යුද ටැංකි අංගනය-6
2016 වර්ෂයේදී රුසියාවේ යූරල්වැගොනාවොඩ් සමාගමේ යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ අපනයනය දෙගුණ වූ බව වාර්තාවේ.රුසියාවේ නිස්නි ටැජිල් නගරය කේන්ද්‍රකරගෙන පිහිටුවා ඇති යූරල්වැගොනාවොඩ් සමාගමේ යුද ටැංකි සිරියාවේදී පෙන්වන ලද සාර්ථක කාර්ය සාධනය හමුවේ ඔවුන් මෙම ප්‍රගතිය අත්කරගෙන තිබේ.පැරණි ටී-72 සහ ටී-90 යුද ටැංකිවලට එක්සත් ජනපදයේ නිෂ්පාදිත නියාමක මිසයිලවල සෘජු ප්‍රහාරයක් හමුවේ පවා නොනැසී සිටීමේ හැකියාව තිබෙන බව සිරියානු යුද්ධයේදී ඔප්පු කර තිබේ.
පසුගිය වසරේදී යූරල්වැගොනවොඩ් සමාගම රූබල් බිලියන 149.9ක් විකිණීම් සිදුකර තිබේ.ඔවුන් දැන් ලෝකයේ ප්‍රමුඛ පෙළේ අවි නිෂ්පාදන සමාගම් 50 තුලද සිටියි.ඒ අතරතුර සමාගම නවතම අවි කිහිපයක්ද හඳුන්වා දී තිබේ.ඉන් එකක් වන්නේ ටී-72 යුද ටැංකියේ නවීකරණය කල මොඩලයක් වන ටී-72බී ඉසෙඩ් යුද ටැංකියයි.ඊට අලුතින් එක් කර තිබෙන්නේ ප්‍රබල එන්ජිමක් සහ නවතම වෙඩි පාලන පද්ධතියකි.
ඊට සමගාමීව යූරල්වැගොනවොඩ් සමාගම බී එම් පී-3 එම් ඒ - සන්නද්ධ බිම්බෝම්බ ඉවත් කිරීමේ රථ මහා පරිමාණයෙන් නිපදවීමද ආරම්භ කර තිබේ.සමාගමේ ඉන්ජිනේරුවන් ටොස්-1ඒ සොල්න්ට්සෙප්යොක් රොකට් විදිනය සහ ඩීටී-10පීඑම් ට්‍රක් රථය වැඩිදියුණු කර තිබේ.
ටී-72 යුද ටැංකියේ චැසිය මත පදනම්ව නිර්මාණය කල නවතම යුද ටැංකි සහායක රථයක් වන "ටර්මිනේටර්-2" ද ලෝකයට එළිකරන ලදි.ඔවුන් හඳුන්වා දුන් ටී-72,ටී-80 සහ මි.මී.57 අවියක් සහිත සංග්‍රාමික රොබෝව භාවිතා කරන ඉහළ-ස්ඵෝටනයක් සහිත ඛණ්ඩනීකරණ උණ්ඩ දිගු දුරකදී සතුරු යුද ටැංකි විනාශ කිරීමට යොදාගත හැකිය.
Source:sputniknews.com
-HarshaLulzSec-

T-90 යුද ටැංකියක්

2016 වර්ෂයේදී ටී-90 යුද ටැංකිය වඩාත් අවධානය දිනාගත්තේ මෙම වීඩියෝව නිසාය
ඊට සමගාමීව යූරල්වැගොනවොඩ් සමාගම බී එම් පී-3 එම් ඒ - සන්නද්ධ බිම්බෝම්බ ඉවත් කිරීමේ රථ මහා පරිමාණයෙන් නිපදවීමද ආරම්භ කර තිබේ.සමාගමේ ඉන්ජිනේරුවන් ටොස්-1ඒ සොල්න්ට්සෙප්යොක් රොකට් විදිනය සහ ඩීටී-10පීඑම් ට්‍රක් රථය වැඩිදියුණු කර තිබේ.
BMP-3MA රථයක්
TOS-1A Solntsepyok රථයක්
DT-10PM ට්‍රක් රථයක්
ටී-72 යුද ටැංකියේ චැසිය මත පදනම්ව නිර්මාණය කල නවතම යුද ටැංකි සහායක රථයක් වන "ටර්මිනේටර්-2" ද ලෝකයට එළිකරන ලදි.ඔවුන් හඳුන්වා දුන් ටී-72,ටී-80 සහ මි.මී.57 අවියක් සහිත සංග්‍රාමික රොබෝව භාවිතා කරන ඉහළ-ස්ඵෝටනයක් සහිත ඛණ්ඩනීකරණ උණ්ඩ දිගු දුරකදී සතුරු යුද ටැංකි විනාශ කිරීමට යොදාගත හැකිය.
Terminator-2 රථයක්
සිරියානු හමුදාව සතු ටී-72 යුද ටැංකි
Source:sputniknews.com
-HarshaLulzSec-