උඹ හරි මචං. ඕක තමයි වෙන්න පුලුවන් ඉදිරි කාලය තුලදි. දැන් තමයි අරගලය පටන් ගන්නේ. ඒත් මිනිස්සු හිතන් ඉන්නේ තමන් දිනුම් කියලා. නෑ.. පරාදයි. ඉදිරියේදී එන ගැටලු වලට කාටවත් විසදම් නෑ. මිනිස්සු දැන් උත්සාහ කරන්නේ තමුන් කැමති එකාට බලය අරන් දෙන්න. ඒ එක්කම නිතිය දැන් මිනිස්සු තමුන්ගේ අතට අරගෙන ඉන්නේ. තමුන් කැමති දේ තමයි වෙන්න ඕන කියන තත්ත්වයට දැන් රට පත් වෙලා. විරැද්ධව මතයක් දරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. හමුදාවේ පොලිසියේ අයෙක් තමුන්ට ව්‍යවස්ථාවෙන් දිවුරැම් දුන්න නියෝග ක්‍රියාත්මක කරන්නත් බැරි තත්ත්වයන් නිර්මාණය වෙලා. රටේ පාර්ලිමේන්තුව කැබිනෙට්ටුව ජනාධිපති මේ සියල්ලෝම තමුන්ට ඕන විදිහටයි වැඩ කරන්න ඕන කියන මතයක් නිර්මාණය වෙලා. මොකක් හරි න්‍යාය පත්‍රයකට අනුව හැමදේම සිද්ධ වෙලා කියලනම් පැහැදිලියි.