑ මේක තමයි හරි කියාගෙන හැමදාම එක උස්සන් ජනතාව අතරට එනවා... ජන්දේ පරාදයි..
ඔව් ඉතිං කොහොමත් ඔහොම ගියාම ඔය ප්රතිපත්තියට හැමදාම වගේ ජන්ද දෙක තුන තමා ලැබෙන්නේ ඒකෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ..
ඉතින් මිනිස්සු හරි විදියට බලේ දෙන්නෙ නැත්නම් බලෙන් ගන්නද කියන්නෙ?
අනිත් එක මෙතන ගයාන් අහන්නෙ මොකද උඹල මුක්කු ගහන්නෙ නැත්තෙ අරකද මේකද කියල අහනව. ඒ අස්සෙ ඔබතුමා ජවිපෙ අමාරුවෙන් මුක්කු ගහල හරි ලබාගත්ත දේවල් වල වටිනකම බාල්දු කරනව. මොකක්ද මේ හතරබීරි කතාව?
ආයෙ කියන්න තියන්න එපා වර්තමානෙ පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ විකෘති ජනමතයක්. ඒ විකෘති ජනමතය මේ චන්දෙදි වෙනස් වෙනව. සහ වෙනස් කරගැනීම ජනතාවගෙ වගකීමක්.
මහින්දගෙ යුද්ධ ජයග්රහන්ය නිසා තිස්සමහාරාම වැටුන. ඒ ආපු චන්ද රැල්ල දැන් ඉවරයි.
ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැත්තෙ මෙන්න මේ කාරනා ටික නිසා
1.ආගම්වාදී නොවීම
2.88/89 ගැන මවපු චිත්රයක් ඔබ්බවා තිබීම
3.සමාජවාදි මුහුනුවරක් ගැනීම
කියන කාරනා තුන නිසයි. 1*2 කාරනා දෙක වෙනස් කිරීමට ජවිට උවමනාවක් නැහැ. සහ එහෙම නොකල යුතුයි. ජවිපෙ සහ ප්රධාන පක්ෂ දෙක අතර වෙනස අන්න ඒක. ඒ වෙනස නැතුව ජවිපෙ එකක් තිබිල වැඩක් නැහැ.



යුනි වලෙන් පස්සෙ ජෙවිපි දෙශපාලනයෙ අනාතයන් බවට පත් වෙනවා
