Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

  • රට හදල විනය හදන්න පුලුවන්

    Votes: 16 20.3%
  • විනය හදල රටහදන්න පුලුවන්

    Votes: 63 79.7%

  • Total voters
    79

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    "Every society is three meals away from chaos"

    රටක්, වැඩුණු දේශපලන ප්‍රවාහයක් වගේ සුවිශාල පද්ධතියක් ගැන කතා කරද්දි ඉහත කෝට් එක හරි වැදගත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    විනය හදල තමයි රට හදන්න පුලුවන්...

    හැබැයි, සාමාන්‍ය මහජනතාවගෙන් නිකම්ම ඕක බලාපොරොත්තු වෙන්න බෑ...

    ඒකට ආදර්ශමත් නීතිගරුක නායකත්වයක් සහ පාලන පද්ධතියක්, හරිහමං නීති පද්ධතියක්, වැදි බන දෙසන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරන්න පුලුවන් විද්වත් මඩුල්ලක්, නීතිගරුක නිලධාරීන්...
    වගේ කාරණා ගොඩක් මූලිකව හැදෙන්න ඕනෙ...

    නැත්තං නිකම්ම කියන්නං වාලෙ තමුන්ගෙ ගැලවිල්ලට,
    "මේක 225 විතරක් අවුලක් නෙමෙයි, සමස්ත ජාතියෙ අවුලක්, රට හදන්න කලින් ජනතාව හැදෙන්න ඕනෙ"
    වගේ බයි ටෝක් දුන්නට ඕක කෙරෙන්නෙ නෑ...
     
    ඒ කියන්නෙ විනය වගේම රටත් හැදිලා තියෙන්න ඕනෙ ?

    IMO ඔය දෙක ටැන්ඩම් යන්න ඕනෙ දෙකක්. එකක් හදලා අනික හදන්න බැහැ. එකක් හදනකොට අනිකත් හදන්න ඕනෙ. දෙකම, එකිනෙක පෝෂණය කරමින් ඉන්ෆ්ලුවන්ස් කරමින් වර්ධනය වෙන්න ඕනෙ. ප්‍රතිපත්ති වගේම පුද්ගල වර්ධනයත් තිබිය යුතුයි. එහෙම නොවුනොත් එකක් මත අනෙක කඩා වැටෙනවා.

    ඒ වගේම, ඔය දෙකම රිලේ එකක් වගේ. කරලා ඉවර වෙලා හති අරින්න බැහැ. කාලයේ තාලයට අනුගත වෙමින් ඔය දෙකම වෙනස් වෙවී ඉදිරියට යන්න ඕනෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සුද්දෙක් කියපු කතාවක්.

    ඌ කියන හැටියට ලොකුම අවුල අපේ උන් ඉන්ඩිපෙන්ට් නැති එක.

    අවුරුදු 25ක් 30ක් වෙනකන් අම්මලා තාත්තලාගෙන් කකා ඉන්නවා. රස්සාවක් කරද්දිත් ඒ අස්සෙම රිංගගෙන ඉන්නවා. තමුන්ගේ දියුණුවක් ගැන හිතලා වැඩ කරන්නේ නෑ. ඊටපස්සෙ ඌට දෙයක් කරගන්න පුලුවන් කාලෙ වෙද්දි වැඩිහිටියන්ව බලන්නත් ඕනෙ. තමුන්ගේ ළමයින්ට 25 30 වෙනකන් කන්න දෙන්නත් ඕනෙ. එතකොට ජීවිතේම අනුන්ගෙන් යැපිලයි අනුන්ට හම්බ කරලයි.

    අනිත් එක සෙක්ස් නැති ස්ට්‍රෙස් එකලු.

    වේලි වේලි ඉන්නවලු. අරක මේක. ඒක නිසාවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙයිලු. ඌ ඒ කාලෙ මගෙනුත් අහනවා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කද ඉන්නෙ කියලා. මම කිව්වම මාව ගෙදරින් එලවයි කිව්වම. ඉතින් පලයන් ගිහින් අපාර්ට්මන්ට් එකක් හොයන් මිනිහෙක් වෙයන්ලු.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)

    මේක තමයි හරි
    විනය සංස්කෘතිය වගේ ඒව පහල වෙන්නෙ ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට ආපු සමාජ වල
    මූලික අවශ්‍යයතා ටික හරියට සපුරගන්න බැරි රටවල් වලින් අර යුරෝපියන් රටවල තියන සමාජ විනය බලාපොරොත්තු වෙනව කියන්නෙ මෝඩ වැඩක්

    නිකන් හිතපන් මෙහෙ කිසි විනයක් නැති උන් හොද රටකට ගියාම ඒ රටේ විදියට විනයක් ඇතුව හැසිරෙනවා.
    උන් රට යද්දී විනය හදාගෙන ගියා නෙවෙයි නේ.
    ඒ රටේ විදියට උන්ට ඒක නිකන්ම එනව.
    පිස්සු කෙලින රටක ඉන්න උන්ගෙන් එහෙම විනයක් බලාපොරොත්තු වෙන්න එපා.
    100 % Agreed.

    රටක් හරියට දියුනු වුනාම හරි සිස්ටම් එකක් ඇතුව රන් වෙනකොට මිනිස්සුන්ගේ විනය හැදෙනවා. මිනිස්සු ඒකට අනුගත වෙනවා. උදාහරනයක් විදියට සිංගපූරුවේ ලිෆ්ට් එකට, එස්කලේටර් එකට ගොඩ වෙන්න පවා මින්ස්සු පෝලිමට යන්නේ. එස්කලේටර් එකේ දකුනු පැත්ත ඉඩ තියෙනවා ඉක්මනට යන්න ඔනේ අයට යන්න. කදේ දාගෙන වම දකුන දෙකම බ්ලොක් කරගෙන යන්නේ නෑ. වෙන රටකින් ආවා කියලා ගාල කඩාගත්ත පිස්සෝ වගේ හැසිරෙන්නේ නෑ බස්, කෝච්චි, ලිෆ්ට් වලට ගොඩ වෙන්න. මිනිස්සු බහිනකන් දොරෙන් දෙපැත්තට වෙලා ඉන්නවා. ඒ විදියට විනය හැදෙන්න හරිහමන් විදියට රට දියුනු වෙන්න ඔනේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක.
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    සුද්දෙක් කියපු කතාවක්.

    ඌ කියන හැටියට ලොකුම අවුල අපේ උන් ඉන්ඩිපෙන්ට් නැති එක.

    අවුරුදු 25ක් 30ක් වෙනකන් අම්මලා තාත්තලාගෙන් කකා ඉන්නවා. රස්සාවක් කරද්දිත් ඒ අස්සෙම රිංගගෙන ඉන්නවා. තමුන්ගේ දියුණුවක් ගැන හිතලා වැඩ කරන්නේ නෑ. ඊටපස්සෙ ඌට දෙයක් කරගන්න පුලුවන් කාලෙ වෙද්දි වැඩිහිටියන්ව බලන්නත් ඕනෙ. තමුන්ගේ ළමයින්ට 25 30 වෙනකන් කන්න දෙන්නත් ඕනෙ. එතකොට ජීවිතේම අනුන්ගෙන් යැපිලයි අනුන්ට හම්බ කරලයි.

    අනිත් එක සෙක්ස් නැති ස්ට්‍රෙස් එකලු.

    වේලි වේලි ඉන්නවලු. අරක මේක. ඒක නිසාවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙයිලු. ඌ ඒ කාලෙ මගෙනුත් අහනවා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කද ඉන්නෙ කියලා. මම කිව්වම මාව ගෙදරින් එලවයි කිව්වම. ඉතින් පලයන් ගිහින් අපාර්ට්මන්ට් එකක් හොයන් මිනිහෙක් වෙයන්ලු.
    Meka 1000% sira bro ! mn developing countries wala thwamt develop nowenna hethuwa bluwa, oy hama developing ratkama podu prshne eke society eka, minissu independent na, minisunta thama thamnge nidahsa na, mentally strong nidahs nati minisunt alut adhas/ akalpa enne khmd?

    මිනිස්සු ගත්තහම දියුණු රටක උනත් නොවුනත් මිනිස්සු මිනිස්සුම තමා, අපේ පොදු ගතිය තමා, විනයක් නැතිව මනසට පහසු දේ කරගෙන ඉන්න එක. ඒක කාටත් පොදුයි. ඔය us, europe උනුත් අපේ වගේම තමා, හැබැයි වැදගත්ම දේ එහේ තියන ඉහල නීති පද්ධතිය, නීති කැඩුවොත් මාර දඩ. ඉතින් උන් ඒවාට බයයි. ඕවා ටික කාලයක් යනකොට ඉබේටම සමාජෙට පුරුදු වෙනව මුල් කාලේ අමාරුයි, විරුද්ධ වෙයි. ඔය මෙහෙ උන්, indian , pak උනුත් එහේ ගිහින් හරියට ඉන්නේ ඒ නීති පද්ධතියට තියන බය නිසා .

    ** හැබැයි මූලික් අවශ්‍යතාවන් ටිකවත් සපුර ගන්න බැරි නම් එතන මිනිස්සුන්ගේන් විනය සදාචාරාත්මක බව කොහොමත්ම හොයාගන්න නෑ. ඔය ඔක්කොම යටයි මිනිස්සු surrive වෙන්න දගලද්දි,
    ------ Post added on Jul 11, 2022 at 8:34 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඒ කියන්නෙ විනය වගේම රටත් හැදිලා තියෙන්න ඕනෙ ?

    IMO ඔය දෙක ටැන්ඩම් යන්න ඕනෙ දෙකක්. එකක් හදලා අනික හදන්න බැහැ. එකක් හදනකොට අනිකත් හදන්න ඕනෙ. දෙකම, එකිනෙක පෝෂණය කරමින් ඉන්ෆ්ලුවන්ස් කරමින් වර්ධනය වෙන්න ඕනෙ. ප්‍රතිපත්ති වගේම පුද්ගල වර්ධනයත් තිබිය යුතුයි. එහෙම නොවුනොත් එකක් මත අනෙක කඩා වැටෙනවා.

    ඒ වගේම, ඔය දෙකම රිලේ එකක් වගේ. කරලා ඉවර වෙලා හති අරින්න බැහැ. කාලයේ තාලයට අනුගත වෙමින් ඔය දෙකම වෙනස් වෙවී ඉදිරියට යන්න ඕනෙ.
    හරිම කතාව....👍👍👍
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එකක් ඉස්සෙල්ල අනික පස්සෙ කියල වෙන්නෙ නෑ. දෙමකම සමාන්තරව යන්න ඕන. කොහොමත් රට හදනවා කියන්නෙ විනයත් ඒ එක්කම හැදීගෙන එනවනෙ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මේක තමා මගෙත් අදහස.

    රටවල් අරගෙන බැලුවොත් ඒ ඒ රටවලට ආවේණික වෙච්ච විනයක් තියෙනව මිනිස්සුන්ගෙ,

    උදාහරණයක් විදියට 1800 ගණන්වල ඇමරිකාව සහ අද ඇමරිකාව
    එතකොට වචනයක් එහෙමෙහෙ උනත් මිනිස්සු මරාගත්ත අද වෙනකොට එහෙම නෑ. මිනිස්සු ටික ටික වෙනස් වෙනකොට රටත් ඒකට අනුව වෙනස් උනා.

    හැබැයි ඕකට වෙනස් උදාහරණයක් ඕස්ට්‍රෙලියාව එහෙට ගිහින් දැම්මෙ එන්ගලන්තෙ වැරදිකරපු අය උන් එහෙට ගිහින් ඒ රටේ විනයට අනුව ජීවත් වෙන්න උනා එතකොට රට හදල තමා උන්ව ගෙනාවෙ ඊට පස්සෙ උන් රටේ හැටියට වෙනස් උනා
    americawe unge vinayak kiala ekak thiyenavada bn?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Statistics වල කියමනක් තියෙනව law of truly large numbers කියල. "When the number is big, everything is possible"

    (මේකෙ තේරුම අරගලයට අදාලව ගත්තොත් මිලියන ගානක මිනිස්සු රැස්වෙද්දි එතන හොරෙක් කඩාකප්පල්කාරයෙකුත් ඉන්න එක නවත්තන්න බෑ)