අධිවේගී යතුරුපැදි කල්ලි මෙන්ම අධිවේගී වෙනස් කරන ලද එන්ජින් සහිත නයිට්‍රස් ඔක්සයිඩ් ඉන්දන වලින් ධාවන වන මෝටර් කාර් ද රාත්‍රියට මහා මාර්ග වල රේස් යනවා .නුවර පාර ,මැරීන් ඩ්‍රයිව් එක ,ගාලු පාර ,හයිලෙවල් පාර ,දෙහිවල මහරගම පාර ,පිළියන්දල හොරණ පාර ,බණ්ඩාරගම කැස්බෑව පාර ,කඩුවෙල මාලබේ පාර ,ගොඩගම අතුරුගිරිය හරහා මාලබේ පාර ආදී මාවත් වල රාත්‍රී කාලයේ මෙම ධාවන සිදුකරනව මෙය ඉතා බයානක තත්වයක්.
පසුගියදා සති අන්ත පුවත්පතක මේ ගැන විශේෂ ලිපියක් පවා පළවුනා .දැන් ඇමැතිවරයකුගේ වාහනයේ ගැටුණු නිසාවත් මෙය වහා නවත්වන්න පියවර ගනීවි කියා ජනතාව බලාපොරොත්තු වෙනවා .
ඒවගේම වෙනස් කරන ලද එන්ජින් සවිකළ නයිට්‍රස් ඔක්සයිඩ් බූස්ටර් සවිකළ වාහන දිවා කාලයේදී පවා ඉතාම අනතුරු දායක ලෙස රටේ මහා මාර්ග වල අධිවේගයෙන් ගමන් කරනවා මේවා අඳුනා ගැනීම පහසුයි .ගියමාරු කරන විට මේවායින්” වුඋෂ්” වැනි ශබ්දයක් පිටවෙනවා සමහර විට දුම් බටයෙන් ගින්දර පවා පිටවනවා මේ වාහන බොහෝවිට සුබාරු ,හොන්ඩා, මැස්ඩා වැනි වාහන ඊට අමතරව ඖඩි වැනි නවීන යුරෝපිය වාහනද වනවා .
වහාම මේ වාහන අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්න .
නමුත් යහපාලනයේ කප්පිත්තෙක් හැටියට චම්පික රණවක අනතුරක් වූ පසු පලායාම සම්බන්දයෙන් වැරදිකරුවෙක් .
ඔහු අනතුර සිදුවූ වහාම කළයුතුව තිබුනේ තුවාල කරු රෝහලට රැගෙනයාමට කටයුතු කිරීමයි .එසේ නොකොට මෙසේ පලායාම ඇමතිවරයකුට තබා සාමාන්‍ය මිනිසේකුටවත් ගැලපෙන්නේ නෑ .එසේම ඒ පලායාම නීති විරෝදියි
අනුන්ට ඕවදන්න දෙන්නට පෙර චම්පික රණවක තම එම පලායාම ගැන ජනතාවට උත්තර දියයුතුයි.
තමන් කල වරදක් සම්බන්දයෙන් වෙනකෙක් ඉදිරිපත් කිරීම සාපරාදී ක්‍රියාවක් මේ චෝදනා ගැන විමර්ශනයක් කලයුතුයි .ඔහු වාහනය පදවපු බව ඇසින්දුටු සාක්ෂිය බැහැරකරන කරන්න බෑ .ඔහු මේ වාහනය තනියෙන් පදවාගෙන ගියේ නැතිනම් වාහනය නවත්තන්නේ නැතිව පලාගියේ ඇයි ?ඒකට උත්තර දෙන්න