රනිල්ට හුහු

upCountry

Member
Nov 12, 2014
484
86
0


ඉංගිරියේ පැවැති පොදු සිරිසේන රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහට, එජාප පාක්ෂිකයින් විසින් “හූ” කියමින් උසුළු විසුළු කර තිබේ.
පිට පිට දෙවන වතාවටත් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය පිටස්තරයින්ට දීම නිසා, පක්ෂයට දර දිය ඇද්ද එජාප පාක්ෂිකයින් රනිල් ගැන පසුවන්නේ ඉමහත් කෝපයකිනි.
අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය පෞද්ගලීකරණය කළ රනිල් ඒවා ගැන කතා කිරීමත්, සාමය මුවාවෙන් රට කොටින්ට දුන් රනිල් යුද්ධය ගැන කතා කිරීමත් සමග එජාප පාක්ෂිකයින්ගේ ඉවසීමේ සීමා පැන්න අතර එහිදී ජනතාව විසින් රනිල්ව “බයිට් එකට” ගෙන ඇත.
මීට පෙරදී එජාපය විසින් ප්‍රචාරය කළේ රනිල් වික්‍රමසිංහ මැනැවින් තත්ත්වය පාලනය කරගත් බව වුවද, එහිදී “ආයිත් මම එන්නේ නෑ” කියා වේදිකාවෙන් බැස පලා යන හැටි ඔබට මෙමගින් පෙනේවි.
රනිල් පලා යන වෙලාවෙත් රැස්වීම නොසන්සුන්ව තිබෙන හැටි බලන්න…