2009 වල campus යන්නේ. එත් ජපුර. පලවෙනි මාස 2 වගේ මන් හොස්ටල් හිටියේ. ඒ කාලේ මාරම ආතල් ඉතින්. කියන තරන් යකා කළු නම් නෑ. ඇත්ත විස්තර කියන්න ගියොත් මේකේ ඉන්න logical educated qualified බුවා ලගෙන් ඉන්න හම්බෙන්නේ නෑ. මන් හිටපු රූම් එක ට අල්ලපු එකේ හිටියේ ටැමිල් සීනියර් සෙට් එකක්. උන් සෙට් එක හින්ද 2nd year උන් වැඩිය එන්නේ නෑ රැග් කරන්න.හොස්ටල් නැත්නම් බය වෙන්න දෙයක් නෑ. ඔය තියන තරම් යකා කලු නෑ. ගේම ඉල්ලන එක නම් කරන්න බැරි වැඩක්, මොකද මේ ඉස්කෝලේ තාලේ වගේ තනි එකෙකක් දෙන්නෙක් ඇවිත් බුලි කරනවා නෙමෙයි. Batch දෙකක් විතර plan කරලා, කරන systemic brain wash කිරිල්ලක්. ඒකත් එක්ක ගහ ගන්න යනවා නම් උබ රජිනි කාන්ත් වෙන්න ඕන.
හෝල්. නැත්නම්, ගොඩක් දවද් වලට රැග් නොවී පැනලා යන්න පුලුවන් ගෙදරට.. මට මතකයි අපේ කාලේ එකෙක් හිටියා ඌ රැග් උනෙ දවස් දෙකක්ද කොහෙද, මාස 3ටම, හොර පාැවල් වලාන් පැනලා ගිහින්.. social එත දවසේ දුවන් ආවා කාඩ් එකක් නෑ කියලා
අල වෙනවට වඩා ඒක ලේසියි
batch අතර ප්‍රශ්නයක් නොවුනත් මොනම හරි දේකදී faculty batch මොනාද කියල බලන්නේ නැතුව සෙට් එක එකට බහිනවා. දැන් නම් ඒ කාලේ වගේ බලාපොරොත්තු වෙන්න බෑ. part time වැඩ වලට කොල්ලෝ කෙල්ලෝ යනවා, ඒක සාමාන්‍යයි. දවසක් එහෙම ගිහින් ආපු කෙල්ලෝ ටිකක් බලෙන් virginity ටෙස්ට් කරන්න යවපු පිස්සු VC කෙනෙක් හිටිය. ඒ කාලේ social media මෙතරම් නෑ නෙහ්. හිටියා නම් බලන්න තිබ්බා මුන් කෙල්ලොන්ව බඩුව කරලා සමුහ දුශනේ කරන විදිය. අන්තිමට කොල්ලොන්ගේම මහන්සිය නිසා VC ට ගංගොඩවිල උසාවියෙන් නියෝගයක් දුන්නා ජපුරෙන් කිසිම නඩුවක් ගෙන්න බෑ ළමයින්ට විරුද්දව සහ VC ට උසාවිය තහනම් කරලා.
සීනියර් ලාගෙන් රැග් වෙනවට වඩා ඒ කාලේ ලොකුම අවුල් උනේ නිල් බලකාය ඇතුලට රිංගන්න ගහපු game. vc suspend ලිස්ට් හදපු කාලයක් තිබ්බ උන් දුන්න නම් එක්ක, එක සිද්දියකට suspend ලිස්ට් එකක් අවා, එකේ ඊට මාස 2-3කට කලින් අපවත් වුන හාමුදුරු කෙනෙක්ගේ නමත් තිබ්බ.

