රනිල්ට මඩ ගහන පෝස්ටර්
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස සිදුවන අයුරින් මුද්‍රණය කර තිබූ පෝස්‌ටර් තොගයක් සමඟ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ අධිකාරියකට අයත් ලොරි රථයක් සහ පුද්ගලයන් හයදෙනකු අම්පාර, උහන පොලිසිය විසින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර උහන ප්‍රාදේශීය සභාවේ (එජාප) මන්ත්‍රී එච්. යූ. සුසන්ත මහතාට ලද තොරතුරක් මත මේ මඩ පෝස්‌ටර් ප්‍රවාහනය කළ ලොරිය ඒ මහතා ඇතුළු පිරිසක් විසින් මඟ රැක සිට නවත්වාගෙන ඒ පිළිබඳ උහන පොලිසියට දන්වා තිබේ.
පසුව පොලිසිය පැමිණ මඩ පෝස්‌ටර් තොගයත් උඡ-ඡ් 5548 දරන ලොරිය සහ ඒවා ප්‍රවාහනය කරනු ලැබූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇත.
උහන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් වන එච්. යූ. සුසන්ත, ශාන්ත කුමාර, කේ. යූ. ටිකිරිබණ්‌ඩා සහ එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් එක්‌ව ලොරිය නවත්වා පොලිසියට භාරදී ඇති අතර එහි තිබූ තවත් පෝස්‌ටර් තොගයක් ගිනි තබා විනාශ කර තිබේ.
සිද්ධිය පිළිබඳව ආරංචි වී පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ද එම ස්‌ථානයට පැමිණ ඇති අතර යුරෝපා සංගමය මගින් දුන් තීන්දුවක් සම්බන්ධව මෙම පෝස්‌ටර් මගින් විපක්‍ෂ නායකවරයාට මඩ ගසා ඇතැයි ඇය කීවාය.
මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද ඇය කියා සිටියාය.
අම්පාර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එච්. කේ. බී. මහගෙදර මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි උහන පොලිස් ස්‌ථානාධිපති ප්‍රියන්ත බණ්‌ඩාර මහතාගේ උපදෙස් මත උහන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සරත් හේවාවිතාරණ, පොලිස් සැරයන්වරුන් වන (28324) විමලරත්න, (37675) සමන් කුමාර, (43095) ගාමිණී, පොලිස් කොස්‌තාපල් (24468) රංජිත් යන නිලධාරීන් විසින් මඩ පෝස්‌ටර් තොගය ද වාහනය හා රියෑදුරු සමඟ පුද්ගලයන් පස්‌දෙනකු ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආහ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ උහන පොලිසිය සිදුකරයි.
හේමන්ත රන්දුණු, දඩයම්තලාව - පී. ජයසිංහ (දිවයින)
රනිල්ට මඩ ගහන පෝස්‌ටර්
6 දෙනෙක් අත්අඩංගුවට