ජෙට් ලයිනර් එක ඒ දවස්වල යාත්‍රා කලේ ත්‍රිකුණාමලය වරාය සහ කංකසන්තුරය වරාය අතර. ඉඳහිට ගාල්ල සහ කොළඹ කියන වරායන් දෙකටත් ආවා. සාමාන්‍යයෙන් ඩෝරා යාත්‍රා 8ක් සහ වෙනත් ප්‍රහාරක නැව් 4ක ආරක්ෂාව සහිත සන්නද්ධ නෞකා සමූහයක ආරක්ෂාව සහිතව තමයි මේක එහා මෙහා ගියේ. මොකද ඉතා විශාල ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් (3000 ට වැඩි) නිවාඩු ඒමට සහ නැවත කඳවුරු වෙත රැගෙනයාම සිදුකල නිසා. ඒ දවස්වල නිශ්චිත වෙලාවක් තියාගත්තේ නැහැ නැව සේල් කරන්න. ඒ එල්ටීටීඊ සුවිසයිඩ් ත්‍රෙට් එක අවම කරගන්න අනුගමනය කල උපක්‍රමයක්. මට මතකයි (2005 හරි 2006 මැයි මාසේ) එක පාරක් එල්ටීටීඊ එක ඇටෑක් කලා මුලතිව් සී එකේදි. උන්ට පුළුවන් උපරිම බර දාලා තමයි ගැහුවේ. උන්ගේ සුවිසයිඩ් බෝට්ටුම තිබ්බා 8ක් විතර. අනිත් ඒවත් තිබ්බා 15ක් විතර. කොහොම හරි ගහගත්තා. ඒ ඇටෑක් එක යන වෙලාවෙදි අපේ ආරක්ෂක දැලේ එක තැනකින් ඇතුලට ආව එල්ටීටීඊ සුවිසයිඩ් බෝට් එකක් ජෙට්ලයිනර් එක ටාගට් කරගෙන එද්දි අපේ ඩෝරා එකක් සුවිසයිඩ් ආවා ඒ එල්ටීටීඊ සුවිසයිඩ් බෝට් එකට. ඒ වෙසක් මාසේ ටෙරාගේ බෝට් එකට සුවිසයිඩ් ගියපු ඩෝරා එකේ හිටිය කොල්ලො 18 දෙනාට නිවන් යන්න ඒ කර ගත්ත කුසල කර්මයම ඇති වෙන්න ඇති. ඊට පස්සේ ජෙට්ලයිනර් එක මුලතිව් සී එකට ගොඩාක් ඈතින් තමයි එහා මෙහා ගියේ. එක වතාවක් ජෙට්ලයිනර් එක ට්‍රිංකෝ තියෙද්දි සාම්පූර් ඉඳලා ආටි ගැහුවා. ඒ වෙලාවේ නැව පියර් එකේ තෙල් ගගහා තිබ්බේ. තෙල් ගහන එක නතර කරලා නැව ඉක්මනට මුහුදට යැව්වා ආරක්ෂාව වෙනුවෙන්. ඕවා තමයි කියන්න තියෙන්නේ.