මෙවර ආමි-2016 තරඟාවලියේ වඩාත් අවධානය දිනාගත් ඉසව්ව වූයේ යුද ටැංකි අතර පැවැත්වූ තරඟයි.මෙය Tank biathlon නමින් හැඳින්වෙන අතර 2013 වර්ෂයේ පටන් රුසියාව විසින් පවත්වාගෙන එන ජාත්‍යන්තර තරඟාවලියකි.මෙහිදී යුද ටැංකි කාර්යය මණ්ඩලවල හැකියාවන් උරගා බැලේ.මෙම ඉසව්වේදී එක් එක් කණ්ඩායමට වට තුනකින් සමන්විතව කි.මී.6-10 දුරක් ගමන් කරන්නට සිදුවේ.පළමු වටයේදී මීටර් 1,800ක්,1700ක් සහ 1500ක් දුරින් පිහිටි ඉලක්ක වෙත වෙඩි තැබීමට නියම කෙරේ.දෙවන වටයේදී පාබල හමුදා ඒකකය සහ යුද ටැංකි නාශක මෝටාර් ක්‍රියාත්මක කරන පිරිසට එකිනෙකට වෙනස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව ලැබේ.එම ඉලක්ක මීටර් 600-700ක් දුරින් පිහිටි ඇති අතර මි.මී.7.62 කොසියල් මැෂින් තුවක්කුවක් යොදාගෙන වෙඩි තැබිය යුතුය.තුන්වන වටයේදී ඔවුන් තියුණු ඉලක්ක වන යුද ටැංකි නාශක අවි සහ යුද ටැංකි නාශක මිසයිල ඒකක ඉලක්ක කරගෙන යුද ටැංකිය මුදුනේ ඇති මැෂින් තුවක්කුව යොදාගෙන වෙඩි තැබිය යුතුය.එම ඉලක්ක මීටර් 1200ක් දුරින් පිහිටා ඇත.එක් පහරක් හෝ වැරදී ගිය හොත් දඬුවම ලෙස එම වටය මීටර් 500කින් දීර්ඝ කෙරේ.අවසන් වටයේදී දුෂ්කර මාර්ගයක් හරහා බාධක තරණය කරමින් ගමන් කරන්නට සිදුවේ.යම් බාධකයක් මගහැර ගියහොත් හෝ වැරද්දක් කල හොත් අදාල කණ්ඩායම තරඟය නිම කිරීමට ගත් කාලයට අමතර තත්පර 10ක් එකතු කෙරේ.
Tank biathlon - 2013
පළමුවරට Tank biathlon තරඟාවලියක් සංවිධානය කලේ 2013 වර්ෂයේදීය.එය මොස්කව් ආසන්න ඇලබිනෝ හි පැවැත්වූ අතර 2013 අගෝස්තු 12-17 යන කාල සීමාව තුල සියලු ඉසව් සංවිධානය කර තිබිණි.ඊට රුසියාව,අර්මේනියාව,බෙලරුසියාව සහ කසක්ස්ථානය යන රටවල් හතර සහභාගී විය.පිළිවෙලින් රුසියාව,කසක්ස්ථානය,බෙලරුසියාව සහ අර්මේනියාව පළමු,දෙවන,තෙවන සහ සිව්වන ස්ථාන දිනාගන්නා ලදි.
රුසියානු ටී-72බී යුද ටැංකියක්,Tank biathlon 2013
ටී-80යූ යුද ටැංකි දෙකක්,Tank biathlon 2013
වමේ සිට දකුණට:බෙලරුසියාව,රුසියාව,කසකස්ථානය,අර්මේනියාව යන රටවල යුද ටැංකි,Tank biathlon 2013
ටී-80යූ යුද ටැංකි දෙකක්,Tank biathlon 2013
වමේ සිට දකුණට:බෙලරුසියාව,රුසියාව,කසකස්ථානය,අර්මේනියාව යන රටවල යුද ටැංකි,Tank biathlon 2013
Tank biathlon 2013 ඉසව්වේ හොඳම අවස්ථා කිහිපයක්
Tank biathlon - 2014
පළමු Tank biathlon ලෝක කුසලාන තරඟාවලිය 2014 වර්ෂයේදී සංවිධානය කර තිබිණි.එය 2014 අගෝස්තු මස 4-16 කාලයේදී රුසියාවේ ඇලබිනෝ ප්‍රදේශයේදී පැවැත්විණි.ජාතීන් 41කට ආරාධනා කර තිබුණද ඊට සහභාගී වූයේ රටවල් 12ක කණ්ඩායම් පමණි.රුසියාව සහ චීනය හැර අන් සියලුම තරඟකරුවන්ට ටී-72බී යුද ටැංකියක් බැගින් ලබාදෙන ලදි.රුසියාව නවතම ටී-72බී3 යුද ටැංකි භාවිතා කල අතර චීනය ඔවුන්ගේ ටයිප් 96ඒ යුද ටැංකි තරඟාවලිය සඳහා රැගෙන ආවේය.රුසියාව,මොන්ගෝලියාව,වෙනිසිවුලාව,කසක්ස්ථානය,බෙලරුසියාව,අර්මේනියාව,චීනය,සර්බියාව,කීර්ගිස්ථානය,ඉන්දියාව,ඇන්ගෝලාව සහ කුවේට් යන රටවල් දොළහ 2014 තරඟාවලිය නියෝජනය කලහ.තරඟාවලියේ පළමු කොටසේ තනි තනි තරග,කෙටි දුර තරග,ලුහුබැඳ යෑම ආදී ඉසව් ඇතුලත් විය.අවසන් අධියරය වූයේ කඩින් කඩ ධාවන තරගයකි.රුසියාව,අර්මේනියාව,චීනය,කසක්ස්ථානය යන රටවල් පළමු ,දෙවන,තෙවන සහ සිව්වන ස්ථාන ලබාගත්හ.
Tank biathlon 2014 අවසන් වටය
Tank biathlon - 2015
Tank Biathlon 2015 තරඟාවලියේ චීන Type 96A යුද ටැංකියක්
දෙවන Tank biathlon ලෝක කුසලාන තරඟාවලිය 2015 වර්ෂයේදී පැවැත්වූයේ රුසියාවේ ඇලබිනෝ ප්‍රදේශයේදීය.එය 2015 අගෝස්තු 1දා ආරම්භ වූ අතර 15දා අවසන් විය.එවර තරඟාවලිය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙලට(ආමි-2016) ඇතුලත් කර තිබිණි.රුසියාව,වෙනිසිවුලාව,අර්මේනියාව,කීර්ගිස්ථානය,නිකරගුවා,ඇන්ගෝලාව,චීනය,ටජිකිස්ථානය,මොන්ගෝලියාව,කසක්ස්ථානය,ඉන්දියාව,සර්බියාව සහ කුවේට් යන රටවල් 13 ඊට සහභාගී විය.සියලුම කණ්ඩායම් යාවත්කාලීන කල ටී-72බී3 යුද ටැංකි පාවිච්චි කරද්දී චීනය ටයිප් 96ඒ යුද ටැංකි භාවිතා කලේය.පිළිවෙලින් පළමු,දෙවන,තෙවන සහ සිව්වන ස්ථාන රුසියාව,චීනය,සර්බියාව සහ කසක්ස්ථානය විසින් දිනාගන්නා ලදි.
Tank Biathlon 2015 ඉසව්වේ ඡායාරූප කිහිපයක්
Tank biathlon 2015 අවසන් තරඟය
Tank biathlon - 2016
2016 වර්ෂයේ Tank biathlon ඉසව්වද ආමි-2016 තරඟාවලියට එකතු කර තිබිණි.මෙවර ඊට රුසියාව,කසක්ස්ථානය,චීනය,වෙනිසිවුලාව,ඇන්ගෝලාව,බෙලරුසියාව,ඉරානය,අසර්බයිජානය,සිම්බාබ්වේ,අර්මේනියාව,මොන්ගෝලියාව,ඉන්දියාව,සර්බියාව,කුවේට්,කීර්ගිස්ථානය,නිකරගුවා,තජිකිස්ථානය යන රටවල් 17 සහභාගී විය.
පැවැත්වූ ස්ථානය - මොස්කව් ආසන්නයේ ඇලබිනෝහි
කාල වකවානුව - ජූලි 30-අගෝස්තු 13
අධියරයන් - 1.තනි තනි තරග(සියලු කණ්ඩායම්) 2.කඩින් කඩ ධාවන තරඟ(කණ්ඩායම් 4ක්)
භාවිතා කරන යුද ටැංකි - ටී-72
කණ්ඩායමක් පුද්ගලයින් 20කින් සමන්විතය.කණ්ඩායම් නායකයා,කණ්ඩායම් සාමාජිකයින් 12දෙනෙක්(යුද ටැංකි කාර්යය මණ්ඩලය 4ක්),පුහුණුකරුවන් 2ක්,නඩත්තු කටයුතු සඳහා 4ක්.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ කණ්ඩායමේ යුද ටැංකිය තරඟ වදින අයුරු
කිර්ගිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ කණ්ඩායම ඉලක්කයකට වෙඩි තබමින්
Tank biathlon ඉසව්වට සහභාගී වූ ඉන්දීය කණ්ඩායම
කසකස්ථාන කණ්ඩායම සිය ටී-72 යුද ටැංකිය ධාවනය කරමින්
තනි තනි තරඟ 15ක් මෙහිදී සංවිධානය කර තිබිණි.සියලුම කණ්ඩායම් වට තුනකින් සමන්විතව කි.මී. 7-9 දුරක් ධාවනය කල යුතුවේ.මෙම තරඟ වලදී අවම කාලයකින් තරඟය නිමා කරන කණ්ඩායම් ජයග්‍රහණය ලබාගනියි.වට තුනේදී විවිධ අවි යොදාගෙන ඉලක්කවලට වෙඩි තැබීමට සිදුවේ.මෙහිදී ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් 12 අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබයි.එම වටයට මෙවර සුදුසුකම් සපුරාලූයේ ඇන්ගෝලාව,අර්මේනියාව,කීර්ගිස්ථානය,චීනය,කසකස්ථානය,බෙලරුසියාව,ඉරානය,මොන්ගෝලියාව,අසර්බයිජානය,සර්බියාව,රුසියාව සහ ඉන්දියාවයි.
දෙවන අධියරයේදී යුද ටැංකි 4ක් එකවිට තරඟ වදියි.ඔවුන් වට 4කින් සමන්විතව කි.මී.4-5 දුරක් බාධක පසුකරමින් ගමන් කරයි.එහිදී අවස්ථා තුනක් තුල වෙඩි තැබීමට අවස්ථාව හිමිවේ.මෙම අධියරයේ ඉහළම දස්කම් පෙන්වන කණ්ඩායම් 4 පමණක් අවසන් තරඟයට සුදුසුකම් ලබයි.මෙවර ඉසව්වේ අවසන් වටයට පිවිසුනේ රුසියාව,බෙලරුසියාව,චීනය සහ කසක්ස්ථානයයි.ඉසව්ව අවසානයේදී පිළිවෙලින් රුසියාව,චීනය,කසක්ස්ථානය යන රටවල් පළමු.දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ.
Tank biathlon 2016 ඉසව්වේ ඡායාරූප කිහිපයක්
Tank biathlon 2015 අවසන් තරඟය
Source:armygames2016.mil.ru
-HarshaLulzSec-
Last edited:

+5
