2009 අවුරුද්දේ ලංකාව මෙන් අර්ථිකය කඩාවැටී, බංකොළොත් රටක් බවට පත්වුණු ග්‍රීසිය දැන් ඉතා ම වේගයෙන් නැවත පිබිදෙමින් තියෙනවා.
ගිය අවුරුද්දේ ග්‍රීසියේ ආර්ථික වර්ධන වේගය 6% යි. මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය යළිත් පණ ගැන්වී තියෙනවා. උද්ධමනය අඩු වී අපනයන ආදායම වැඩිවී තිබෙනවා. සංචාරකයන් වැඩි වී තිබෙනවා. විරැකියාව සියයට 11 දක්වා අඩු වී තියෙනවා.
ග්‍රීසිය අර්බුදයෙන් එළියට ආවේ දක්ෂිණාංශික කඳවුරේ අගමැතිවරයෙකු වන මිට්සොටකිස් යටතේ යි. මිට්සොටකිස් බලයට පත් වුණේ ව්‍යාපාර කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණ ( Business-oriented reforms) ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනවරමක් සහිතවයි.
2019 දී බලයට පත් වූ මිට්සොටකිස් මේ වන විට ග්‍රීසියේ අර්ථිකය දශකයකට පසු හොඳ අතට හරවා තිබෙනවා.
ග්‍රීසිය කියන්නේ රට බංකොළොත් වීමෙන් පසු වාමාංශික එක්ස්පරිමෙන්ට් එකක් කරන්නට ගොස් අත පුච්චාගත් රටක්.
ග්‍රීසිය බංකොළොත් වුණාට පසු වාම ජනප්‍රියවාදී රැල්ලක් මතුවී, එහි ප්‍රතිඵලයක් ලෙස වමේ දේශපාලන පෙරමුණක් වන "සිරිසා ව්‍යාපාරය" 2015 දී ග්‍රීසියේ බලය පිහිටෙව්වා.
ඒත් වාමාංශිකයන්ට ග්‍රීසියේ ප්‍රශ්නයට උත්තර තිබුණේ නැහැ.
එහි ප්‍රතිඵලයක් ලෙස 2019 දී මධ්‍ය දක්ෂිණාංශික පාලනයක් ග්‍රීසියේ ඇතිවුණා. අවුරුදු හතරක් තුළ ග්‍රීසියේ ආර්ථිකය හරි පීල්ලට දමාගන්නට මිට්සොටකිස්ට පුළුවන් වුණා.
වාමාංශිකයන්ට උත්තර නැති බව දැනගෙන ආර්ථිකය හරි පීල්ලට දමාගන්නා විට ග්‍රීසියේ ජනතාවට ඔවුන් ගේ ජීවිතයෙන් හරියට ම දශකයක් අහිමි වුණා. ඒ නැතිවුණු අවුරුදු දහය ඔවුන්ට යළිත් ලැබෙන්නේ නැහැ.
ඊයේ පෙරේදා තිබ්බ මැතිවරණයෙන් මිට්සොටකිස්ට වැඩි බලයක් ලැබුණා. ඒත් බොහෝ විට ඔහු ජූලි මාසයේ නව මැතිවරණ නීති යටතේ නැවත මැතිවරණයකට ගොස් වඩාත් ශක්තිමත් ජනවරමක් සමග ඉදිරි වසර හතර සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ තියෙනවා.
මේ පාර මැතිවරණයෙන් 2015 දී බලයට ආ වාමාංශික "සිරිසා ව්‍යාපාරය" බිමට සමතලා වුණා.
ලෝකයේ කොහෙත් ජනප්‍රියවාදීන්ට කයිවාරු ගැසිය හැකියි. හැඟීම්බර කතා කියමින් මිනිසුන් ගේ හැඟීම් ඇවිළවිය හැකියි. ඒත් අවසානයේ ඔවුන් නිර්මාණය කර යන්නේ තිබුණාටත් වඩා විශාල අවුලක්. කවි, සින්දු, විවේචන මිසක් ඔවුන්ට කිසිම දෙයකට උත්තර නැති යැයි අප කියන්නේ ඒ නිසයි.
ලෝකයේ හැම තැන ම යළි යළිත් තහවුරු වන්නේ මේ සත්‍යයමයි.
-