යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.

    ජ්‍යෝතිෂ සිද්ධාන්ත සම්භන්ධ හුයකි. අදාල නොවන අයට කාලය නාස්ති කිරිමක් විය හැක. විෂය ඉගෙනගන්නා හා විෂයෙහි යෙදෙන අයට වැදගත් විය හැක.

    රාශිනම්උදයො ලග්නම් තද්වාසදේව ජන්මියනාම්
    ග්‍රහයොග-වියොගාභ්‍යම් ඵලම් සින්ත්‍යම් සුභාසුභඃ

    ලග්නස්ථුටයේ තත්වයත් ග්‍රහයන්ගේ එක්වීම හා වෙන්වීම මත(යෝග-වියෝග මත) ජන්මියාට අති කරන හොඳ සුභාසුභ ප්‍රථිපල කෙලෙසදැයි නිගමනය කල යුතුය. (පරාසර හොරා ශාස්ත්‍ර 3/vi)


    "මම හඳහන බලන්න ගිය වෙලේ මගේ හඳහනේ අර යෝගේ තියනවා මේ යෝගේ තියනවා කියලා නම් කිව්වා, එත් කිසි වැඩක් නැ මොක කරත් වෙන්නේ පාඩුවක්" මේ වගේ කතා ඕනෑ තරම් ඔබ අසා ඇතුවාට පුදුමයක් නැත. ඇත්තටම ජන්ම පත්‍රයේ සඳහන් සමහර යෝග පල නොදෙන්නේ ඇයි? මෙය පර්යේෂණ ජ්‍යෝතිෂයට එලඹෙන තුරු මටත් තිබුන ගැටලුවකි. නමුත් මීට වසරකට පමණ පෙර විදෙස් රටවල් ගණනාවක සිට පර්යේෂණයන් සිදු කරන ජ්‍යෝතිෂ පර්යේෂකයන් පිරිසක් හඳුනා ගැනීමත් සමග මේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මට සොයාගැනීමට හැකි විය. අපගේ පර්යේෂණ සම්භන්ධ ලිපි ඉඩ ඇති ආකාරයෙන් ඔබ වෙත ගෙනෙන්නට බලා පොරොත්තු වෙමි.

    ග්‍රහයන් දෙදෙනෙක්ගේ රැස් වළලු දෙකක් එකින් එක චෙදනය වෙනවනම් සරල ලෙස ග්‍රහ යෝගයක් ලෙස පොත පතේ සඳහන් වෙයි. එසේනම් වියෝගයක් යනු කුමක්දැයි අප සලකා බැලිය යුතුය. එම ග්‍රහයන් දෙදෙනා එකින් එකා හමු වන්නේ නැති නම් එක වෙන් වීමක් හෙවත් වියෝගයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස මෙසේ සිතමු. යම් කිසි කොටුවක ගුරු සහ චන්ද්‍රයා කියන ග්‍රහයෝ දෙන්නා සිටින අතර. ගුරු සිටින්නේ අංශක 10 ලෙස හිතමු. චන්ද්‍රයා සිටින්නේ අංශක 15 යයි හිතමු. චන්ද්‍රයා යනු ඉතා වේගවත් ග්‍රහයෙක් නමුත් ගුරු බොහෝ හෙමින් යන ග්‍රහයෙක් ඒ නිසා ගුරුට කවදාවත් චන්ද්‍රයාව අල්ලන්න ලැබෙන්නේ නැත. ඒ නිසා ඒය චන්ද්‍රයා ගුරුගෙන් අත්වන අතර එය වියෝගයක් වෙයි. නමුත් අපි ග්‍රහයෝ දෙන්න මාරු වී සිටිනවා කිය හිතමු එසේනම් චන්ද්‍රයා ඉක්මනින්ම ගුරු ග්‍රහයව අල්ලා ගනී එසේ වීම් යෝගයක් වෙයි.

    මේ උදාහරණයේ පලවෙනි අවස්ථාවේ යෙදෙන ගජකේෂරි යෝගය (ගුරු චන්ද්‍ර එකට සිටීමෙන් ඇති වන යෝගය ගජකේෂරී යෝගයයි) එතරම් ප්‍රතිපල නොදුන්නත් දෙවැන්න යහපත් ලෙස ප්‍රතිපල දෙයි.

    ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ කේන්ද්‍රය

    bush.jpg


    මෙහි ගුරු සිටින්නේ චන්ද්‍රයාට වඩා අංශක දෙකකට වඩා ඉදිරියෙන් නිසා චන්ද්‍රයා හා ගුරු යෝග වී බලවත් ගජ කෙෂරී යෝගයක් යෙදී ඇත. ගුරුට වඩා චන්ද්‍රයා වේගවත් බැවින් ඉදිරියේ සිටින ගුරු වෙත චන්ද්‍රයා පැමිණේ. ගජකේෂරී යෝගය ප්‍රසිද්දිය ලබා දෙයි. බුෂ්ගේ ප්‍රසිද්ධිය ගැන අමුතුවෙන් කතා කලයුතු නොවේ.

    හිටපු ඒකාධිපතියෙක් වූ හිට්ලර්ගේ හඳහන

    hitler.jpg


    මෙම හඳහනේද ගජකේෂරී යෝගය බලවත්ව යෙදී ඇත. චන්ද්‍රයා ගුරුට වඩා අන්ශකයක් පමණ පිටුපසින් සිටියි. මොහුගේ ප්‍රසිද්ධිය ගැනද අමුතුවෙන් කිව යුතු නොවේ.

    රොක් ගායක බොන්ජෝවීගේ ජන්ම පත්‍රය

    bon.jpg


    ශනි මංගල යෝගය යනු විවාහ දෝෂයක් ලෙස බොහෝ දෙනා බියට පත්වන යෝගයකි. බොන්ජෝවිගේ ජනම පත්‍රයේද බැලු බැල්මට ශනි මංගල දෝෂයක් ඇත. නමුත් වඩාත් සැලකිලිමත්ව බැලුවොත් සෙනසුරුට වඩා ඉදිරියෙන් කුජ සිටින බව ඔබට පෙනෙනවා ඇත. කුජ හා සෙනසුරුගෙන් වේගවත් ග්‍රහයා කුජය ඒ අනුව පසුපසින් සිටින සෙනසුරුට කුජ වෙත ලන්වන්නට නොහැක. මේ නිසා මෙය යෝගයක් නොව වියෝගයකි. බෝන්ජෝවී 1989 ඩොරතා හර්ලි සමග විවාහ පත්වූ අතර දරුවන් හතර දෙනෙකුගේ ආදරණිය පියෙකි.

    දැන් ඔබට යෝග හා වියෝග පිළිබඳව අදහසක් ගන්නට ඇති සිතමි. තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු.

    බ්ලොග් එකට මෙතනින් යන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    honda lipiyak saho

    +7 Rep

    hunga kalekin dakke dan wadiya mepaththe enne na ne?.

    ඇත්තටම හේතු කිපයක් තියනවා එකක් ලිපියක් ලියන්න තරම් මොටිවේෂන් එකක් නොතිබ්බ එක, අනික මගේ පොත ලියන වැඩේ නිසා ටිකක් කාර්ය බහුල වුන එක.

    ස්තුතියි සහෝ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුමනේ අයියගෙන්වත් අහන්න ඔනේ.

    රාහු කේතු කියන්නේ මොනවද කියලා දන්නේ නැති සුමනේ මාමා යෝග වියෝග ගැන මොනවා කියයිද කියලයි මම මේ කල්පනා කලේ..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැකැත් රාල;18410857 said:
    රාහු කේතු කියන්නේ මොනවද කියලා දන්නේ නැති සුමනේ මාමා යෝග වියෝග ගැන මොනවා කියයිද කියලයි මම මේ කල්පනා කලේ..

    Ei me, saraswathi yogaya kiyanne mokakda?? Eeka labuwama mokada wenne,