රජ වූ ගොපල්ලා

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක රටක හිටියලු රජෙක්. රජෙක් කිව්වට රං ගොජෙක්. ඉතිං මේ රජාට හිටියලු… එකම එක දුවෙක්. ඉතිං රජා මළාට පස්සෙ රටේ රජකම දෙන්න පිරිමි පරාණයක් එපෑයෑ. ඉතිං රජා දහ අතේ කල්පනා කලාලු දුව ව දෙන්න සුදුසු කෙනෙක්. මොලේ තියන එකෙක් වෙන්නත් එපෑයෑ. මෙහෙම කල්පනා කරල කරල කරල කරල කරල (ඒ කිව්වෙ ගොඩක් කරල) රජ්ජුරුවො පුරෝහිතලට කතා කරල කිව්වලු මුළු රටේම අණබෙර ගස්සවල ඥානාන්විත පුරුසයන් ඉන්නවනං මාලිගාවට පැමිනෙන්ඩයි කියල නියෝගයක් නිකුත් කරන්ඩ කියල.

    ඕං ඉතිං අණබෙරේ රටවටේ යනවලු.. ඩුං…ඩුං…ඩුං.. අසව් අසව්… ‍නෛකශ්‍රීයෙන් විරාජමාන වූ අප මහා රාජෝත්තමයාණන්ගේ රාජාඥාවයි මේ…. ඩුං.. ඩුං.. ඩුං…
    රජතුමා ප්‍රස්න තුනක් අහනවාය.. ඒවාට නිවැරදි පිළිතුරු (තැපැල් පතක පමණක් ලියා පහත ලිපිනයට යොමුකරන්ඩ කියන්ඩ බෑ..නෙ.) දෙන්ඩ සමතෙක් සිටීනම් ඔහුට රටේ රජකම සමග දියණිය විවාහ කරදෙනවාය…. ඩුං …ඩුං…ඩුං….

    හැබැයි මේ තුනට උත්තර දෙන්ඩ බැරිවෙන අයගේ තුන නැතිවෙව.. ඒක නිසා කවුරුත් පළාතෙ ගියෙ නෑලු.
    ඕං ඉතිං හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන (ඒ කිව්වෙ ගොඩක් හොයල හොදේ) යනකොට එකම එක හරක් බලාගන්න ගොපල්ලෙක් විතරක් කැමති උනාලු අබියෝගෙ බාරගන්ඩ. පුරෝහිතලටත් අන්දොස්ලු මූ වගේ ගෝතයෙක් මේකට ආපු එකට. මූ නං එකත් එකටම සැට් එක කපාගෙන යන්ඩ ආපු එකෙක් තමා කියල කට්ටියම බලං ඉන්නවලු ගොපල්ලගෙ කල්ල වපන කල්.. හික්ස්… රජතුමා ඇහුවලු.. තමා මේ තරගයේ කොන්දේසි ගැන දැනුවත්ද ? එහෙමයි රජතුමනි..

    හොදයි.. එහෙනං ප්‍රස්න ඇසීම ආරම්භ කරනවා..
    එහෙම කියල රජා දබරගිල්ල ඉස්සුවලු හරියට අම්පයර් අවුට් එක දෙන්නා වගේ.

    එතකොට ගොපල්ලා ඇගිලි දෙකක් ඉස්සුවලු.
    මළා.. උත්තරේ හරි.. පුරෝහිතලගෙ ඇස් උඩ ඉන්දුනාලු දෙවැනි ප්‍රස්නය – රජ්ජුරුවො ඇගිලි දෙකක් ඉස්සුවලු ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුවලු ඒ උත්තරෙත් හරි.. කාටත් පුදුමයි.. රජතුමා සිංහාසනෙන් නැගිටල අවසාන ප්‍රස්නෙ ඇහුවලු. ඒකත් හස්ත සංඥාවෙන්. අත් දෙකින්ම විසාල රවුමක් ඇදල පෙන්නුවලු. එතකොටම ගොපල්ල ‘‘වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට කොරල පෙන්නුවා, අපේ රටේ මෛය්තුන සේවන සිම්බල් එක. (xxx ගනිං කියන හස්ත මුද්රාව) – (තරහ අවසර.. මේ කෑල්ල ගත්තෙ ඔබා අයියගෙ හෑන්ඩ් සිග්නල් පෝස්ට් එකෙන්)

    ප්‍රීතී…..ප්‍රීතී….. පුරෝහිත ප්‍රීතී…. ගොපල්ලා ප්‍රස්න තුනටම සාර්තකව පිළිතුරු දීපු නිසා පොරොන්දු ප්‍රකාරව දූ කුමරියත් රටේ රජකමත් ඔහුට හිමියි.. රජතුමා නිල නිවේදනේ ප්‍රකාස කලා.
    පුරෝහිතලගෙ කටවල් _කවල් වගේලු. ඇයි ඉතිං උංනෙ රටේ පඩිවරු. පඩියන්ටත් බැරි ප්‍රස්නවලට නිකංම නිකං ගොපල්ලෙක් උත්තර දීලා රටේ රජකමත් ගත්තා. දැං ඉතිං මොනව කරන්නද..? කොහොම උණත් මූනෙ දැං රජා.

    දින කීපයකට පස්සෙ.. අබිසේක මංගල්ල පදවි ප්‍රාප්ති උස්සව එහෙම ඉවර වෙලා ටිකක් නිවාඩු පාඩු ආපු වෙලාවක් බලල පුරෝහිතල ගියාලු රජතුමා හම්බෙන්ඩ. රජා දැං රිටයඩ්..
    තරහ අවසර රජතුමනි, ඔබතුමා අහපු හස්ත සංඥා ප්‍රස්න අපට නං තේරුනේ නෑ. අපට ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? රජතුමා උගුර එහෙම පාදල තමන්ගෙ ප්‍රස්න ටික විග්‍රහ කරාලු පුරෝහිතලට..

    මම එක ඇගිල්ලක් උස්සල ඇහුවෙ මේ ලෝකෙ එක් මනුෂ්‍යෙයක් නිර්මාණය වෙන්නෙ කොහොමද කියල.. හරිනෙ… ගොපල්ල (දැං රජා) ඒක දැනං ඉදල තියනවා. මිනිහා ඒ ප්‍රස්නෙට ඇගිලි දෙකක් ඉස්සුවනෙ. එක මිනිහෙක් නිර්මාණය වෙන්න දෙන්නෙක් එපෑ..
    එතකොට ඇගිලි දෙකක් උස්සල මං ඇහුවෙ දෙන්නෙක් එකතු වුනාම මොකද වෙන්නෙ කියල..

    එතකොට ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුව. උත්තරේ හරියට හරි.. දෙන්නෙක් එකතු වෙනකොට තුන්දෙනෙක් වෙනවනෙ..
    මගේ අන්තිම ප්‍රස්නෙ මං ඇහුවේ මේ ලෝකයම පවතින්නෙ මොකක් මතද කියල..

    ඇත්ත නේන්නං …. xxx එකෙන්නෙ. ගොපල්ල හස්ත සංඥාවෙන් ඒක කිව්වනෙ..


    ඕං දැං පුරෝහිතලට ආයෙත් ප්‍රස්නයක් මතු වුණාලු ගොපල්ල මේ හැම එකක්ම නිවැරදිව දැනගත්තෙ කොහොමද කියල.. ඉතිං ගියාලු ගොපල්ල (රජා) හම්බවෙන්ඩ. ගිහිං බොහෝම බය පක්සපාතව ඇහුවලු අර ප්‍රස්නවලට එහෙම නිවැරදිව පිළිතුරු දීපු රහස මොකද්ද කියල.
    රජ වුනත් ගොපල්ල ගොපල්ලමයිනෙ.. ඌ ඉතිං උගෙ සුපුරුදු කෂඩ තාලෙන්ම උත්තර දුන්නලු.

    අනේ යකෝ…! තොපේ රජා තමා .. රජා… ඌ මගෙන් මාර ප්‍රස්නනෙ ඇහුවෙ..?
    ඌ මගෙන් ඉස්සෙල්ලම ඇහුව එක හරකෙක් දෙනවද කියල. මොනව වුනත් මූ රජා හින්ද මං කිවව දෙන්නෙක්ම දෙන්නං කියල. මූ ඒ පාර තව දෙන්නෙක් ඉල්ලුව. ඒත් කමක් නෑ.. රජානෙ.. මං ඉතිං කිව්ව තව තුන්දෙනෙක්ම දෙන්නං කියල. මෙන්න බොලේ මේ ගොං රජා ඒ පාර මගෙන් පට්ටියම ඉල්ලුවා. එවෙලෙ ඌට දෙන්න ඕන උත්තරේ තමා මං දුන්නෙ….

    බුකියෙන් උස්සන ලදී

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    1373.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කතාව නම් අහල තියනව , එත් උබ ලස්සනට ලියල තියනව.

    rep+
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔය කතාව නම් අහල තියනව , එත් උබ ලස්සනට ලියල තියනව.

    rep+
    ස්තුති වේවා.....:)
    ලියපු කෙනාට මේ රෙප් එක අනුමෝදම් වේවා.
     
    Last edited: