බද්දක් ගහල හරි , දඩයක් ගහල හරි වෙන මොන නීතියක් දාල හරි පරිසරයට ෆැක්ටරි වලින් කාබන් එකතු වෙන එකට දේවල් කරන එක හොදයි .
මෙන්න අපේ කාබන් සටහන්. වැඩිමනත් වියදම වෙන්නේ කොතනින්ද පේනවානේ? -12%ක් අඩුත් වෙලා වාර්ෂිකව දැනට. ඒකෙන්ම පේනවා ඒ අඩුවටත් බලපාන්න ඇත්තේ තෙල් අර්බුධය කියලා. ට්‍රාන්ස්පොට් හා විදුලිය කොච්චර රෙස්ට්‍රික්ට් උනාද මතකනේ.
රටක කර්මාන්ත හොදට දුවනවානම් මීට වඩා කර්මාන්ත විමෝචනයක් වෙන්න ඕනා. එහෙම උනානම් උබ කියන දේ හරි.
නමුත් ලංකාවේ සංඛ්‍යාලේකන වලින් පේනවා සිග්නිෆිකන්ට් කර්මාන්ත විමොචනයක් නැ, තියෙන්නෙ කරන්ට් හා ට්‍රාන්ස්පෝට් කියලා.
වැරදි තැනක වැරදි පොයින්ට් එකකට කතා කරනවා පරිසර ට්‍රැක් කාරයෝ. උත්තර හොයනවානම් හොයන්න තියනවා ලොකු ප්‍රශ්න දෙකක් ඔන්න. නමුත් කරන්නේ ඒකද?නැ.
රනිල් මේ බද්ද කතා කරන්නේ පරිසරය රකින්න තැනක නෙවෙයි. නිෂ්පාදන ගැන කතා කරන තැන.
කර්මාන්ත වලින් නෙවෙයි co2 වැඩිම ප්‍රතිශතය එන්නේ කියලා පෙනි පෙනි තියෙද්දි, කර්මාන්ත ගෙන්නේ නැතුව රටක් සංවර්ධනය කරගන්න බැ සල්ලිත් නැතුව මේ කියන ප්‍රතිපත්ති එකක් වත් කරන්නත් බැ කියලා පෙනෙද්දි
නිෂ්පාදන පොලිසියක් අස්සේ අපිට තව ග්‍රො වෙන්න බැරි කරන වගන්ති දාගෙන කිරිහොදියි බෝල්ට් ඇණයි කියලයි මෙච්චර වෙලා බොලාට කියන්නේ.
පරිසරය රකින්න එකගයි. නමුත් රකින්න ඕනා මේ වගේ විකාර විදියට නෙවෙයි.
දැනටමත් Roof top solar වලින් විතරක් 1000MW එනවා. මේ අවුරුද්දේ target එක 150MW මාස 6න් ඇවිල්ල. RE share එක දැනටමත් 50% පැනල. ඕක 70% යන එක මහා ලොකු දෙයක් නෙමෙයි Solar, wind වලින්.
LNG වලට මාරු වෙන්නේ RE නොවුනත් Coal, oil වලට වඩා clean source එකක් නිසා. අලුතෙන් coal plant, diesel plant නැතුව LNG වලට මාරු වෙන්නේ ඒකයි.
රුෆ්ටොප් සෝලා හොදයි. නමුත් ඒක එක්ස්පැන්ඩ් කරන්න ග්‍රිඩ් එකේ ප්‍රශනයක් තියනවා. උබ දන්නවානේ නේද සෝලා වල සීමා. සෝලා වලට වැඩි බරක් දෙනවානනම් නම් ස්ටේබල් ග්‍රිඩ් එකක් ඕන. අපිට ඒක නැ කියලා දන්නවානේ. එතනදි coal වගේ ඒවා අවශයයි.
මේ වගේ 70% වගේ ගනන් නැතුව හරියට බලලා සුදුසු අගයකින් කතා කරනවානම් සපෝට් එක දෙනවා.. හැබැයි ceb තියාගන් බැ. හැබැයි මු කියනවා තියාගන්නවා කියලා. එකට විරුද්දයි.
------
Post added on Aug 31, 2024 at 7:02 PM