රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ කවුරුහරි දන්නවද? අක්කගේ මාරුවීමක් හදාගන්න අපි දවස් ගානක ඉඳන් කටු කනවා. ලියුමක්වත් හරියට ගහගන්න බැරි අය ඉන්නේ.. රු. 5000 ක ඩීසල් වියදම් කරගෙන අද රත්නපුරෙත් ගියා ඒකට අදාල ලියුමක් ඇවිත් නෑ කියල ඒකත් ආයෙ ගිහින් අරන් එන්න කියල හරවලා එව්වා..

    ඔයාලටත් අත්දැකීම් ඇතිනේ මේ වගේ වැඩක් කරගන්න ගිහින් රස්තියාදු උන. කමෙන්ට් කරගෙන යමු අත්දැකීම් සහ රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න හරි විදිහ
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රාජ්‍ය සේවයේ පඩි වැඩි කලා නම් ඕක හරියයි. 😁
    මොකද්ද බං මාරුවීම. ලගදි හම්බුන Teaching එකද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ඔය උට්ටලා තාම ලියුම් වලින් ගණුදෙනු කරන්නේ. සමහරඔෆිස්වල ඊමේල් එක භාරව එකෙක් ඉන්නවා. :lol: ඌ එදා දවසේ වැඩට ආවේ නැත්නම් හදිසි ඊමේල් බලන්න , යවන්න විදියක් නෑ.මරු ආතල් වැඩ බන් රජයේ ඔෆිස්වල තියෙන්නෙ.
    හැබැයි තරුණ කොල්ලො කෙල්ලො ඉන්නව නම් වැඩේ ඉක්මනින් කර ගන්න පුලුවන්.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඕනිම වෙලාවක රස්සාවෙන් එළියට දාන්න පුළුවන් වෙන විදියට policy වෙනස් කලොත් ලංකාවට ගොඩ යන්න පුළුවන්, ගොඩක් දියුණු රටවල කම්මැලි උන් ඔයවගේ එළියට දානවා!
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    රජයේ ආයතනයකින් වැඩක් කරගන්නවා කියන එක අමාරු වැඩක් නෙවි, කරන්න බැරි වැඩක්.. :lol:
     
    • Like
    Reactions: ruka!

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඉතිං හිතපංකෝ මේ වගේ උන් එක්කලා අනුරයියලා කොහොමැයි රටක් හදන්නේ?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,014
    2,145
    113
    In the western world people approach their local MPs for support

    MPs cannot force but can influence

    That's why Parliament is there to speak up about issues the public is facing
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    විස්තර මදි, මොන අංශෙන්ද, සාවුක්‍ය ද? අධ්‍යාපන ද? කම්කරු ද?
    එහෙම මාරු වීම් දෙන්නේ නෑ. සුහද මාරුවීම් නේ දෙන්නේ.
    එක්කෝ යන තැන vacancy එකක් තිබිලා, ඉන්න ප්‍රදනියයි,යන තැන ප්‍රදානියයි දෙන්නම කැමතිනම් ඒත් පුළුවන්.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    මොනවා හරි documents අරන් යනවනම් අනිවා ඒවගේ photocopies 2ක් විතර ගෙනියපල්ලා.​


    සමහර ඒවගේ web site එකේ තියෙන්නේ එකක්. call කරලා අහලත් අන්තිමට ගියාම කෝ චොපියක් ගෙනාවේ නැද්ද කියලා අපහු යවනවා.