රණවිරුවෙකුගෙ දිනපොතේ පිටුවක්....

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    රණවිරුවෙකුගෙ දිනපොතේ පිටුවක්....

    රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

    18 මැයි 2010, අඟහරුවාදා.

    අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න,
    මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය අව්ව නිසාත් මම මේ බස් එකේම යනවා කියල හිතුවා.රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දය වැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රන්මලක් ලෙස කියන ගීතය,හිතට ලොකු සතුටක් ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත් කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා,මට ලොකු ආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින් මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා
    "කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..". යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුනා ඒ මගේ ආබාධය නිසා.
    බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාව තවත් දරාගැනීමට බැරි උනා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා.මම ළඟ උන් කෙනෙක්ට හෙමීට කොදුරලා ",මම ඉස්සර ෆොර්cඑස් හිටියේ අයියේ, මටකකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න " කියලා ...ඔහු නිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුනා..ඇයගෙන් ද මමඇහුවා "අපිත් අමාරුවෙන් අල්ලගත්තේ" මම හුගාක් අසරණ උනා..හේතුව මම කාටවත් කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.

    දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත්වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
    බලාපොරොත්තුවෙන් නොවේ. නොදිදා ගත කල රාත්‍රී ,අවිගත් දෑත් නොදුටුමහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහිපැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන් .. . සැවොම මාගේමවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් . කොහොම නමුත් මේසිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..මොහොතකින් මා පිටතපරිසරයට නෙත් යොමු කලා..බසය පානදුර නගරයට ලගා වෙලා..මාගේ නැවතුම්පලට තරමක්දුර වුනා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කලතරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා
    .බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු දෙය කියන්නට මට ඕන උනා.

    මම ඒ පුද්ගලයා දිහා බැලුවා " අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා"

    ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා.

    හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේයුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරු ත්‍රස්තවාදය තුරන් කල පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේරදවා ගනිමින්


    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි


    :shocked::shocked::shocked:
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මේක ඈත්තක්ද බොරුවක්ද කියලනම් මම දන්නේ නෑ...:nerd::nerd:
    ඒ උනත් ගොඩක් අය බස් වල යනකොට අහක බලා ගන්නවා :no: ඔය වගේ කෙනෙක් දෑක්කාම....:baffled::oo: ඒ වගේ උන්ටනම් හේන ගහලත් මදි.. :frown::no:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මේක ඈත්තක්ද බොරුවක්ද කියලනම් මම දන්නේ නෑ...:nerd::nerd:
    ඒ උනත් ගොඩක් අය බස් වල යනකොට අහක බලා ගන්නවා :no: ඔය වගේ කෙනෙක් දෑක්කාම....:baffled::oo: ඒ වගේ උන්ටනම් හේන ගහලත් මදි.. :frown::no:

    sirawata machan :sorry:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් වෙලාවට වෙන්නෙ
    මේ වගේ කියාගෙන බොරු කාරයො එන නිසා
    මිනිස්සු එකයි ගොඩක් වෙලාවට ඔයවගේ දේවල් වලට ඇහුම් කන් දෙන්නෙ නැත්තෙ

    සමහර විට ඔහූ රනවිරුවෙක් කියල කලින් ඒ අය දන්නවනම්,මම හිතන්නෙ නැ කවුරුවත් ඉඩ නොදී ඉඳී කියල
    මිනිස්සුන්ගෙ රනවිරුවන් කරා තියෙන සැලකිල්ල අඩුවෙලා තිබුනත්
    මම හිතන්නෙ නැ මෙච්චරටම අඩුවෙලා ඇති කියල
    මොකද අපේ රටේ ඉන්න බහුතරයක් ම
    කලගුන දන්න මිනිස්සු...!

    :yes::yes::yes:
    ස්තූතී මෙය අපිට පෙන්නන්න සැලැස්වුවට..!

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක ඇත්ත සිද්දියක් නම් බොහොම දුකයි
    අපිත් බස් වල යනව
    මෙච්චර කාලෙකට ඔහොම එකක් දැකල නැහැ
    වෙන්න දෙන්නෙත් නැහැ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    sira godak dukai !... kiywaddi mata godak duka hithuna!... matath dawas ganaka kakul abadayak thibba dennda kiuwama dunna ?

    ane manda mehama deyak wela thiyanawada ?