රට_සල්ලි_බද්ද

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මොනම ආණ්ඩුවකින්වත් කරපු නැති සක්කිලි වැඩක් බන් මේ. සල්ලි එවන්නේ නැතුව ඉන්න බෑ ගෙවල් වල මිනිස්සු කාල බීලා ඇදලා ජීවත් වෙන්න ඕන. ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වගේ තුච්ච නින්දිත ආණ්ඩුවක් තියෙන්න නැතුව ඇති දුක් විදින මිනිහගේ පොකට් එකට විදින. අපිත් කාලකණ්නි උනා මේ වගේ ජරා ජාතියක් ඉන්න රටක ඉපදෙන්න :no::angry:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මොනම ආණ්ඩුවකින්වත් කරපු නැති සක්කිලි වැඩක් බන් මේ. සල්ලි එවන්නේ නැතුව ඉන්න බෑ ගෙවල් වල මිනිස්සු කාල බීලා ඇදලා ජීවත් වෙන්න ඕන. ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වගේ තුච්ච නින්දිත ආණ්ඩුවක් තියෙන්න නැතුව ඇති දුක් විදින මිනිහගේ පොකට් එකට විදින. අපිත් කාලකණ්නි උනා මේ වගේ ජරා ජාතියක් ඉන්න රටක ඉපදෙන්න :no::angry:

    Boruwata kegahanne nethuwa thread aka kiyawala balapan
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක පුරාෙජ්රු කතා දැන් අවසන්ය. හවුල් ආණ්ඩුවේ ආර්ථීකය භාරව තිඛෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. අවුරුදු දෙකක් ආණ්ඩු කළ තැන දැන් කි්‍රයාවෙන් ඔප්පු කර තිඛෙන්නේ තවදුරටත් පුරාෙජ්රු කතාවලින් කළ හැකි දෙයක් නොමැති බවය. එසේ වුවත්, ජනතාව රවටාගැනීම සඳහා ආර්ථීකය සම්බන්ධයෙන් චුයින්ගම් කෑල්ලක් ගැන සිහින, ජනතාවට නො දෙන්නේද නොවේ. 2015 ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවේදී ආර්ථීකය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින්, අගමැති රනිල් එවැනි චුයින්ගම් සිහිනයක් ජනතාව ඉදිරියේ තැබීය.

    එයින් කියවුණේ පොදු ජනතාව මත පටවා තිඛෙන අසීමිත ණය බර අඩු කරන බවය. නිකම්ම වචනවලින් නොව සංඛ්‍යාත්මකවත් එය කීය. පොදු ජනතාව මත පටවා තිඛෙන මුළු බදු ආදායමෙන් සියයට 80ක් වූ වක්‍ර බදු ප්‍රමාණය සියයට 60 දක්වා අඩු කරන බවය. එයට ප්‍රතිපක්ෂව ඉහළම ආදායම් ලබන පන්තිය මත පනවා තිඛෙන සියයට 20ක් පමණ වූ බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට 40ක් දක්වා ඉහළ දමන බවද කීය.

    නව මුදල් ඇමති ලෙස මංගල සමරවීර පත් කළ ආසන්නයේ එම කතාව නැවත ප්‍රතිවාදනය කර තිබිණි. මේ ලෙස සිහින මැවීම් ජනතාව ඉදිරියේ තවදුරටත් තිඛෙන්නේය. රනිල්ගේ මෙම බදු නීතිය ගැන ‘ලංකා’ මෙයට පෙර කීප වරක්ම සිහිපත් කර තිබේ. හීනය එසේ වන විට යථාර්ථය වී තිඛෙන්නේ පොදු ජනතාව මත පටවා තිඛෙන බදු ප්‍රමාණය මුළු ආදායමෙන් සියයට 90ක ආසන්නයට ඉහළ දමා ඉහළම ආදායම් ලබන පිරිසගෙන් අය කරන සෘජු බදු ප්‍රමාණ්‍ය සියයට 10ක් පමණ දක්වා පහත හෙළීමය. මෙම සටහන ඔබ කියවන විට 25 වැනිදා අලූත් දේශීය ආදායම් බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මූලික හරයෙන් ගත් කල එහි පදනම වන්නේ රටේ ජනතාව මත තවත් කුමන හෝ ප්‍රමාණයකින් බදු බර ඉහළ දැමීමය.

    පොදුවේ පවතින එම තත්ත්වය තුළ විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු කරුණු කීපයක් තිබේ. කලා නිර්මාණ සහ සාහිත්‍ය පොතපත මුද්‍රණය මත බදු පැනවීමට යෝජනාව එකක්ය. එයටත් වඩා විශේෂ බදු බරක් මෙහි අන්තර්ගත කර තිබේ. ඒ සෘජු බදු ඉහළ දැමීමට අදාළවය. මාසික ආදායම මත කුමන හෝ බදු ප්‍රමාණයක් පැනවීමට මානබැලීමය.
    මෙයට එරෙහිව රටේ මතු වූ විරෝධය හමුවේ කිසියම් සංශෝධනයක් 25 වැනිදා ඉදිරිපත් කරන කෙටුම් පතේ තිබිය හැකිය. නමුත්, මෙයටත් වඩා බරපතළ ලෙස ඉලක්ක කළ පිරිසක් සිටිති. ඒ විදේශ රැකියා නියුක්තිකයන්ය.

    විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණ දැයි නිවැරදි සංඛ්‍යා රජය සතුව නොමැති බව පැහැදිලිය. ඒ පිළිබඳවද ‘ලංකා’ මෙයට පෙර කීප වරක් හෙළි කර තිබිණි. 2010 මහ බැංකු වාර්තා අනුව මුළු විදේශ සේවා නියුක්තිකයන් සංඛ්‍යාව ලක්ෂ 19ක් වී තිබිණි. නමුත්. පසුගිය ජුනි මාසයේ විදේශ රැකියා ඇමතිවරිය පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබුණේ එම මුළු සංඛ්‍යාව ලක්ෂ 11ක් බවය. රජය සතුව නිල වශයෙන් මේ අය ගැන සංඛ්‍යා නොමැති වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කෙරෙහි දක්වන සැලකිල්ලේ තරමය. දැනට තත්ත්වය එසේ වුවත්, ආණ්ඩුවට ඔවුන්ගෙන් සූරාකෑමට සූදානම් වන බදු ප්‍රමාණය නම්, සුළුපටු නොවේ.

    විදේශ රැකියා නියුක්තිකයන් පසුගිය 2016 වසරේදී මෙරටට එවා ඇති ආදායම රුපියල් කෝටි එක්ලක්ෂ පන්දහස් හාරසිය හතළිස්නවය (රු. කෝටි 1,05,449)ක් වී තිබිණි. මෙම මුදල් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. 2014 වර්ෂය තුළ ඔවුන් මෙරටට එවා තිඛෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 91,634ක් වී තිබිණි.

    2015දී එය රුපියල් කෝටි 94,895ක් වී තිබී ඇත. මෙලෙස වසරින් වසර ඉහළ යමින් තිඛෙන ආදායම් මාර්ගයක් මත බදු පැනවීමට හවුල් ආණ්ඩුව අවධානය යොමු කර තිබේ.
    විදේශ රැකියාවන්හි නියුක්ත මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෑත දී ඇමතිවරිය හෙළිකළ සංඛ්‍යා අනුව ගතහොත්, ලක්ෂ 11ක් බව පැහැදිලිය. වාර්ෂික විදේශ රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව ලක්ෂ දෙකහමාරක් හෝ තුනක් අතර වේ. 2014දී තුන්ලක්ෂ හත්සිය තුන් (3,00,703) දෙනෙකු, 2015 වසරේදී දෙලක්ෂ හැටතුන් දහස් හාරසිය හතළිස්තුන් (2,63,443) දෙනෙකු සහ 2016 වර්ෂයේදී දෙලක්ෂ හතළිස් දෙදහස් නවසියතිස් (2,42,930) දෙනෙකු වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

    ආර්ථීකය පිළිබඳ විශ්වකර්ම වැඩ කිරීම ගැන ජනතාවටදී තිඛෙන බොරු පොරොන්දුවලින් පසුව හිඟා නොකා බැරි වුණු තැන ‘ලගී ගයා මර ගී’ කීවා සේ දැන් ආණ්ඩුව අන්තිම විසඳුමකට අත ගැසීමට සූදානම්ය. ස්ථාවර වශයෙන් ලක්ෂ දෙකහමාරකට වැඩියෙන් විදේශ
    රැකියා කරා ඇදී යන පිරිස උපයා එවන ආදායම් මත බදු පැටවීමය. ආරම්භයේදීම මෙය ලක්ෂ 11ක් මත අනිවාර්යයෙන්ම පැටවීමට නියමිත බරක්ය. දේශීය ආදායම් බදු පනතේ මූලික හරයෙන් ගත් කල කිසියම් හෝ බදු ප්‍රමාණයක් පුළුල් ජනතාවක් මත පටවා ඒ මගින් බදු ආදායම් ඉහළ දමා ගැනීමේ අරමුණට මෙය ඉතා හොඳින් ආදේශ කළ හැකිය. එක් වරම ලක්ෂ එකොළහක් මත බදු පනවන්නේ ඒ අරමුණින්ය.

    මෙම තත්ත්වය හමුවේ විදේශ රැකියා නියුක්තිකයෝ කැළඹී සිටිති. මෙම බදු පැනවීම සම්බන්ධයෙන් විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ඕමානයේදී ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කළ විට මුලදී ප්‍රකාශ කර තිබුණේ මේ ප්‍රචාරය අසත්‍යයක් බවය. නිකම්ම නොව හඳුන්නෙත්තිගේ බොරුවක් බවය. නමුත්, යෝජිත දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතේ වගන්ති උපුටා දක්වමින්, ප්‍රශ්න කළ විට ඔහු නිරුත්තර වී ඇත. බේරීමට ප්‍රකාශ කර තිබුණේ එවැනි අහිතකර වගන්ති තිඛෙන්නේ නම්, සංශෝධනය කරන බවය. කට වචනයෙන් එසේ කියා බේරී ගියද, එහි සත්‍ය තත්ත්වය හෙළි වන්නේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය.

    කුමන දහංගැටයක් ගසා හෝ විදේශ රැකියා කරන්නන් මත බදු පනවන්නේ නම්, ආණ්ඩුව සිදු කරන්නේ මහා ජාතික අපරාධයක්ය. එහි තරම වන්නේ රුපියල් කෝටි ලක්ෂයකට අධික විදේශ විනිමය ආදායම් රටට අහිමි කිරීමේ අනතුරය. එය සිදු වන්නේ විදේශ විනිමය වශයෙන් මෙරටට එවනු ලබන ඩොලර් මිලියන 7,242ක් පමණ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වී යාමේ අනතුරය. 2014දී ඩොලර් මිලියන 7,018ක්, 2015දී ඩොලර් මිලියන 6,980ක් සහ 2016දී ඩොලර් මිලියන 7,242ක් වශයෙන් විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට එවා ඇත. රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීම් මාර්ගය වී තිඛෙන්නේ අපනයන භෝග හෝ ඇඟලූම් නිෂ්පාදනය හෝ නොව විදේශ
    රැකියා නියුක්තිකයන් එවනු ලබන මුදල්ය.

    එම මුදල් ‘ලගී ගයා මර ගී’ ආණ්ඩුව විසින් බදු පැනවීමෙන් සිදු වන්නේ එම බදු දැලෙන් රිංගා යාමට විදේශ රැකියා කරන්නන් උත්සාහ කිරීමය. විදේශ විනිමය ජාවාරම්කරුවෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට ඉතා විශාල ඉඩකඩක් ආණ්ඩුව විසින් විවෘත කර දීම මේ බදු පැනවීම මගින් සිදු කෙරේ. අවසානයේ සිදු වන්නේ මෙරටට දැන් ලැඛෙමින් තිඛෙන විදේශ විනිමය ප්‍රමාණය කඩාවැටීමය. ඒ ආර්ථීකමය වශයෙන් රටට කරන ජාතික අපරාධයක්ය.

    අනෙක් පැත්තෙන් විදේශ රැකියා කරන්නන් මත බදු පනවන්නේ ආණ්ඩුවේ තිඛෙන තිරශ්චීනභාවය පෙන්වමින්ය. මේ රටේ ආදායම් මාර්ගයක් නොමැති වීමෙන් විදේශ රැකියාවලට පිටත්ව යන්නේ අසීමිත දුක්ගැහැට විඳිමින්, කීයක් හෝ අවුරුදු දෙකක් තුළ හරිහම්බ කරගෙන ආපසු ඒමටය. එම කාලය තුළ ඔවුන් උසුලන්නේ මිහිපිට මිනිසුන් දැරිය යුතු වදවේදනා නොවේ. එවැනි වදවේදනා අත් නොවන්නන් දරන්නේ ද සුළුපටු වියෝ දුකක් නොවේ. මෙවැනි වූ පිරිසක් උපයා ගනු ලබන ආදායම් මත බදු බර පටවන කාලකණ්ණි නරුම ආණ්ඩුව පළවා හැරීම මිස ඉන් මෙහා කිසිදු විසඳුමක් නම් ඇත්තේම නැත.

    ඉන්ද්‍රසිරි ජයසුන්දර


    http://lankairida.lk/2017/08/29/විදෙස්-ගත-ශ්‍රමිකයන්-දෙව/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    aye ubata kiyanna thiyenne man issella kiyapu aka thama...
    riliable source link akakuth thiyanawa

    අනේ පලයන් බන් යන්න.උබ හිතුවද ආණ්ඩුව කරන හැම එකක්ම එළිපිට කියනවා කියලා?කලින් ගහපු බදු වලටත් එහෙම කරාද?තුවාලේ තියෙන එකා විතරයි තුවාලේ වේදනාව දන්නේ.උබ නිකන් මේ ආණ්ඩුව සුද්ද කරන්න හදනවා තවත්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොනම ආණ්ඩුවකින්වත් කරපු නැති සක්කිලි වැඩක් බන් මේ. සල්ලි එවන්නේ නැතුව ඉන්න බෑ ගෙවල් වල මිනිස්සු කාල බීලා ඇදලා ජීවත් වෙන්න ඕන. ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වගේ තුච්ච නින්දිත ආණ්ඩුවක් තියෙන්න නැතුව ඇති දුක් විදින මිනිහගේ පොකට් එකට විදින. අපිත් කාලකණ්නි උනා මේ වගේ ජරා ජාතියක් ඉන්න රටක ඉපදෙන්න :no::angry:



    බොරුවට කෑගහන්න එපා බන්.පොලියට බද්දක් න්හේ ගහන්නේ. (ඇයි බන්ලංකාවේ වැඩකරන උන්ගේ පඩියෙන් ටැක්ස් එකක් ගෙවනවා මම හිතන්නේ අවුරුද්දේ ආදායම ලක්ශ 5 ට වැඩි අයට ) . රට ඉන්න උන්ට ඒ මුකුත් නැහැ. අනික බදු ප්‍රතිපත්ති වල සමානාත්මතාවයක් තියෙන්න ඔනා.. :baffled::baffled::baffled::baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බොරුවට කෑගහන්න එපා බන්.පොලියට බද්දක් න්හේ ගහන්නේ. (ඇයි බන්ලංකාවේ වැඩකරන උන්ගේ පඩියෙන් ටැක්ස් එකක් ගෙවනවා මම හිතන්නේ අවුරුද්දේ ආදායම ලක්ශ 5 ට වැඩි අයට ) . රට ඉන්න උන්ට ඒ මුකුත් නැහැ. අනික බදු ප්‍රතිපත්ති වල සමානාත්මතාවයක් තියෙන්න ඔනා.. :baffled::baffled::baffled::baffled:

    mole tiyana ekek dannawa ban oya kata practical ne kiyala. boruwata page ekak dala eke lokuwata aran kiyawanne goda nugath moda harak tamai
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    middle east වල ලංකාවේ අය ඉන්නවා බැංකු වල වැඩ කරන,ඉන්ජිනියර්ලා. middle east වල වැඩ කරනවා උන්ගේ රටට වඩා පඩියක් middle east වල උන්ට හම්බවෙන නිසා.:oo:

    Educated aya middle east yanne nan unta wena ratakata gihin field ekema job 1 hoyaganna beri nisa.

    Freelancing karana ewuntath kelawena seen ekak neda 5% tax gahanawa nan. Lankawata 500$ genawoth 25$ tax ne :shocked::lol: eetapasse oya 475$ account 1 thienakota eke poliyatath 5% gane tax ekak bank eke salli thienakan.

    Oya widiyata beluwama ekama salli pramanyata unlimited tax ne ban :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Educated aya middle east yanne nan unta wena ratakata gihin field ekema job 1 hoyaganna beri nisa.

    Freelancing karana ewuntath kelawena seen ekak neda 5% tax gahanawa nan. Lankawata 500$ genawoth 25$ tax ne :shocked::lol: eetapasse oya 475$ account 1 thienakota eke poliyatath 5% gane tax ekak bank eke salli thienakan.

    Oya widiyata beluwama ekama salli pramanyata unlimited tax ne ban :lol:

    are you believing this crap ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    mole tiyana ekek dannawa ban oya kata practical ne kiyala. boruwata page ekak dala eke lokuwata aran kiyawanne goda nugath moda harak tamai

    අනේ ඔව් ආණ්ඩුව කියන කියන පැත්තට හැරිලා ඇරගන්න උබලා තමා උගත්තු.:lol:අනේ පල UNP වහලෝ යන්න.:lol::lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම දෑක්කා කොහෙහරි තියෙනවා EPF එක ගන්නකොට ලක්ශ 15ට වඩා වෑඩිනම් 17% ක බද්දක් ගහනවා කියලා.

    ජීවිතේට දෑක්කේ නෑ මේ වගේ තිරිසන් ආන්ඩුවක්. මුන්ට සහ මුන්ගෙ පරම්පරාවටම හෙන ගහන්න ඕන.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    මම දෑක්කා කොහෙහරි තියෙනවා EPF එක ගන්නකොට ලක්ශ 15ට වඩා වෑඩිනම් 17% ක බද්දක් ගහනවා කියලා.

    ජීවිතේට දෑක්කේ නෑ මේ වගේ තිරිසන් ආන්ඩුවක්. මුන්ට සහ මුන්ගෙ පරම්පරාවටම හෙන ගහන්න ඕන.

    වැඩේ කියන්නේ මුන් මොන බලු වැඩේ කරත් මුන්ව සුද්ද කරන්න උන්ගෙම වහල්ලු ටිකක් උන් ජාතක කරපු එකනේ.:(