රටක් කොටස් වලට බෙදල පාලනය කරනවනම් ඒකට හේතු තියෙන්න ඕනි..
භූමි ප්රමානයෙන් විශාලයි නම් බෙදල පාලනය කරන්න පුලුවන් example - USA , Australia (Australia වල තියන කුඩා පාලක ඒකකය Tasmania වල විශාලත්වයත් 64 519 KM (වර්ග කිලෝමීටර්) මුලු ලංකාවෙම විශාලත්වය වර්ග කිලෝමීටර් 65 610 මචන්..) මෙච්චර පොඩි ලංකාව අපි කොටස් වලට බෙදන්නෙ මොන හේතුවකටද මචන් .. ජනගහනය විශාලයි නම් ඒත් බෙදල පාලනය කරන්න පුලුවන්. ජනගහනය නිසා බෙදන්න තරම් විශාල ජනගහනයක් ලංකාවෙ නැහැනෙ මචන්.. රටෙන් බහුතරේ ඉන්නෙ එක් ප්රදේශයක් තුල..
වෙනම බලයක් දෙන එකේ තියන ප්රශ්නෙ තියෙන්නෙ උතුරු පලාත් සභාවෙ ක්රියාකාරකම් නිසා.. ඉදිරි කාලයේදි ජනමතවිචාරනේකට ගිහින් ඔවුන්ට වෙනම රටක් ඕනි කිවුවොත් ඒකට මොකද කරන්නෙ.. උතුර එහෙම ඉල්ලුවොත් උන්ට foreign support එකත් එනව. එහෙම බලය ඉල්ලන්න පුලුවන් අවදානම් අවස්තා 2 ක් තියනව ඒවට example මම දෙන්නම්
1 - Spain වල catalonia region එකේ උන ජනමතවිචාරනේ ගැන google කරල කියවල බලන්න. Catalonia region එක වෙනම රටක් වෙන්න ඕනි කියල ජනමතවිචාරනේකට ගියා...
2 - උතුරු පලාත් සභාව ඉන්දියාව එක්ක එකතු වෙන්න කැමති වෙලා ජනමතවිචාරනේකට ගියොත් අනිවාර්යයෙන්ම උතුරෙ මිනිස්සු ඉන්දියාවට එකතු වෙන්න චන්දෙ දෙනව.. මේකට හොදම example එක Ukraine වල උනා.. ukraine වල Cremia කියන පාලන ඒකකය Ukraine වලින් අයින් වෙලා Russia එක්ක එකතු උනා.. මේකත් google කරල වැඩි විස්තර කියවන්න පුලුවන් මචන්..